?? : කුකී කුකී
ජන්කුක් බිමට වැටෙද්දි එයාට පොඩ්ඩක්වත් දැනුනෙ නෑ. එයා වටේට තිබුණෙ තද සුදු පාට ආලෝකයක් විතරයි. තමන්ගෙම හාට් එකේ සද්දෙ එයාට ඇහුනෙ කන ළඟින් බෙරයක් ගහනවා වගේ. ජන්කුක් වැටුණු විදියටම හෙලවෙන්නෙවත් නැතුව හිටියෙ එයාට අත පය හොලවන්නත් කම්මැලි දැනුනු නිසා. එයා තවත් තදින් ඇස් දෙක පියාගත්තා. ඊළඟ මොහොතේ එයා අන්ධකාරයකට ටිකෙක් ටික ඇතුළු වුණා.
ඒත් කෑලි කැපෙන අඳුර ජන්කුක්ව ගිල ගන්න කලින් එයා අහන්න පෙරුම් පුරාගෙන ඉඳපු කටහඬ ඇහුනෙ එයා ගැස්සිලා ගිහින් ඇස් දෙක ඇරලා බලද්දි. ජන්කුක් බලාපොරොත්තු උනේ සුදු ඇඳෙගෙන ඉඳපු ටේව. ඒත් ටේ හිටියෙ hospital room එකේ ඇඳක් උඩ.
ජන්කුක් ටේ දිහා හොඳට බැලුවා. එයාගෙ නහයෙන් ලේ ඇවිල්ලා තිබුණෙ නෑ. ටේගෙ කිසිම වෙනසක් වෙලා නෑ. ජන්කුක් හිටියෙ බිම. එයා ඉඳපු පුටුව බිම වැටිලා තිබුණා. ටේත් යුන්ගිත් දෙන්නම ජන්කුක් දිහා බලන් හිටියා.
🐰 : ම.. මට මොකද්ද උනේ
ජන්කුක් පුදුමෙන් ඇහුවෙ එයා කලින් දැකපු දේවල් නිසා.
🐱 : ඔයා හීනයක් දැකලා. දඟලලා බිමට වැටුණා.
යුන්ගි කිව්වෙ තොල් අතර හිනාවක් රඳවගෙන. ජන්කුක් ඒ අතරෙ නැගිටලා ඇඳුමෙ දූවිලි පිහිදාගත්තා. ඊළඟට එයා ටේව බදාගත්තත් එවෙලෙම දෙයක් මතක් වෙලා ටේගෙන් ඈත් උනා.
🐯 : කුකී 🥺
ටේ දුකෙන් ජන්කුක් දිහා බැලුවෙ ඇයි ඈත් උනේ කියලා අහන්න වගේ මූණ හදාගෙන.
🐰 : ඔයාට රිදෙයි මැණික.
ජන්කුක් ටේගෙ තොල් වලට කෙටි හාදුවක් දිලා එයාගෙන් ඈත් වෙද්දි doctor කෙනෙක් room එකට ආවා.
Doctor ටේව බලලා ගොඩක් දේවල් කිව්වා. ඒත් ජන්කුක්ට ඇහුණේ දැන් පේශන්ට්ට ගොඩක් හොඳයි. එයා ගෙදර එක්ක යන්න පුලුවන්. කියලා කියපු වචන ටික විතරයි.
ජන්කුක් ඒ රැය පහන් කරේ නොඉවසිල්ලෙන්. ඒ රෑම ටේව අරන් යන්න හිතුණත් රෑ සීතලට ටේ ලෙඩ වෙයි කියලා හිතුණු නිසා ජන්කුක් ඉවසුවා. ඉවසන්න පුලුවන් උපරිමේටම ඉවසුවා. කවදාවත් තමන්ගේ යට ඇඳුම හෝදගන්න තරමෙ දෙයක්වත් කරලා නැති ජන්කුක් තනියම බඩු පැක් කරන්න ගනිද්දි ටේයි යුන්ගියි හිනාව තද කරගෙන හිටියෙ බොහොම අමාරුවෙන්.
ESTÁS LEYENDO
кιℓℓєя 🔞
Fanficඑයා රාක්ෂයෙක්.. ඔව් මම දන්නවා.. ඒත් මට එයා රාක්ෂයෙක් නෙවෙයි.. එයා මගේ කූ බබා විතරයි හැමදාටම....💗