9. Hair colour

2.3K 414 32
                                    

ඊළඟ දවසේ හැමෝම වේලාසනින් නැගිටලා යුනි යන්න ලෑස්ති උනා. ලෑස්ති වෙලා ඉවර වුනාම ටේහ්‍යුන් හැර අනිත් සේරම උදේ කෑම ගන්න කෑම කාමරයට ආවා.

හෝසොක් : "ටේ කොහෙද?" මේට්ගෙ එහා පැත්තෙන් හෝසොක් වාඩි වුනා.

ජින් : "තාමත් එයාගෙ කාමරේ. එයා සාමාන්‍යෙන් උදේට කන්නෙ නෑ. ඒ නිසා තව ටික වෙලාවක් නිදා ගන්න පුලුවන්."

ටේ : "හියුන්" ජින්ගේ ඇස් කලබලෙන් ලොකු උනා. ජින්ගෙ මුහුණේ වෙනස් වීම අනිත් අය දැක්කා.

ජින් : "මොකද්ද උනේ? ඔයා හොඳින්ද?"

නම්ජුන් : "ඒයි, මොකෝ උනේ?" ජින්ගේ අත ආදරෙන් අතගාන ගමන් නම්ජුන් ඇහුවා.

ජින් : "ආහ් නෑ, ඔයා කෑම කන්න." ජින් ටේගෙන් පිළිතුරක් එනකන් ඉඳියා.

ටේ : "මගෙ කොණ්ඩේ."

ටේජින් දෙන්නා දිගටම මනසින් සම්බන්ධ වෙලා කතා කරගෙන ගියා. ඒ අතරේ ටේ ජින්ට එයා හොඳින් ඉන්නව කියලා සහතික වුනා. මේ නිසා අනිත් අයත් කලබල උනේ නෑ. කොහොම උනත් ජින් කෑම කන්නෙත් නැතුවම ටේව බලන්න උඩ තට්ටුවට ගියා.

විනාඩි කිහිපයකට පස්සෙ හැමෝම එළියට ඇවිත් විවිධ වර්ගයේ සුඛෝපභෝගී කාර් වලින් පිරුනු ප්‍රධාන පැක් හවුස් එකේ කාර් පාක් එකට ආවා. හැමෝම ටේහ්‍යුන් එනකන් බලාගෙන් ඉ‍ඳියේ එතකොට කට්ටියටම එකට යුනි යන්න පුලුවන් වෙන නිසා.

ටේහ්‍යුන් එනකන් බලාගෙන ඉන්න අතරේ කට්ටියම හිටියේ එයාලගෙ මේට්ලා එක්ක ඒ ගොල්ලන්ගෙම ලෝක වල. මේ අතරේ ජන්ග්කුක් එයාට තවමත් මේට් කෙනෙක් නැති නිසා ෆෝන් එකේ එබිලා ලොකු වැඩක්. ඒ ගොල්ලන්ගෙ ලෝක වල කොච්චර ඇලිලා ඉන්නවද කිව්වොත් විනාඩියක් තිස්සෙ ඇවිල්ලා හිටගෙන බලාගෙන ඉන්න ටේහ්‍යුන්ව තවමත් ඒගොල්ලො දැක්කෙ නෑ.

"අපි අද යුනි යන්නෙ නැද්ද?" ටේහ්‍යුන්ගෙ කටහඬින් ගැස්සිලා බලපු හැමෝම කොල්ලගෙ පෙනුම දැකලා පුදුමයෙන් කටත් ඇරන් බලාගෙන ඉඳියා.

"අපි අද යුනි යන්නෙ නැද්ද?" ටේහ්‍යුන්ගෙ කටහඬින් ගැස්සිලා බලපු හැමෝම කොල්ලගෙ පෙනුම දැකලා පුදුමයෙන් කටත් ඇරන් බලාගෙන ඉඳියා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Tempat cerita menjadi hidup. Temukan sekarang