13. All wishes come true

2.2K 409 46
                                    

ඒ දවසෙම blood moon pack එකේ ප්‍රධාන පැක් හවුස් එකේදී ජොන්ග් සුක්, Hye Kyo දෙන්නා midnight pack එකේ ප්‍රධාන ඇල්ෆටයි ලූනටයි එයාලගෙ ඔෆිස් එකට අඬ ගැහුවා.

Midnight pack එක ඒගොල්ලන්ගෙ පැක් එකට ආපු වෙලේ ඉඳන් ටේහ්‍යුන් ගැනත්, බෙල්ලෙ මතුවෙනවා දැකපු පුංචි සලකුණ ගැනත් තවමත් මේ දෙන්නට හිතාගන්න බැරුවයි හිටියේ. විනාඩි කීපයකට පස්සෙ සෝජුන් වගේම මින්‍ යොන්ග් ඔෆිස් එකට ආවා. ජොන්ග් සුක් එයාගෙ අත පුටුව දිහාවට දිගු කරලා ඒ දෙන්නට වාඩි වෙන්න කියලා ඇඟෙව්වා.

ඒ දෙන්නා වාඩි උනාම ඊට ඉස්සරහින් ජොන්ග් සුක් වගේම Hye Kyo ත් වාඩි වුනා.

සෝජුන් : "මොකක් හරි ප්‍රශ්නයක්ද? පහර දීපු උන් ගැන අලුත් තොරතුරු හම්බුනාද?"

ජොන්ග් සුක් : "අපි තාමත් ඒක ගැන බලනවා." සෝජුන් හිස සැලුවා. ඒ වගේම එයාට තේරුනා මේ ගොල්ලො කතා කරන්න යන්නෙ මොකක් හරි වැදගත් දෙයක්, බැරෑරුම් දෙයක් නැත්තන්......ඇත්තක් ගැන කියලා.

Hye Kyo : "ඇත්තටම අපිට කතා කරන්න ඕනෙ....ටේහ්‍යුන් ගැන." ඒක අහපු සෝජුන් මින් යොන්ග් දෙන්නගෙම ඇස් ලොකු උනා. කොහොම උනත් ඒ දෙන්නා හිස සැලුවා.

Hye Kyo : "ඔය දෙන්නට මොකක් හරි කියන්න ඕන දෙයක් තියෙනවද එයා ගැන අපි දෙන්නට? එයා ගැන විශේෂ දෙයක්?"

ජොන්ග් සුක් : "අපි දෙගොල්ලොම අවංක වෙමු. හරිද? මොකද අපිටත් දෙයක් කියන්න තියෙනවා ඔයාලට."

Midnight pack එකේ ප්‍රධාන ඇල්ෆයි ලූනයි දෙන්නම හිස සැලුවා.

සෝජුන් : "එයා ගැන දෙයක් ඔයාලට කියන්න කලින්, ඔයගොල්ලො දැන ගන්න ඕනෙ අපි ඒක හංගනවා කියලා. මොකද අපි කියන්න යන්නෙ අපේ කතාව නෙමෙයි ඒ වගේම මේක ලොකු රහස් ගනුදෙනුවක්. ඒ අපේ පැක් එක වෙනුවෙන් නෙමේ, ටේහ්‍යුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්." ජොන්ග් සුක් වගේම Hye Kyo ඒක තේරුම් ගත්තා. ඒ වගේම මේක රහසක් විදිහට තබා ගන්නා නිසා ඒ දෙන්නා පාවා දීමක් කලා කියලා ඒ ගොල්ලන්ට හිතුනෙ නෑ.

මින් යොන්ග් : "ඔය දෙන්නා blue moon pack එක ගැන දන්නවනේ?" ජොන්ග් සුක්, Hye Kyo දෙන්නා හිස සැලුවා. ඒ වගේම කතාව දිගටම කියනකන් බලාගෙන හිටියා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now