හෙළිදරව්ව අහපු හැමෝම පුදුමයෙන් ගැස්සුනා. එයාලගෙන් කාටවත් වචනයක්වත් කතා කරගන්න බැරි වුනේ මොකද එයාලා හැමෝම තාමත් ඇහුනු දේ තේරුම් ගනිමින් හිටිය නිසා.
මේ අතරේ ජන්ග්කුක් එයාගෙ මේට්ව තදින් අල්ලගෙන හිටියා. එයාගේ මේට් අන්තිම ඔමේගා විතරක් නෙමෙයි එයා එයාගෙ ඔම්මා වගේම දෙවි කෙනෙක් වුනු නිසා එයා වාසනවන්තයි කියලා ජන්ග්කුක්ට දැනුනා. ටේහ්‍යුන්ගේ මේට් වීම විතරක් නෙමෙයි එයාගෙ ආරක්ෂකයා වීම ගැනත් එයාට ලොකු ආශිර්වාදයක් දැනුනා.
ටේහ්‍යුන් තාමත් ඉඳියේ මේට්ගෙ උකුළ උඩ. මොකද්ද කියන්න ඕන කියලා එයා දැනන් හිටියෙ නෑ. එයාට ඇහුනෙ මොකද්ද කියලා තාමත් එයාගෙ මනසට හරිගස්ස ගන්න බැරි වුනා, එයා ගැන කිව්ව මුලු ඇත්ත කතාවම. එයා සඳ දෙව්දුවගේ පුතා කියන එක.
ජන්ග්කුක් කතා කරන තුරුම, හැමෝම හිටියේ නිශ්ශබ්දව.
"එතකොට අපේ පැටව්න්ටත් ආරක්ෂකයෝ ඉන්නවා, ඒ කියන්නෙ එයලා සාමාන්‍ය වෘකයෝ නෙමෙයි කියන එකද? හැබැයි එයාලත් දෙවිවරු?" ජන්ග්කුක් ඇහුවා.
"පුතා, මං කිව්වෙ එයාලගෙ පපා දෙවිකෙනෙක් කියලා. ඔයා මොකද්ද ආයිත් හිතුවෙ?" beauty කිව්වා, එයා එයාගෙම පුතා අහපු ප්‍රශ්නෙ ගැන කලකිරුනා. ඒක හරියට එයා මෙච්චර වෙලා පැහැදිලි කරපු දේ ආයිත් අහනවා වගේ.
"එතකොට ඔයා කියන්නේ... අවුරුදු ගානකට කලින් හැම ඔමේගා කෙනෙක්වම මැරුව හේතුව එක ඔමේගා කෙනෙක් සඳ දෙව්දුවගෙ පුතා කියලා එයාලා දැනන් හිටපු නිසා කියලද?" ජින් ඇහුවා.
"නෑ. එයාලා දැනන් හිටියෙ නෑ, කවුරුත් දන්නෙ නෑ, අනිවාර්යයෙන්ම මේ දැන් වෙනකන්ම. හැබැයි එයාලා ඒ ගැන දන්නෙ නැති උනාට එක දෙයක් එයාලා දන්නවා. ඒ තමයි එක ඔමේගා කෙනෙක් අනිත් හැම කෙනෙක්ටම වඩා ශක්තිමත්ව ඉපදෙනවා කියන එක. අනික ජන්ග්කුක් ඔයාට මතකද වූබින් මොකද්ද කිව්වෙ කියලා?" beauty ඇහුවා.
හෝඩුවාවක් නැතුව ජන්ග්කුක් එයාගෙ ඔම්මා දිහා බැලුවා.
"කොයි එකද ඔම්මා?"
"ඒ විශේෂ ඔමේගා වගේම එයාගෙ මේට් එකට ගත්තහම ගොඩක් ශක්තිමත් වගේම කාටවත් ඒ දෙන්නව නවත්තන්න බෑ." miho කිව්ව දේට ජන්ග්කුක්ට කෙළ හිර වුනා. ටේහ්‍යුන් ඉක්මනින් අනිත් පැත්ත හැරිලා එයාගෙ මේට්ගේ පිට අත ගෑවා.
YOU ARE READING
The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Werewolfවසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූයේ කිම් ටේහ්‍යුන් පමණයි. ඔහුගේ දිවි ගැලවුනේ ඔහුගේ දෙම්ව්පියන් නිසා. ඔහු දැන් දිවි ගෙවන්නේ ඔහුගේ සහෝදරයත් සහෝ...