_09_

50 17 4
                                    

~~~~~~~~~

" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "

~~~~~~~~~


" ආයිශ්.... එක්කො මේ ෆෝන් එකට පිස්සු.. නැත්තන් මේක කැඩිලා.. ඒ දෙකම එහෙම නෙමෙයි නම් මට පිස්සු වෙන්න ඕනේ.. "

" මොකද්ද මේ වෙන්නෙ..? මේ වෙන දේවල් වල කිසිම තේරුමක් නෑනෙ.. "

" අනී.. චම්කන්.. " (ටිකක් ඉන්න)

තමන්ගෙ කොණ්ඩෙ එක අතකින් ඇදගන්න ගමන් දුරකතන තිරය දිහා බලාගෙන හිටිය ජන්ග්කුක් එයින් දෑස් ඉවතට අරගෙන බෙල්ල පැත්ටකට හරවගෙන කලබලෙන් ඇස් එහාට මෙහාට අරගෙන ගියේ දෙයක් මතක් කරගන්න උත්සහ කරනව වගෙයි.

" 2013 අප්‍රේල් 17 "

" අප්‍රේල් 17 "

" අප්‍රේල් 17 "

" අප්‍රේල් 17 "

ජන්ග්කුක්ගෙ දෙතොල් මන්තරයක් වගේ ඒ දිනේ මුමුනන්න ගත්තා.

" අනී.. මේ දවස..? එදා..එදා තමයි... "

" එතකොට මේ ඇහුන සද්දෙ...? "

ජන්ග්කුක් සම්පූර්ණයෙන්ම කලබල වුණු බවක් දකින්න තිබුණා. ඒත් එක්කම මහ හඩින් වර්ෂාවක් ඇද හැලෙන්න ගත්තෙ කලබලෙන් වගේම පුදුමයෙන් හිටපු ජන්ග්කුක්ගෙ හදවතට යම් තරමක බයකුත් මුසු කරන ගමන්.

" වැස්ස..? "

' මං මේ දකින්නෙ හීනයක්ද..? ඒ වුණත් මේක හීනයක් වෙන්න බෑ.. හැමදේම දැනෙන්නෙ ඇත්ත වගේමයි.. '

' මේ දිනේ මේ වෙලාව හරියටම හරි නම් ඒ ඇහුන පිපිරීම් සද්දෙ වගේම මේ වැස්සත් ඇත්ත නම් මේ වෙන්නෙ අතීතයේ වෙච්ච දෙයක්.. '

විනාඩි කිහිපයක් ඇතුලත කල්පනාවෙන් නිගමනයකට ආපු ජන්ග්කුක් ෆ්ලෑෂර් එක තමන් හිටිය තැන වටපිටාවට යොමු කළා.

' ඔව්.. මං ඉන්නෙ බිග් හිට් පරණ බිල්ඩින්ග් එකේ.. එතකොට එදා වෙච්චි දේ.. හොබි හ්‍යුන්..? '

" අනී... අන්ද්වේ... "

එහෙම කියපු ජන්ග්කුක් පුලුවන් උපරිම වේගෙන් දුවගෙන ගිහින් කොරිඩෝව කෙළවරේ තිබුණ පඩි පෙළෙන් පහත මහළට බැස්සා.

' මං හිතුව හරියටම හරි.. ඒ කරන්ට් ෂෝට් එක.. එතකොට හොබී හ්‍යුන්..? එයා ඇත්තෙ රෙකෝඩින්ග් රූම් එකේ. '

තමන් හිටිය මහළ කෙළවරේ ඇවිලෙන ගින්න දිහා බලාගෙන එහෙම හිතපු ජන්ග්කුක් පුලුවන් උපරිම වේගෙන් ඒ ගින්න දිහාවට දුවගෙන ගියා.

__________________________

KIASA 🍁

LITTLE HOPE  || JHS || ONESHOT ✔️Where stories live. Discover now