ටේහ්‍යුන්, ජින්, ජිමින්, ජීසු වගේම රියුජින් පැක් මන්දිරයට එනකොට හවස 5 වෙලා තිබුනා. අනිත් හතර දෙනා එයාලා ගත්ත යට ඇඳුම් ඉක්මනින් ගිහින් එයාලගෙ කාමරේ හැංගුවා. මේ අතරේ ටේහ්‍යුන්, teleportation බලය පාවිච්චි කරලා එයාගෙ කාමරේ closet එකට ගියා. වාසනාවකට ජන්ග්කුක් කාමරේ හිටියෙ නෑ, ඉතින් එයාට අවස්ථාවක් හම්බවුනා එයා ගත්ත යට ඇඳුම හංගන්න.
ටේහ්‍යුන් ඇඳුම හැංගුවට පස්සෙ closet එකෙන් එළියට ඇවිත් ඇඳෙ වැතිරුනා. මේට් නැතුව පාළුවෙන් හිටිය ටේහ්‍යුන් ජන්ග්කුක්ට මනසින් සම්බන්ධ වුනා.
"කුකී. මං ගෙදර ඉන්නෙ. ඔයා කොහෙද?"
ජන්ග්කුක් පිළිතුරු දුන්නෙ නෑ, ඒ වෙනුවට එකපාරටම කාමරෙන් මතුවුනු ජන්ග්කුක් එයාගෙ උනුහුමට මේට්ව තුරුලු කරගන්න එයා ගාවට ළං වුනා.
"I missed you love." මේට්ගෙ එහා පැත්තෙන් වැතිරෙමින් කිව්ව ජන්ග්කුක් එයාගෙ ඇඟ වටේ අත් දෙක ඔතාගත්තා.
"I missed you more කුකී. ඔයා කොහෙද හිටියෙ?" ටේහ්‍යුන් ඇහුවා.
"Playroom එකේ." පිළිතුරු දුන්න ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ උදරය අතගෑවා.
"මේ දෙන්නා දඟලනවද? චූටි ඇල්ෆා පපාට කරදර කරනවද ම්ම්?" ජන්ග්කුක් කිව්වම ටේහ්‍යුන් හිනා වුනා.
"මේ දෙන්නා දඟ- ආව්!! චූටි ඇල්ෆා ගොඩක් ඇක්ටිව් ඔයාව ඇහෙනකොට." ටේහ්‍යුන් කිව්වා. ඒක අහපු ජන්ග්කුක් එයාගෙ බනී දත් ටිකත් පේන්න හිනා වුනාම ජන්ග්කුක්ගෙ හුරතල් හිනාව දැක්ක ටේහ්‍යුන් හිනා වුනා.
ටේහ්‍යුන්ට විවේක ගන්න ඉඩ සලමින්, දෙන්නම ඇඳේ තුරුල් වෙලා හිටියා. තවත් විනාඩි කීපයක් නිශ්ශබ්දව හිටියට පස්සෙ ජන්ග්කුක් ආයිත් කතා කරන්න පටන් ගත්තා.
"කොහොමද අද ශොපින් කරපු එක?" ජන්ග්කුක් ඇහුවම එයා මිලදී ගත්ත ඇඳුම මතක් වුනු ටේහ්‍යුන් රතුවුනා.
"හො-හොඳයි. ටිකක් මහන්සියි ඒ උනාට ඒක විනෝදයි." ටේහ්‍යුන් පිළිතුරු දුන්නා. හිස වනපු ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ නළලට හාදුවක් දුන්නා.
"ඒත් මට twins ලට ගොඩක් බඩුයි ඇඳුනුයි ගන්න බැරි උනා. මට ඒ ටික ගත්තා මදි වගේ." කිව්ව ටේහ්‍යුන් එයාගෙ තොල්දෙක උල්කරගත්‍තා. ජන්ග්කුක් හිනා වුනා. ඇඳෙන් වාඩි වුනු එයා මේට්ගෙ ඉනෙන් අල්ලගත්තා.
YOU ARE READING
The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Werewolfවසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූයේ කිම් ටේහ්‍යුන් පමණයි. ඔහුගේ දිවි ගැලවුනේ ඔහුගේ දෙම්ව්පියන් නිසා. ඔහු දැන් දිවි ගෙවන්නේ ඔහුගේ සහෝදරයත් සහෝ...