77. Full moon

1.8K 312 112
                                    

ජින්ගේ උද්‍යෝගිමත් කෑගැසිමෙන් ටේහ්‍යුන් අවදිවුනා. වටපිට බලපු එයාට තේරුනා එයාගෙයි ජන්ග්කුක්ගෙයි කාමරේ වෙනුවට එයා ඉන්නෙ නිවුන්නුන්ගේ කාමරේ කියලා. එයා දැක්කා හැමෝම ඇවිල්ලා නිවුන්නුන්ගේ වටේ එකතුවෙලා ඉන්නවා කියලා.

ජන්ග්කුක් චූටි පිරිමි ළමයව වඩාගෙන ඉන්නවා එයා දැක්කා, චූටි බබාව නිල් පාට බ්ලැන්කට් එකකින් ඔතලා තියෙන නිසා එයාට ඒ ගැන විශ්වාසයෙන් කියන්න පුලුවන් වුනා. මේ අතරේ ජින් ඒ දෙන්නගෙ චූටි කෙල්ලව වඩාගෙන හිටියා, අනිවාර්යයෙන්ම එයාව ඔතලා තිබුනේ රෝස පාට බ්ලැන්කට් එකකින්. ඊටපස්සෙ ටේහ්‍යුන් හිනා වුනේ එයා දැනටමත් නැගිටලා ඉන්නෙ කියලා පවා අවබෝධයක් නැතුව හැමෝම ඒ දෙන්නගෙ චූටි බබාලා දෙන්නා ගැනම බලන නිසා.

එයාට ඒ දෙන්නගෙ බබාලව බලනකන් ඉවසිල්ලක් නැති වුනා, ඉතින් එයා ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තුවෙලා වාඩි වුනා. එයාගෙ පුදුමයකට වගේ එයා සැත්කමට භාජනය උනා කියලා කිසිම වේදනාවක් එයාට දැනුනෙ නෑ. එයාට හිනා ගියා.

"ඔහ් ඔව්නෙ. මට ඕනම දෙයක් හොඳ කරන්න පුලුවන් මගෙ horny ඇල්ෆා නිසා රිදෙන ඒවා හැරුනම." ටේහ්‍යුන් තනියම හිතනකොට ජන්ග්කුක්ද හිනා වුනා.

ඒ දෙන්නගෙ බබාලා දෙන්නවම වඩාගෙන දැනටමත් එයා ගාවට ඇවිදන් එන ජන්ග්කුක් දිහා ටේහ්‍යුන් බැලුවා.

"ඔයා නැගිට්ටා විතරයි, දැනටමත් හිතන්නෙ ඔයාට රිදෙන විදිහ ගැන?" කිව්ව ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ නළලට හාදුවක් දුන්නා. ටේහ්‍යුන් හිනා වුනා.

"මං දෙන්නවම වඩා ගන්නද?" ටේහ්‍යුන් ඇහුවා. ජන්ග්කුක් පරිස්සමින් නිදාගෙන ඉන්න චූටි ඇල්ෆව එයාගෙ වම් අත උඩින් තියලා චූටි ඔමේගව එයාගෙ දකුණු අත උඩින් තිබ්බා. චූටි ඔමේගා හිටියෙ ඇහැරිලා, ටේහ්‍යුන්ගේ උනුහුම එයාට දැනෙනවත් එක්කම එයාගෙ චූටි තොල් වල ලස්සන හිනාවක් ඇදුනම චූටි ඔමේගගෙ හුරතල්කම දැක්ක දෙන්නම හිනා වුනා.

"එයා හරියට ඔයා වගේ love." කිව්ව ජන්ග්කුක් ටේහ්‍යුන්ව ඉස්සරහ කරලා එයාගෙ පිටිපස්සෙන් හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා වාඩි වෙලා ටේහ්‍යුන්ගෙ උරිස්සෙන් එයාගෙ නිකට තියාගෙන එයාගෙ චූටි පවුල වටේ එයාගෙ අත් දෙක ඔතා ගත්තා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now