68. Miracle

1.5K 311 59
                                    

Blood moon pack side story

ඒ සිද්ධියෙන් පස්සෙ හැමෝම ආපහු මන්දිරයට ඇවිත් සැලැස්මක් හදන්න තීරණය කලා. එයාලගෙ හතුරා කවුද කියලා කිසිම හෝඩුවාවක් එයාලට නොතිබුනත්.

ජන්ග්කුක් එයාගෙ මේට්ගෙත් නිවුන්නුන්ගෙත් තත්ත්වය ගැන ගොඩක් කනස්සල්ලෙන් පෙලෙමින් එයාගෙ අප්පගෙ ඉඩකඩ සහිත කාර්යාලයේ එහාටත් මෙහාටත් ඇවිදමින් හිටියා. හොඳටම කඩන් වැටිලා හිටපු එයාට පැත්තකට වෙලා ඇතිතරම් අඬන්න ඕන වුනත් එයා එයාගෙ උපරිමෙන් ඒක පාලනය කරගත්තේ එයාගෙ පවුල බේරගන්න ක්‍රමයක් එයාලට හිතන්න ඕන වුනු නිසා.

මේ අතරේ ජින් වගේම ජීසු ටේහ්‍යුන් අතුරුදහන් වෙලා කියලා දැනගත්ත වෙලේ ඉඳන් අඬන එක නැවැත්තුවෙ නෑ. ඇත්තටම ටේහ්‍යුන් කියන්නෙ සඳ දෙව්දුවගෙ පුතා කියලා එයාලා දන්නවා වුනත් තාමත් එයාලට නම් ඔමේගා කියන්නෙ එයාලගෙ මල්ලි, එයාලට ගොඩක් වටින එයාලගෙ චූටි බබා.

"පුතා, ප්ලීස් ඔය එහාටයි මෙහාටයි යන එක නවත්තනවද. අපි ප්ලෑන් එකක් හදන්න පටන් ගන්න ඕනෙ." Hye kyo කිව්වා.

"ඔම්මා මට බෑ. මං ගොඩක් කලබල වෙලා ඉන්නෙ මගෙ පවුල ගැන." ජන්ග්කුක් පිළිතුරු දුන්නා.

"ඒ නිසා තමා ඔයා වාඩි වෙන්න ඕනෙ. ඊටපස්සෙ අපි ප්ලෑන් එකක් හදමු. අපි හතර දෙනාට පුලුවන් නේද ටේහ්‍යුන් ඉන්න තැන locate කරන්න?" Hye kyo ඇහුවා.

"ජින්, ජීසු, රියුජින් එතකොට ජිමින්. ඔය හතරදෙනත් ඒක කරන්න. එයාගෙ ඔමේගා බබාට locate කරන්න ට්‍රයි කරන්න. එතකොට නම්ජුන්, යුන්ගි, හෝසොක් , සේහුන් හතරදෙනා එයාගෙ ඇල්ෆා බබාට locate කරන්න ට්‍රයි කරන්න." ජොන්ග් සුක් කිව්වා.

ඊටපසේ හැමෝම ඒ කිව්ව විදිහට හතරදෙනා ගානෙ බෙදිලා රවුමක හැඩයට හැදුනා. ඊටපස්සෙ එකිනෙකාගෙ අත් අල්ල ගත්ත හැමෝම තම තමන් ආරක්ෂා කරන්න ඕන කෙනාගෙ ශක්තිය විඳගන්න එයලගෙ ඇස් පියා ගත්තා.

එයාලා එයාලගෙ උපරිමෙන් අවධානය යොමුකරන්න උත්සාහ කලත් ටේහ්‍යුනුයි එයාගෙ පැටැව්නුයි ඉන්න තැන එයාලට හොයාගන්න බැරි වුනු නිසා කලකිරීමට පත් වුනා.

"Fuck! මේක මාව පිස්සු වට්ටනවා. අපි කාත් එක්කද ෆයිට් කරන්නෙ කියලා දන්නැතුව කොහොමද ප්ලෑන් එකක් හදන්නෙ. මේක මහ අසාධාරණයි!" කෑගැහුව ජන්ග්කුක් කේන්තියෙන් එයාගෙ කොණ්ඩෙ අල්ලලා මිරිකගත්තා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Donde viven las historias. Descúbrelo ahora