~~~~~~~~~
" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "~~~~~~~~~
Present World - 2013 May
' ඕහ්..! ඇයි මම මෙතන.. මේ අපේ ඩෝම් එකේ පස්සහ දොරනේ. '
ජන්ග්කුක් වටපිට බලන ගමන් කල්පනා කළා. මුලු පරිසරයම ඉහිලිය නොහැකි තරම් නිහඩතාවයක ගිලිලා තිබුණා. ඒ වුණත් ජන්ග්කුක්ගෙ හදවත ඝෝෂාව රජනය තැනක් බවට පත් වෙලා තිබුණා.
' මට මෙහෙම බලන් ඉන්න වෙලාවක් නෑ.. මං හ්‍යුන්ව හොයා ගන්න ඕනේ. ඒත්.. ඒත් මං හැමදාම ආවෙ හරිම තැනට.. මං හිතනවා අදත්.., '
" ඕහ් හොබී හ්‍යුන්.. "
පිටවීමෙ දොර ඉදිරියේ හිටගෙන හිටිය ජන්ග්කුක් දැක්කෙ දොර දිහාවට රතු පැහැති බෑගයකුත් තල්ලු කරගෙන ඇවිදන් එන හොබීව.
කලබලෙන් වටපිට බලපු ජන්ග්කුක් ලගම තිබුණ කබඩ් එකක් සහ බිත්තියක් අතර වුණ හිඩසකට රිංග ගත්තා.
' හ්‍යුන්..? මං හිතන්න මේ තමයි මං දැකපු හීනේ.. ඒ කියන්නෙ හ්‍යුන් මේ යන්නේ..? '
" අනියා.. හ්‍යුන් අන්ද්වේ.. ඔයාට බෑ.. "
ජන්ග්කුක් එහෙම මුමුණන ගමන් ඇරුණ දොරෙන් එළියට යන හොබීව නතර කරගන්න යන්න අඩි කිහිපයක් දුවගෙන ඉදිරියට ගියත් එකවරම ආපිට බලලා එහෙමම නතර වුණා.
' අනී.. ඔහොම ඉන්න ජන්ග්කුක්.. හීනෙ තිබුණ දේ ඒ විදියටම වෙනව නම් චූටි ජන්ග්කුක් අනිවාරෙන්ම දැන් එන්න ඕනේ.. චූටි හොබී හ්‍යුන් මාව දැක්කත් එයා මාව දකින්න බෑ. එයා මාව දැක්කොත් නොහිතන දේවල් වෙන්න පුලුවන්. '
' මං එයා එළියට එන එක නවත්තන්න ඕනේ. ඒ වගේම හොබී හ්‍යුන්ව බේරගන්න ඕනේ.. ජන්ග්කුක් හිතනවා...'
" ඕහ් කී කාර්ඩ්..? "
එක ක්ෂණයකින් විය හැකි සිදුවීම් කිහිපයක්ම පිළිබදව අවසන් නිගමනයට එළඹුන ජන්ග්කුක් දොර ඇතුල් පැත්තෙ තිබුණ කී කාඩ් එක අතට අරගෙන ඩෝම් එකෙන් එළියට ගිහින් දොර එළියෙන් ලොක් කරලා දාලා කී කාර්ඩ් එක එතන බිමට අතෑරලා ගේට්ටුව දිහාට දුවගෙන ගියා..
" හ්‍යුන් චේබල්.. ඉන්න.. ඕක කරන්න එපා.. "
" චේබල් හ්‍යුන් "
තමන් හිටිය තැනට තරමක් දුරින් බෑගය පාර අයිනෙන් තියලා පෑර මැදට ඇවිදගෙන යන හොබී දිහාත් හීයක වේගයෙන් ඈතින් හොබී දිහාට ඇදී එන බස් රථය දිහාත් මාරුවට බලන ගමන් ඒ දිහාට පුලුවන් වුණු උපරිම දුවන ජන්ග්කුක්ගෙ මුව මුමුණන්න ගත්තා.
_______________________________
KIASA 🍁
YOU ARE READING
LITTLE HOPE || JHS || ONESHOT ✔️
Fanfiction" I would not be here If you did not come .. So You are the reason I stay alive today .. " Start Date 📆 : 2022.02.18 End Date 📆 : 2022.02.22 BTS ♡ Jung Ho Seok ~ Fan Fiction Only ✍️