😈 40 😈

1.4K 240 27
                                    

🐴 : යොන්ජුන්ව අතාරින්න කුක්.. එයා මේ සේරම කරේ අම්මා වෙනුවෙන්..

තමන්ගෙ පිටිපස්සෙන් ඇහුණු කටහඬක් එහෙම කියද්දි ජන්කුක් පිටිපස්ස හැරිලා බැලුවා. ඒ හිටියෙ jhope.

🐰 : මොකද්ද hyung කියන්නෙ

🐴 : කියන්නෙ කියන්න ඕන දේ.. මේක කියවන්න..

Jhope ජන්කුක්ගෙ අතට දුන්නෙ diary එකක්..

🐴 : එයාව මරන්න එපා.. අපි ළඟ තියාගන්නත් එප..

Jhope yeonjun ගෙ පණ නැති සිරුර උස්සගෙන එතනින් ගියේ මේ මගේ එක මල්ලි කෙනෙක් කියන හැඟීමෙන්.

🐰 : එහෙනම් යොන්ජුනුත් එක්ක මෙතෙන්ට ඇවිත් බේරිලා යන දෙන්නෙක් වෙනවා..

ජන්කුක් සුසුමක් හෙලලා jhope පස්සෙ ගෑටුවත් යොන්ජුන් ගැන හිතේ තිබුණු තරහා නැති උනේ නෑ.

🐰 : I wish he dead at the hospital

තමන්ටම මුමුණ ගත්තු ජන්කුක් ඒ මොහොතෙම බෝගම්ව එළියට ගත්තා. ඒක දරුණු ද්වන්ද සටනක්. ජන්කුක් ඉස්සරහට ආපු බෝගම් ජන්කුක් දිහා වෛරය පිරුණු බැල්මකින් බලන් ඉද්දි jungkook ත් ඊට නොදෙවෙනි බැල්මකින් bogun දිහා බලන් හිටියා. ඊළඟ මොහොතෙ ජන්කුක්ගෙ ඇඟට පැනපු බෝගම් ජන්කුක්ව බිම පෙරළගනිද්දි ජන්කුක් බෝගම්ව අත් දෙකෙන් තල්ලු කරලා බිමට පෙරළගෙන බෝගම්ගෙ ඇඟ උඩට ආවා.

බෝගම් ජන්කුක්ගෙ යටිකයට අත මිටමොලවලා පාරක් ගහද්දි ජන්කුක් පැත්තකට පැනගන්න සමත් උනත් එයා ඒ හා සමානම පාරක් බෝගම්ගෙ යටිකයට ගැහුවෙ බෝගම් නොහිතපු වෙලාවක. බෝගම් අදාල ස්ථානය අල්ලගනිද්දි ජන්කුක් බෝගම්ව මුනින් අතට හරවලා පිට උඩින් වාඩි වෙලා උරහිස ළඟින් කඹයක් ගැට ගහලා ඒ  කඹෙන් ඇදගෙන එයාගෙ ආයුධ තියන තැනට වීදුරු කටු ගොඩක් උඩින් ඇදගෙන යද්දි  බෝගම්ගෙ ඇඟෙන් ලේ බේරුණත් එයා ඉවසගෙන හිටියා. ඒ ජන්කුක්ට second වෙන්න බැරි කමට.

බෝගම්ව එතනම අතෑරලා ජන්කුක් කබඩ් එකේ තිබුණු තියුණු පිහියක් අතට ගනිද්දි බෝගම් වැටිලා ඉඳපු තැනින් නැගිට්ටා. ජන්කුක් පිහියත් අරන් බෝගම් ඉඳපු පැත්තට හැරෙන්නත් කලින් ජන්කුක්ගෙ ඇඟට පැනපු බෝගම් ජන්කුක්ගෙ අතේ තිබුණු පිහිය ඇදලා ගත්තෙ ජන්කුක්ගෙ අල්ල ගැඹුරටම කැපිලා යද්දි. ජන්කුක්ගෙන් ලේ බෙරෙනවා දැකපු ගාඩ්ලා ජන්කුක් දිහාට දුවගෙන ආවත් ජන්කුක් එයාලව නැවැත්තුවෙ එයාට තනියම පුලුවන් කියලා.

кιℓℓєя 🔞Where stories live. Discover now