_01_

133 24 2
                                    

~~~~~~~~~

" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "

~~~~~~~~~

" මම නිකන්ම නිකන් දුර්වලයෙක් අදක්ෂයෙක් විතරයි. ඔයාල එක්ක බලද්දි ඇත්තටම මට මොනවද පුලුවන්. කිසිම දෙයක් බෑ.. මම ඔයාලත් එක්ක තවත් හිටියොත් ඔයාලටත් බැරි වෙයි ඔයාලගෙ ලස්සන හීනෙ හැබෑ කරගන්න. "

" හ්‍යුන් ආනියා.. එහෙම කියන්න එපා හ්‍යුන්.. "

" අනියා ජන්ග්කුකා.. මම දැන් නවතින්න ඕනෙ. ඒ නිසා චේබල්., මට යන්න දෙන්න. "

" හ්‍යුන් අන්ද්වේ... ඔයාට බෑ එහෙම කරන්න. "

" හෝසොකා චේබල් මෙහෙම කරන්න එපා. ඔයා නැතුව අපි සම්පූණ වෙන්නෙ කොහොමද..? ඔයා දැන් අතෑරියොත් හැමදේම මෙතනින් නතර වෙයි. අපිට ඔයාව ඕනේ හෝසොකා. "

" මියන්හේ නම්ජුනා.. දෙකා මියන්හේ.. ( මට සමාවෙන්න ) මම තමයි ඔයාලට ඉන්න එකම බාධාව ඒ නිසා මේක තමයි හොදම දේ.. "

කකුල් දෙකට හේත්තු කරගෙන තිබුණ රෝද සහිත රතු පැහැති බෑගය ඉදිරියට තල්ලු කරගෙන හොබී ඩෝම් එකේ ඉදිරි දොරෙන් පිට වෙලා යද්දි අනිත් සාමාජිකයො හැමෝම කරකියාගන්න දෙයක් නැතුව අසරණ වෙලා බිම බලන් හිටියෙ ඇස්වල කදුලු දෝරෙ ගලද්දි.

කණ්ඩායමේ ළාබාලම සාමාජිකයා වුණු චූටි කුකීට තමන්ගෙ හ්‍යුන්ගෙ ඒ හැරයාම දරාගන්න තරම් ශක්තිමත් මනසක් තිබුණෙ නෑ. ඒ නිසාම කුකී පුංචි දරුවෙක් වගේ අඩන ගමන් හොබී පස්සෙන්ම ඩෝම් එකෙන් එළියට ආවා.

ජන්ග්කුකී එළියට එනකොටත් හොබී ගේට්ටුවෙන් එළියට යමිනුයි හිටියෙ.

" හ්‍යුන් නවතින්නකෝ... "

මට විශ්වාසයි හොබීට පුංචි කුකීගෙ ආයාචනාව හොදින්ම ඇහුන කියලා. ඒ වුණත් හොබී මද සිනහවකින් මුහුණ සරසගෙන ඒ කලු පැහැති ගේට්ටුවෙන් එළියට ගියා.

කලබලෙන් දුවගෙන ආපු පුංචි කුකී ගේට්ටුවෙන් එළියට ඇවිත් වටපිටාව බලමින් හොබීව හෙව්වත් හොබී පේන්න හිටියෙ නෑ. ඒත් තරමක් ඈතින් හොබීගෙ බෑගය මාර්ගය අයිනක තියෙනව පුංචි කුකීගෙ ඇස් වලට අහු වුණා. ඒත් එක්කම කුකීගෙ ඇස් මාර්ගය මැද නතර වුණා.

ලග ලගම වේගයෙන් එන බස් රථයක් වගේම ඒ දිහා බලාගෙන ඉන්න හොබී දිහාවට කුකීගෙ දෑස් යොමු වෙනවත් එක්කම පැමිණි බස් රථය එක් ක්ෂණයකින් හොබිව ආවේගෙන් සිප ගත්තා.

" හ්‍යුන් අන්ද්වේඒඒඒඒ.... "

________________________________

KIASA 🍁

LITTLE HOPE  || JHS || ONESHOT ✔️Where stories live. Discover now