හැමෝම තමන්ගේ උදේ ආහාරය ගෙන අවසන් කලාට පස්සේ කට්ටියම එළියට ගියා. මේ වතාවේ Blood moon එකේ ඇල්ෆලා පස් දෙනාට එයාලගේ කාර් පෙන්නන අවස්ථාව උදා වුනා.
"වොහ්. කාර් ටික ලස්සනයි." ජිමින් කිව්වම ඇල්ෆලා පස් දෙනාගේ මූනේ හිනාවක් ඇදුනා.
"අපි යුනි එකට යනකොට කාර් එකේ වහලේ පාත් කරන් යමුද?" ටේහ්‍යුන් ඇස් දෙකත් බෝල කරගෙන ජන්ග්කුක්ගෙන් ඇහුවම එයාගේ හදවත වේගෙන් ස්පන්දනය වුනා. ජන්ග්කුක් හිස වැනුවා.
හැමෝම තම තමන්ගේ කාර් වලට නැග්ගා. ටේකුක් දෙන්නා වගේම මේට්ලත් එක කාර් එක බැගින් බේදාගත්තා.
උදෑසන සුළඟත් ලස්සන හිරු එළියත් විඳිමින් කට්ටියම මන්දිරයෙන් පිටත් වුනා. හුළඟ අල්ලන්න උත්සහා කරනවා වගේ ටේහ්‍යුන් එයාගේ අත වාතයට දිගු කලා. එයාගේ හිනාව ගොඩක් ලස්සනයි, හිරු එළිය වැටුනත් එයාගෙ ඇස් තරු කැට වගේ දිලිසුනා, ස්වභාවික ආලෝකයන් එයාගේ හැම ලක්ෂණයක්ම පිළිබිඹු කලා. ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ ලස්සන ගැන නොහිත ඉන්න හිතාමතාම එයාගේ උපරිමෙන් උත්සහා කලා.
"තාමත් ඔමේගා කෙනෙක් ජීවත් වෙනවා කියලා ඔයා දැනගත්තොත් මොකද්ද ඔයා කරන්නේ?" නිහඬතාවය බිඳිමින් ටේහ්‍යුන් ඇහුවා.
ජන්ග්කුක් ව්‍යාකූලව ටේහ්‍යුන් දිහා බැලුවා. ඒත් ටේහ්‍යුන් නම් එයාලා පහු කරගෙන යන හිරු නගින දර්ශනය රසවිඳින ගමන් ඒ දිහා බලාගෙන හිටියා.
"හ්ම්ම්. මම එයාව බලා ගන්නවා. කොහොම උනත් එයානේ අන්තිමට ඉතුරු වෙලා ඉන්න එක්කෙනා. ඒ නිසා අපි එයාට ඕන උපරිම ආරාක්ෂාව දෙන්න ඕන."
"කෙල්ලෙක්ද? එයා පිරිමි ඔමේගා කෙනෙක් වුනොත්?"
"එතකොට ඊට වඩා අපි එයාව ආරාක්ෂා කරන්න ඕන. මොකද පිරිමි ඔමේගලා ගොඩක් දුර්ලභයි. ඒ වගේම එයාලට පුලුවන් බලවත් දරුවෝ බිහි කරන්න. ඉතින් අපි එයාලව ගොඩක් හොඳට බලාගන්න ඕන."
"ඒක අහන්නත් සතුටුයි." කිව්ව ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා සෑහීමකට පත් වුනු පෙනුමකින් බලලා හිනා වුනා.
"ඇයි ඔයා එකපාරටම එහෙම ඇහුවේ?" ජන්ග්කුක් ව්‍යාකූලව ඇහුවා.
ටේහ්‍යුන් ඔලුව එහා පැත්තට හැරෙව්වා.
YOU ARE READING
The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Werewolfවසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූයේ කිම් ටේහ්‍යුන් පමණයි. ඔහුගේ දිවි ගැලවුනේ ඔහුගේ දෙම්ව්පියන් නිසා. ඔහු දැන් දිවි ගෙවන්නේ ඔහුගේ සහෝදරයත් සහෝ...