63. Eavesdrop

1.7K 310 61
                                    

ජෝයිවයි අයිරින්වයි අල්ලගෙන දවස් පහක් ගෙවිලා ගියා, දවස් පහක් ගෙවිලා ගියත් ඒ දෙන්නා වැඩ කරන්නෙ කාටද කියන එක ගැන කිසිම තොරතුරක් ඒ දෙන්නා කිව්වෙ නෑ. ජන්ග්කුක් ඒ දෙන්නගෙ මාස්ටර් කවුද කියන එක දැනගන්න ඉවසීමෙන් වගේම කුතුහලයෙන් හිටියා.

මේ අතරේ ටේහ්‍යුන් අයිරින්ව අල්ලගත්ත දවසෙ ඉඳන් වගේම අයිරින්ට අනුව එයාලගෙ පැක් එකේ ඉන්න එක්කෙනෙක් එයාලා වෙන්නුවෙන් වැඩ කරනවා කියලත් වෙන ඕනම කෙනෙක්ට වඩා එයා ශක්තිමත් කියලත් දැන ගත්ත වෙලේ ඉඳන් මානසික ආතතියකින්, පීඩනයකින් ඉන්න නිසා එයාට බෙඩ් රෙස්ට් කරන්න කියලා උපදෙස් ලැබුනා.

ඒ පුවත ටේහ්‍යුන්ව බිය වැද්දුවා, එයාට එයාගෙ ජීවිතේ ගැන බය හිතුනා, ඒත් ඊටත් වඩා එයා බය වුනේ එයාගෙ පැටවුන්ගේ, ජන්ග්කුක්ගේ, එයාගෙ පවුලෙ අයගෙ වගේම එයාගෙ යාළුවන්ගේ ජීවිත ගැන. මනසික ආතතිය වගේම ඕනවට වඩා හිතීම නිසා ටේහ්‍යුන්ට pregnancy contraction එකක් ඇති වුනු නිසා හැමෝම, විශේෂයෙන් ජන්ග්කුක් කනස්සල්ලට පත්වුනා.

තවදුරටත් දිගටම ටේහ්‍යුන් මානසික ආතතියෙන් පෙලුනොත් ටේහ්‍යුන්ට නොමේරූ දරු ප්‍රසූතියක් ඇති වෙයි කියලා බෝගම් ප්‍රකාශ කලා. ඒ වගේම ටේහ්‍යුන් එයාලගෙ පැටවුන්ට නියමිත දිනවලට කලින් උපත දුන්නොත් එයාලගෙ පැටවුන්ට ඒ වගේ මුල් අවධියේ ඉන්න කොට ජීවිතේ බේරගන්න ප්‍රවණතාවයක් නෑ කියලත් බෝගම් කිව්වා. බෝගම් වගේම මින්ජේ හැමදාම ටේහ්‍යුන්ගේ තත්ත්වය පරික්ෂා කලත්, ජන්ග්කුක් තවමත් එයාගෙ මේට් ගැන වගේම එයාගෙ පැටව් ගැනත් කනස්සල්ලෙන් හිටියා.

හැම රෑකම ජන්ග්කුක් එයාගෙ මේට්වයි එයාගෙ පැටවුන්වයි හැමදේම හරියයි වගේම එයාලා එයා ගාව ආරක්ෂිතයි වගේ දේවල් කියමින් එයාලව සැනසුවා.

                            ▫️️

ඒ ජනග්කුක්ට ට්‍රේනින් දවසක් වුනා. එයාට කිසිම දෙයක් ඕන වුනේ නෑ. ඒයාට ඕන වුනේ එයාගෙ මේට් ගාවින් ඉන්න. එයා දවස් තුනක්ම එක දිගට පුහුණු පිටියේ හිටියේ සටනක් සඳහා සූදානම් වෙමින්. එයාගෙ ට්‍රේනින් එකෙන් පස්සෙ ගෑණු ළමයි දෙන්නගෙන් ප්‍රශ්න කරන්න එයාට හිර කුටියට යන්න තිබුනා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Donde viven las historias. Descúbrelo ahora