Jungkook එදා රෑ හිටියෙ නිදි වර්ජිතව. නුපුරුදු විදියට සෝෆා එකේ නිදාගන්න උනු එක , Tae ගැන හිතපු එක වගේම , රෑ mansion එකේ තාප්පෙන් පැන්නෙ කවුද කියන එකත් එයාගෙ හිතට වද දුන්නා. ඒ නිසා එයා උදේ පාන්දර එළිය වැටීගෙන එද්දිම අනිත් අය වැඩ පටන් ගන්න වෙලාවටම room එකෙන් එළියට ගියේ tae ගෙ නළලට kiss එකක් දෙන්න අමතක කරන්නෙ නැතුව.
Jungkook උදේ තේ එක තියා වතුර උගුරක්වත් නොබී prison එක පැත්තට ගියේ අරමුණක් නැතුව. එයා prison එක ළඟට එද්දි ගාඩ්ලා එයාට bow කරලා දොර ඇරලා දුන්නෙ හිතේ ප්රශ්නයක් තෙරපෙද්දි. ඒ තමයි ඊයෙ රෑ අරන් ගියපු කොල්ලා කෝ කියන එක. ඒත් කාටවඉත් ඒක jungkook ගෙන් අහන්න හයියක් තිබුණෙ නෑ.
Jungkook හැම සිරකරුවෙක් දිහාම බල බල prison එකේ හැම අස්සක් මුල්ලක්ම බල බල ඇවිදිද්දි දැක්කා jin නැති බව. Prison එකට දාන හැම කෙනෙක්ම මතක තියාගන්න පුලුවන් සුවිශේෂී හැකියාවක් jungkook ට තිබුණා. Jungkook ඒ පිටටම හැරිලා ගියේ prison එකේ security එක ළඟට.
හැමෝවම පේළියකට හිටවපු jungkook gun එකත් අතට අරගෙන හැමෝම දිහා පරීක්ෂාකාරීව බැලුවා.
🐰 : කෝ ඊයෙ මේකට දාපු කොල්ලා
Jungkook ඇහුවෙ තියුණු හඬකින්. ඒකට උත්තර දෙන්න ඉදිරිපත් උනේ රෑ namjoon ට දොර ඇරලා දුන්නු ගාඩ්.
🔫 : boss ඊයෙ රෑ අරන් ගියාට පස්සෙ ආයෙ අරන් ආවෙ නෑ
🐰 : කවුද අරන් ගියේ 🤨 තොපි ඇයි අරන් යන්න දුන්නෙ 🤨
🔫 : බොස්මනෙ අරන් ගියේ
ගාඩ් උත්තර දුන්නෙ jungkook දිහා බයෙන් වගේම පුදුමෙන් බලන ගමන්.
🐰 : බොරු කියන්නෙපා මිනිහෝ මම ඊයෙ රෑ ආවෙ නෑ. කොහොම කෙනෙක්ද ඒ ආවෙ 🤨
Jungkook ගාඩ්ගෙ ඔලුවට gun එක කිට්ටු කරා.
🔫 : බොස් වගේමයි. උසයි මහතයි. වැඩිය කතා කරේ නෑ. කරුවල නිසා වැඩි දෙයක් දැක්කෙ නෑ. දම් පාට nike හූඩි එකකින් ඔලුව වහගෙන mask එකකුත් දාන් ආවෙ.
Jungkook තේරුම් ගත්තා ඒ namjoon කියලා. මොකද jungkook වගේම උස මහත දම්පාට nike හූඩි එකක් තියන එකම කෙනා namjoon කියලා. එයා namjoon ගෙන් මේ ගැන අහන්න හිතන් mansion එකට ගියා.
YOU ARE READING
кιℓℓєя 🔞
Fanfictionඑයා රාක්ෂයෙක්.. ඔව් මම දන්නවා.. ඒත් මට එයා රාක්ෂයෙක් නෙවෙයි.. එයා මගේ කූ බබා විතරයි හැමදාටම....💗