😈 32 😈

1.7K 285 31
                                    

🐰 : යා ටේ පැත්තකට වෙන්න මොකද්ද ඔයා කරන්නෙ ආ

🐯 : අනී ඉතින් ගහන්නෙපා හියුන් එයාට පව්නෙ

🐰 : තමුසෙ ජිමින්ටද කැමති ආ...😤 මම දැනගත්තා ගොනා හැරෙද්දි

ජන්කුක් කිව්වෙ ජිමින්ව අතෑරලා ටේ ඉන්න පැත්තට හැරිලා.

🐯 : නෑ හියුන් ඒම එකක් නෑ🥺

🐰 : තමුසේ  බොරු කියන්නෙපා මේ මට..

ජන්කුක් ටේව ඇඳ උඩට තල්ලු කරන ගමන් කිව්වෙ ටේ බඩත් අල්ලගෙන ඇඳ උඩට වැටෙද්දි. ජන්කුක් ටේ දිහා බලන්නෙවත් නැතුව රූම් එකෙන් එළියට ගියා.

🐱 : ජිමිනි ටේ අවුලක් නෑනෙ දෙන්නටම

Yoongi ටේගෙ බඩටත් අතක් තියලා බලලා ඇහුවෙ ටේ නෑ කියන්න ඔලුව දෙපැත්තට වනද්දි.

🐣 : අනී විශ්වාස කරන්න හියුන් ඒම එකක් නෑ අපි දෙන්නගෙ

🐱 : මන් දන්නවා ජිමිනී

යුන්ගි කියද්දි හොබි ජිමින්ට පෙක් එකක් දුන්නා.

🐯 : ඒහ් මන් දැන් දැක්ක එක ඇත්තටම පෙනුනද නැත්තන් හීනයක්ද... යේ යේ චිමියෝ...

ටේ ඔලුවත් කහ කහ අහලා ජිමින්ගෙ කරට පැන්නෙ හයියෙන් හිනාවෙන ගමන්. එයාට දැන් ජන්කුක් කියපු ඒවා මතකත් නෑ.

🐱 : ඒයි දඟලන්නෙපා ටේටේ

යුන්ගි ටේගෙ පස්සටත් එකක් ගහලා කියද්දි ටේ යුන්ගිට හිනාවක් දාලා දිව්වෙ ජන්කුක් එක්ක කතා කරන්න.

'හ්ම්.. ජන්කුක් හියුන් කතා කරන්නෙ නැති වෙද්දි මගේ පපුව හිර වෙනවා වගේ.. ඇයි කියන්න මම දන්නෑ.. එයා ගහද්දි බනිද්දි ඇයි මට තරහා යන්නෙ නැත්තෙ.. ඒ නපුරු වැඩ නැති වෙද්දි මට පාලුයි.. එයා තරහා වෙලාද දන්නෑ.. ඒත්.. ඒත් ඇයි මට එහෙම හිතෙන්නෙ..'

ටේ එක පාරට කාමරේට යන්න බය උනේ ජන්කුක් තරහා ගිහින් හිටියොත් එයාට බනියි කියලා. ඒත් එයාට නොයා ඉන්න බැරි උනා.

ටොක් ටොක් ටොක්

දොරට තට්ටු කරද්ද්දි කාමරේ ඇතුළෙන් හීන් කටහඬක් ආවා.

🐰 : එන්න ලොක් කරලා නෑ

ටේ සද්දයක් ඇහෙන්නෙ නැති වෙන්න දොර ඇරගෙන ඇතුළට ගියා. ජන්කුක් හිතුවට වඩා නිවිලා සන්සුන්ව හිටියා.

кιℓℓєя 🔞Where stories live. Discover now