Jungkook ගෙන් ලැබුණු අණ අනුව jungkook ගෙ යටතේ වැඩ කරන taem දහයක් වරායට ගියේ චීනෙන් ගෙන්වන අති නවීන guns ටික රේගුවෙන් එළියට ගන්න. විනාඩියක් වගේ සුළු කාලයක් ඇතුළත jungkook ගෙ අයට පුලුවන් උනා වරාය වටලන්න. Team නවයක 270 ක් සහ අනිත් taem එකෙන් 15 ක් වරාය සහ රේගුව වට කරද්දි ඉතුරු 15 දෙනා රේගුව ඇතුළට ගියේ jungkook ගෙන් ලැබී තිබුනු බඩු වලට ලැබුනු coupon එකත් අරගෙන.
ඒ වෙද්දිත් නැව වරායට ඇවිත් බඩු ගොඩබැස්වීම ඉවර කරලයි තිබුණෙ.
Jungkook ගෙ black demon label එක සහිත එයාගෙ ලාංඡනය දැක්කම ඒ අයට security එකෙන්වත් බාධාවක් උනේ නෑ. ඒත් රේගුවට ඇතුළ් වුණු එයාලට දැනගන්න ලැබුණෙ එයාලගෙ බඩු ටික වෙන කවුරුහරි ඇවිත් jungkook ගෙ coupon එකක් පෙන්නලා බඩු ටික අරන් ගියපු බව. රේගු නිළධාරියෙක් ඒ කෙනාව පෙන්නනවත් එක්කම ඒ 15 දෙනා ඒ පුද්ගලයා පිටුපස හඹා යන්න ගත්තා.
ඒත් එක්කම වගේ රේගුව වටලලා හිටපු අනිත් jungkook ගෙ කට්ටියත් ඒ අයට එකතු වුණා. එක ටීම් එකක් ඒ වාහනේ පිටිපස්සෙන් කෙලින්ම යද්දි අනිත් ටීම්ස් නවයත් අතුරු පාරවල් වලට බෙදිලා ගියේ මගින් එක එක ටීම්ස් එකතු වෙන්න හිතාගෙන. ඒ එක්කම වගේ රේගුවෙන් එයාට උදව් කරපු කෙනාව guards ලා හය දෙනෙක් එක්ක jungkook ගෙ prison එකට ගෙනාවා. ඒත් නොසිතූ වෙලාවක ආරම්භ වුණු වෙඩි හුවමාරුව නිසා අනිත් ටීම්ස් වලට කරගන්න දෙයක් තිබුනෙ නෑ.
වෙඩි හුවමාරුව අතරෙදි jungkook ගෙ වාහන වල හයිකරලා තිබුණු gps trackers වලට වෙඩි වැදුණා.
වාහන වල ඉදපු අය වැඩි ප්රමාණයක්ම වාහන වලින් බැහැලා වෙඩි තියාගන්න අතරෙ බෝගම්ගෙ අය jungkook ගෙ වාහන වලට යන්න බැරි වෙන්න පාර අවහිර කරේ එයාලගෙ වාහන ගෙනල්ලා. වටේටම වාහන නවත්තගෙන මැද වෙඩි තියාගනිද්දි කවුරුත් දන්නෙ නෑ guns load එක තිබුනු වාහනේ එතනින් අරන් යද්දි. ඒ එක්කම jungkook ගෙ අනිත් teams වලට news එක දුන්නත් එයාලට බෝගම්ගෙ වාහනේ මග ඇරුනා.
Jungkook දුන්නෙ පැය 24 යි. පැය 24 ඇතුළත එයාට guns ටික දුන්නෙ නැත්තන් guard teams දහයක මිනිස්සු 300 ක් ජීවිතෙන් වන්දි ගෙවනවා. එයාලගෙ ඉරණම තීන්දු වෙන්න තව තියෙන්නෙ පැය 10 ක් විතරයි.
ඒ නිසා ආයෙත් හැමෝම බෙදිලා යන්න පුලුවන් හැම පැත්තකටම බෙදිලා ගියේ හෝඩුවාවක්වත් හොයාගන්න පුලුවන් වෙයිද බලන්න.
YOU ARE READING
кιℓℓєя 🔞
Fanfictionඑයා රාක්ෂයෙක්.. ඔව් මම දන්නවා.. ඒත් මට එයා රාක්ෂයෙක් නෙවෙයි.. එයා මගේ කූ බබා විතරයි හැමදාටම....💗