~~~~~~~~~
" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "~~~~~~~~~
Future World - 2022
" හ්‍යුන් අන්ද්වේඒඒඒඒ... "
" ක්කැහැක්හ් කැහැක් කැක් කැහැක්.. "
" ආආහ් මොකද්ද ඒ හීනේ.. කවදාවත් එහෙම දෙයක් වුණේ නෑනෙ.. හොබී හ්‍යුන්., එයා අපි එක්ක හැමදාම හොදින් හිටියනේ.. ඒත් ඒත් මොකද්ද ඒ..? "
ස්වේත වර්ණය තේමාව කරගත් කාමරයක මේසය මත ඔලුව තියාගෙන නින්දට වැටිලා හිටපු ජන්ග්කුක් අත් දෙකෙන්ම තමන්ගෙ කොණ්ඩෙ අව්ස්සන ගමන් තමන්ගෙන්ම එහෙම ප්‍රශ්න කළා.
' ඕහ්..! ඇයි මේ කදුලු..? '
දාගෙන හිටපු තරමක් විශාල කොටු හැඩයේ කලු පැහැති රාමුවක් සහිත කණ්ණාඩිය ගලවලා අතට ගන්න ගමන් තමන්ගෙ ඇස්වලින් හිතු මතේ ගැලුව කදුලු පිහදාන ගමන් ජන්ග්කුක් කල්පනා කළා..
' ඒක හරි අමුතුයිනෙ.. මට දැනුනෙ මං එතන හිටිය වගේ.. හ්‍යුන් ඇයි එහෙම තීරණයක් ගත්තෙ.? හොබී හ්‍යුන් කවදාවත් එහෙම කඩාගෙන වැටුන කෙනෙක් නෙමෙයිනෙ.. '
එහෙම හිත හිත සිහින් දිගු ඇගිලි වලින් තමන්ගෙ නළල පිරිමදින ගමන් හිටිය ජන්ග්කුක්ගෙ අන්ධකාරය පරදන කාල වර්ණ රවුම් දෑස් මේසය මත දිගෑරලා තිබුණ " life changing times " නමැති පොත දිහාට යොමු වුණා.
" ආආයිශ් කවදාවත් නැතුව මේ විකාර පොතක් කියවන්න අරන් තමයි මේ සේරම.. "
ඔරුප්පුවෙන් එහෙම කියන ගමන් පොතට විරිත්තපු ජන්ග්කුක් සද්දෙන් පොත වහල දාලා අතේ තිබුණ කණ්ණාඩිය පරිස්සමට මේසෙ උඩින් තියලා කාමරේ මධ්‍යයේ තිබුණ තමන්ගෙ සුවපසු ඇදට කරනමක් ගැහුවා.
දැල්වුණු ආලෝක බුබුලු කිහිපය නිවල දාපු ජන්ග්කුක් ඇදේ තිබුණ තරමක් විශාල කොට්ටය තමන්ගෙ අත් අතරට මැදි කරගෙන දෑස් පියාගත්තෙ සුවපසු නින්දක් බලාපොරොත්තුවෙන් වුණත් නින්ද ඔහුව සොයාගෙන ආවෙ නෑ.
ඒ වෙනුවට වුණේ එන්න එන්නම ජන්ග්කුක්ගෙ සිතුවිලි ව්‍යාකූල වෙච්චි එක.
" ආආශ් මට නිකන් පිස්සු වගේ.. ඒක මහ විකාර හීනයක්නෙ. "
තුරුලෙ තිබුණ කොට්ටෙටත් පයින් පාරක් ගහල ඇදේ ඉදගත්තු ජන්ග්කුක් ඇඳට අතුරලා තිබුණ ස්වේත වර්ණ ඇතිරිල්ල දෑතින් ඉහළට ඇද්දා.
" සොල්මා.. (කොහෙත්ම නැහැ) හ්‍යුන්ට කරදරයක්වත්ද..? "
_________________________
KIASA 🍁
BẠN ĐANG ĐỌC
LITTLE HOPE || JHS || ONESHOT ✔️
Fanfiction" I would not be here If you did not come .. So You are the reason I stay alive today .. " Start Date 📆 : 2022.02.18 End Date 📆 : 2022.02.22 BTS ♡ Jung Ho Seok ~ Fan Fiction Only ✍️