නොදැනීම රෑ වෙලා. කිසි කෙනෙක් එක්ක ඉන්න අකමැති jungkook තාමත් හරියට සිහිය නැති ටේව තුරුල් කරගෙන නිදාගන්න හැදුවත් yoongi කොල්ලගෙ තුවාල පෑරෙයි කියලා jungkook ට ඇඳේ නිදාගන්න එක තහනම් කරා.
අන්තිමට jungkook ට උනෙ කොහෙන්වත් ආපු කොල්ලෙක්ට ඇඳ දීලා සෝෆා එකේ නිදාගන්න.
(කවද කාපු කටුද දෙය්යනේ මේ 😂💔)
Jungkook අර දෙන්නට බැන බැනම නිදාගත්තෙ මේඩ් කෙනෙක් නම් එන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන්.
එදා yoongi හිටියෙත් mansion එකේ. එයාගෙ දුක ටිකක් අඩු කරන්න jhope ට පුලුවන් වෙලා තිබුණා. ඒත් තාමත් jin ගැන කිය කිය jhope එක්ක කන්කෙඳිරි ගාන්නෙ jungkook ට කියන්න බය නිසා.
ඒ දෙන්නා නිදාගත්තෙ එක කාමරේක.
(නිදාගත්තද වෙන මොකක්හරි කරාද දන්නෑ මට කිව්වෙ නිදාගන්න ගියා කියලා මන් ඒක බලන් හිටියෙ නෑ)
Namjoon එයාගෙ කාමරෙත් jimin එයාගෙ කාමරෙටත් නිදාගන්න ගියත් ඒ දෙන්නගෙ හිත් යට ලොකු ප්ලෑන් එකක් හැංගිලා තිබුණා.
Mansion එකේම light off කරලා අජුම්මාත් නිදාගන්න යනකන් ඇඳේ පෙරළි පෙරළි ඉඳපු jimin අල්ලපු කාමරේ jungkook නිදිද කියලා බිත්තියට කන තියලා අහන් හිටිය.
සෝෆා එක තිබුණෙ බිත්තිය ළඟ නිසා ටික වෙලාවක් යද්දි jungkook ගෙ ගොරවන හඬ jimin ට වැඩි අපහසුවක් නැතුවම ඇහුණා.
ඉක්මනට ඇඳෙන් බැහැලා ඇඳුමක් දාගත්තු jimin සද්ද කරන්නෙ නැතුව ඇඟිලි තුඩු වලින් namjoon ගෙ කාමරේට ගියා.
යද්දි namjoon ඇඳේ හාන්සි වෙලා ෆෝන් එක ඔබනවා.
🐣 : hyung
Jimin කතා කරේ රහසින්
🐨 : කුක් නිදිද
🐣 : ඔව් hyung
Jimin කියද්දි දෙන්නා වැඩේ පළවෙනි පියවර ඉස්සරහට තිව්වා. Jimin අඩි සද්ද ඇහෙන්නෙ නැති වෙන්න ඇඟිලි තුඩු වලින් අඳුරු ආලෝකයක් විහිදෙන පොඩි ටෝච් එකක එළියෙන් mansion එකෙන් එළියට ගියා. හොරෙක් වගේ ඇදෙන jimin ගාඩ්ලගෙන් පරිස්සම් වෙන්නත් cctv වලට අහුවෙන්නෙ නැති වෙන්නත් වග බලාගත්තා
Jimin නැවතුනේ හරියටම namjoon ගෙ room එක කෙළින් පහළ mansion එකේ තණකොල ගොල්ලක.
YOU ARE READING
кιℓℓєя 🔞
Fanfictionඑයා රාක්ෂයෙක්.. ඔව් මම දන්නවා.. ඒත් මට එයා රාක්ෂයෙක් නෙවෙයි.. එයා මගේ කූ බබා විතරයි හැමදාටම....💗