57. Revelation

1.6K 323 73
                                    

"ඉන්න. මට තේරුනේ නෑ. මං කිව්වේ.. බබාලගෙ ආරක්ෂකයෝ වෙන එක මට සතුටක්... ඒත් ඇයි?" ජීසු ඇහුවා.

"ඒක තමයි. මං කිව්වේ.. අපිත් werewolves ලනේ. අපිටත් ආරක්ෂකයො ඉන්නවද?" රියුජින් ඇහුවා.

Beauty, minmin වගේම miho හිනා වුනා විතරයි.

"අපිට ඒ ගැන කියන්න." ජින් කිව්වේ හැමෝම තාමත් ආරක්ෂකයො ගැන කියන කතාව ගැන ව්‍යාකූලව ඉන්න නිසා.

"එහෙනම් මං ඔයාලට කතාව කියන්නම්."  beauty කිව්වා.

හැමකෙනාගෙම අවධානය hye kyo ට යොමු වුනාම එයාගෙ වෘකයා එයාගෙ කතාව කියන්න පටන් ගත්තා.

"අවුරුදු ගානකට කලින්, එක ගෑණු ළමයෙක් හිටියා. ගොඩක් විශේෂ ගෑණු ළමයෙක්, එයාටත් ආරක්ෂකයො හතරදෙනෙක් හිටියා, ඒත් එයාට නම් ඒ හතරදෙනාව හොඳම යාළුවො උනා. එයාලා එකිනෙකාට සැලකුවෙ හරියට සහෝදරියො වගේ. මේ ගෑණු ළමයා ගොඩක් වටින බලවත් කෙනෙක් උනත් එයා ගොඩක් කරුණාවන්තයි වගේම උණුවෙන හදවතක් තිබුනු කෙනෙක්."  beauty කිව්වා.

"එක දවසක් එයාගෙ ආරක්ෂකයෝ එයාලගෙ මේට්ලව හොයා ගත්තා, ඒත් කලින් කිව්ව ඒ ගෑණු ළමයව ආරාක්ෂා කරන එක එයාලගෙ රාජකාරිය නිසා තම තමන්ගේ මේට්ලව ප්‍රතික්ෂේප කරන්න කියලා සමහර දෙවිවරු එයාලට කිව්වා. ඒත් මේ බලවත් ගෑණු ළමයා ඒකට එකඟ උනේ නෑ, පස්සෙ එයා ඒ හතරදෙනාව ආරක්ෂකයෝ විදිහට එයාගෙන් නිදහස් කලා, තම තමන්ගේ මේට්ලා එක්ක සතුටින් ජීවත් වෙන්න වගේම තමන්ගෙම කියලා පවුලක් ගොඩනගා ගන්න." minmin කිව්වා.

"ආරක්ෂකයො හතරදෙනා ගොඩක් ස්තුති වන්ත උනා ඒ ගෑණු ළමයට. හැබැයි එයාලව නිදහස් කරන්න කලින්, එයා තමන්ගේ ආරෂකයෝ විදිහට ඉඳපු එයාලගෙ මිනිස් ස්වරූපයට ඒ මතකයන් සේරම මකලා දැම්මේ එයාලගෙ වෘකයන්ට විතරක් මතකය ඉතුරු වෙන විදිහට. ගෙවිලා යන හැම දවසකම ගෑණු ළමයයි එයාගෙ ආරක්ෂකයින්ගේ වෘකයොයි දිගටම සංනිවේදනයේ යෙදුනා." miho කිව්වා.

"අවුරුදු කීපයක් ගෙවුනා, ආරක්ෂකයො තම තමන්ගෙම කියලා පවුලක් ගොඩනගන්න පටන් ගත්තා. මේ අතරේ ගෑණු ළමයා වෘකයෙක් එක්ක ආදරෙන් බැඳුනා, true blood omega කෙනෙක් එක්ක. එයාලා ගොඩක් සතුටින් හිටියා. එයා ප්‍රෙග්නන්ට් පවා උනා, කොහොම උනත් එයාගෙ පවුලෙ අය ඔමේගාට කැමති උනේ නෑ. ඒත් ගෑණු ළමයා ඒ වෙනකොටත් එයා තරම්ම බලවත් ඒ කෙනා එක්ක ඉන්න තීරණය කරලා ඉවරයි. එයාලා එයාගෙ නොඉපදුනු දරුවවත් පිළිගත්තෙ නෑ."  minmin දිගටම කිව්වා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now