Jungkook එක දිගටම ගහගෙන ගහගෙන ගියේ වියරුවෙන් වගේ. වටේ පිටේ වෙන කිසි දෙයක් ගැන jungkook ට සිහිය තිබ්බෙ නෑ. ඒ අතරෙ jungkook ගෙ ඒ ශක්තිමත් සිර කරුවා එයාගෙ අතට දාලා තිබුණු මාංචු දෙක ගලවගත්තෙ හැමෝම පුදුමෙන් බලාගෙන ඉදිද්දි.
Jungkook පුදුම උනේ මේ වගේ දෙයක් එයාගෙ අවුරුදු 12 ක mafia ජීවිතේ කවදාවත් අත් විඳලා නැති නිසා.
ඒ මනුස්සයා jungkook දිහා කට කොනින් හිනා වීගෙන බලාගෙන ඉඳලා jungkook ව අල්ලගන්න ඉස්සරහට පනිද්දිම jungkook ගෙ අතේ තිබුණු රත් කරලා ගිනියම් වුණු යකඩ උලක් ඒ මිනිහගෙ සිරුර කිඳා බැහැගෙන ඇතුළට ඇනුනෙ එයාව ටිකක් පාලනය කරන ගමන්.
Jungkook එයාගෙ පිටිපස්සෙ තිබුණු පොඩි cupboard එකකින් injection එකක් අරගෙන ඒක ඒ මනුස්සයගෙ අතට තියලා තද කරා. ඒ එක්කම ඌ පණ නැතුව ඇදගෙන වැටුණා.
ඒ injection එක සිරුරෙ ක්‍රියාකාරීත්වය අඩාල කරන injection එකක්. සාමාන්‍යයෙන් නම් jungkook ට මේක දෙන්න ඕන වෙන්නෙ නෑ. මොකද jungkook මනුස්සයෙක්ව torture කරන විදියට අමුතුවෙන් පණ නැති කරන්න ඕනෙ නෑ.
Jungkook හැම දේම දමලා ගහලා prison එකෙන් එළියට ගියේ කලින්ටත් වඩා කේන්තියෙන්.
Meanwhile yoonjin........📌️
Jin ගෙන් උත්තරයක් ලැබෙනකන් පරක්කු උනේ නැති yoongi ඉක්මනට ගිහින් car එක ගත්තෙ jin ටත් කතා කරන ගමන්.
Jin car එකේ පිටිපස්සෙ දොර ඇරගෙන car එකට නැග්ගා.
🐱 : ආශ් hyung 😤 මාව driver කරන්නැතුව මෙන්න මෙහේ නගින්න ඉස්සරහා ශීට් එකට
Jin ආයෙත් ඉස්සරහා ශීට් එකට ඇවිත් වාඩි වෙලා බලාගෙන හිටියා.
🐱 : hyung ශීට් බෙල්ට් දාගන්න
Yoongi කිව්වෙ jin දිහාවත් නොබලා ඉස්සරහා බලාගෙන car එක drive කරන ගමන්.
මේක jin ට අලුත් අත්දැකීමක්. දුප්පත් පවුලක හැදුනු jin ට car එකක යන්න chance එකක් ලැබිලා තිබුණෙම නෑ. Yoongi අනාථ නිවාසෙක හැදුණත් එයාගෙම දහඩිය මහන්සියෙන් දියුණු වෙලා එයා car එකක් ගත්තා. දැන් yoongi කියන්නෙ seoul වල ලොකු cafe එකක owner කෙනෙක්. Jin කිසි දෙයක් නොකියා බලාගෙන ඉන්නෙ පළවෙනි පාරට car එකක යන සතුට නිසා
YOU ARE READING
кιℓℓєя 🔞
Fanfictionඑයා රාක්ෂයෙක්.. ඔව් මම දන්නවා.. ඒත් මට එයා රාක්ෂයෙක් නෙවෙයි.. එයා මගේ කූ බබා විතරයි හැමදාටම....💗