දෙන්නම ගිහින් යාළුවො ඉන්න තැනින් වාඩි වුනා. ටේහ්‍යුන්වයි එයාගෙ යාළුවන්වයි එතන දාලා ජන්ග්කුක් මත්පැන් ගේන්න ගියා. හෝසොක් වගේම සේහුන් ඉක්මනින් birthday boy ගේ එහා පැත්තෙන් වාඩි වුනා.
සේහුන් : "Happy birthday ටේහ්‍යුන්."
හෝසොක් : "ඔයාගෙ පෙනුම අද ලස්සනයි. කොහොම උනත් හැමදාම ඔයා ලස්සනයිනේ."
ටේහ්‍යුන් : "Thank you හියුන්. ඔය දෙන්නත්. ඔය දෙන්නා ගොඩක් හැන්ඩ්සම් වෙලා වගේ."
හෝසොක් : "ටේ, ඇත්තටම ඊයෙ රෑ අපිට ඔයාගෙන් සමාව ගන්න බැරි වුනා. I'm so sorry ඒ ඉටිපන්දම් හයි කරන අදහස මගේ." අවංකවම කතා කරන හෝසොක් එයාගෙ ඇස් දිහා කෙලින්ම බැලුවා.
සේහුන් : "මටත් ටේ. මං සමාව ඉල්ලනවා, අපිට ඇත්තටම ඒක අමතක වුනා ඔයා දන්නවනේ...ගින්දර...ගැන. අපි ඔයාව surprise කරන සතුටින් හිටියේ. ඒ නිසා අපිට ඒක අමතක වුනා." සේහුන් ඔලුව පාත් කරගත්තා.
ටේහ්‍යුන් : "හේයි! ඒකට කමක් නෑ. ඔය දෙන්නා සමාව ගන්න ඕන නෑ. ඔයාලා වැරදි දෙයක් කලේ නෑ. මමයි හරි නම් ඔය දෙන්නගෙන් සමාව ගන්න ඕන ඔය දෙන්නගේ surprise එක විනාශ කරාට."
"ඒ වගේම මං ඔයාලට ස්තුති කරන්න ඕන. මොකද ඒ සිද්දිය උනේ නැත්තන්, මගේ මේට් මං ගාව සති ගානක් තිස්සෙ ඉන්නව කියලා මට දැනගන්න හම්බවෙන්නෙ නෑනෙ." හිනා වෙලා කිව්ව ටේහ්‍යුන් වීදුරුවට මත්පැන් වත්කරන එයාගෙ මේට් දිහා බැලුවා.
"මට ඇත්තටම සතුටුයි ජන්ග්කුකයි ඔයයි ගැන. ඔයා එයාව හොඳ විදිහට වෙනස් කරලා." මෘදුව ටේහ්‍යුන්ගේ උරිස්සට තට්ටු කරන ගමන් සේහුන් කිව්වා.
"මොකද්ද මගෙ මේට්ට කරන්නෙ හහ්?" සෙල්ලක්කාර විදිහට කිව්ව ජන්ග්කුක් තුන් දෙනා ගාවට සමීප වුනා.
"පැටියෝ, එන්න අපි නටමු." එයාලට බාදා කරපු රියුජින් හෝසොක්ව හෝල් එක මැදට තල්ලු කලා.
"මං boo ගෙන් අහන්න ඕන ඩාන්ස් කරනවද කියලා. එහෙනම් ඉතුරු කාලේ enjoy කරන්න love birds." ඒ දෙන්නට ඇහැක් ගැහුව සේහුන් ඒ දෙන්නව එතන තනි කරලා ගියා.
ජන්ග්කුක් ටේහ්‍යුන් ගාවින් වාඩි වෙලා ඉක්මනින් ඒත් මෘදුව ටේහ්‍යුන්ගේ ඉන වටේ අත දාලා එයා ගාවට ඇදගත්තා.
VOUS LISEZ
The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Loup-garouවසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූයේ කිම් ටේහ්‍යුන් පමණයි. ඔහුගේ දිවි ගැලවුනේ ඔහුගේ දෙම්ව්පියන් නිසා. ඔහු දැන් දිවි ගෙවන්නේ ඔහුගේ සහෝදරයත් සහෝ...