ටේ ඉල්ලන්නත් බයයි. ඒ කලින් එයාව මෙහෙට ගෙනාපු දවසෙ රෑම වෙච්ච සිදුවීමක් නිස.
Flashback........
Guard ලා හතර දෙනෙක් ටේව උස්සන් ඇවිත් ලොකු ගේට්ටුවක් ඇරගෙන ගිහින් දැල් ගහපු දොරක් ඇරලා ඒක ඇතුළට ටේව දැම්මේ ටේ වෙන්නෙ මොකද්ද කියලාවත් හිතාගන්න බැරුව ඉද්දි. වටපිටාවෙ තිබුණු අඳුර නිසා ටේට ඉන්නෙ කොහෙද මොන වගේ තැනක්ද කියලා පෙනුනෙත් නෑ. ඒත් එච්චර හොඳ තැනක් නෙවෙයි කියලා ටේ තේරුම් ගත්තෙ අඳුරු නිහඬ මූසල වටපිටාවෙන් සැරින් සැරේ ඇහෙන මිනිස්සු වේදනාවෙන් කෙඳිරි ගාන හඬවල් නිසා.
එදා රෑ ටේට නින්ද අහලකටවත් ආවෙ නෑ. රෑට කාලත් නෑ. හවස පහෙන් විතර පස්සෙ ටේගෙ බඩට වතුර උගුරක්වත් වැටිලා තිබුණෙ නෑ. ටේට හොඳටම බඩගිනියි. වතුර තිබහයි. කන්න බොන්න මොනවා හරි හම්බ වෙයි කියලා බලාගෙන හිටියත් අඩුම තරමෙ කිසි කෙනෙක් ඒ පැත්තට ආවෙවත් නෑ.
ටික වෙලාවක් යද්දි ටේගෙ ඇස් අඳුරට හුරු වුණා. ටේ දැක්කා ගොඩක් මිනිස්සු ඉන්නවා. ඒ හැමෝම හිටියෙ කූඩුවක් ඇතුළෙ. ස්වභාවික එළියක් හුළඟක් එන්න කිසිම තැනක් නෑ. ඒ නිසාම මහ රෑ උනත් එතන රස්නෙයි. එයාලා ඉන්න තැනට එහායින් තිබුණු වෙනත් කූඩු ගොඩක හිටියෙ කපලා කොටලා වද දීපු මිනිස්සු. එයාලා හිමින් කෙඳිරි ගානවා. ඒ කිසි කෙනෙක්ගෙ මූනු වල හැඟීම් දැනීම් තිබුණෙ නෑ.
ටේට ඉවසන්න බැරිම තැන එයා එයාගෙ ළඟ ඉන්න කෙනාට කතා කරේ වතුර ටිකක් ඉල්ලගන්න පුලුවන්ද බලන්න.
🐯 : Excuse me uncle 🥺 මට වතුර ටිකක් දෙන්න පුලුවන්ද 🥺
® : වතුර....😡 තමුසෙට වතුර දෙන්නද අයිසේ මම ඉන්නෙ ආ...😡 තමුසෙ කොහෙ එකෙක්ද කියලා අපි දන්නවද...😡
ඒ මනුස්සයා බැනගෙන යද්දි වටේ පිටේ ඉඳපු අනිත් අය හිටියෙ දැක්කෙ නෑ වගේ.
ටික වෙලාවක් කෑ ගහපු ඒ මනුස්සයා එයා ළඟ වැටිලා තිබුණු පොලු කෑල්ලක් අරගෙන ටේට ගහන්න ගත්තෙ ටේ වේදනාවෙන් කෑ ගහද්දි.
ටේ කවදාවත් ඒ වගේ ගුටි කාලා තිබුණෙ නෑ. ගෙදරදි වැරැද්දක් කරත් ඔම්මා කරන්නෙ උකුලට අරන් අවවාද කරන එක. කලාතුරකුන් පාරක් ගැහුවත් ඒ එක පාරයි. ටේගෙ යටිකයෙන් දැනෙන වේදනාව නිසාත් ඇඟෙන් දැනෙන වේදනාව නිසාත් ටේට ඒ හැඩිදැඩි මිනිහා එක්ක හැප්පිලා බේරෙන්න බෑ කියලා තේරෙද්දි ටේ ගුටි කාගෙනම ඉවසගෙන හිටියා.
YOU ARE READING
кιℓℓєя 🔞
Fanfictionඑයා රාක්ෂයෙක්.. ඔව් මම දන්නවා.. ඒත් මට එයා රාක්ෂයෙක් නෙවෙයි.. එයා මගේ කූ බබා විතරයි හැමදාටම....💗