~~~~~~~~~
" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "~~~~~~~~~
Present World - 2013 May
' ඕහ්..! ආයෙමත් මම අතීතයට ඇවිත්.. අනී.. අතීතයට නෙමෙයි.. අර පොත කියන විදියට මේක අපි වගේම වෙනත් ග්‍රහලෝකයක් වෙන්න ඕනේ. හරියටම අපේ කොපි එකක් වගේ.. '
එහෙම හිතන ගමන් ජන්ග්කුක් තමන් හිටිය කොරිඩෝ එක දිගේ ඉස්සරහට ටික දුරක් ඇවිදගෙන ගියා.
" ආයෙම වතාවක් බිග් හිට් පරණ බිල්ඩින්ග් එකමයි. ඒත් මං ඇයි මෙහාටම එන්නේ..? "
නළල රැලිගන්වන ගමන් තමන්ගෙම ප්‍රශ්න කරපු ජන්ග්කුක් ආයෙම වතාවක් පස්සහ හැරිලා කොරිඩෝවෙ අනෙක් කෙළවරේ වුණ පඩිපෙළ දිහාවට යන්න ගියත් අතර මැද තිබුණ විවර වුණ දොරක් සහිත කාමරයක් නිසා ජන්ග්කුක්ගෙ දෙපා එතන නතර වුණා.
" ආආආහ්.. PD නිම්ගෙ කාමරේ.. "
ජන්ග්කුක්ගෙ මූණෙ දග හිනාවක් ඇදුනා.
විවර වෙලා තිබුණ දොරෙන් ජන්ග්කුක් ඒ කාමරයට යන්න හැදුවත්..,
" හෝසොක්ව මෙහෙම තියාගෙන අපිට එයාලව ඩිබියුට් කරන්න විදියක් නැහැ. එන්න එන්නම එයාගෙ පර්ෆෝමන්ස් වල කොලිටි එක අඩු වෙනවා. "
PD ගෙ වචන ජන්ග්කුක්ව නතර කළා.
' මොනවද පීඩීනිම් මේ කියවන්නේ..? හොබී හ්‍යුන් මුල් කාලෙදි බය වුණා තමයි. ඒත් හ්‍යුන් නරක නෑ. හ්‍යුන් හොදට පර්ෆෝම් කරනවනෙ.. '
ජන්ග්කුක්ට හිතුනෙ එහෙම.
" මේ විදියට ගියොත් අපිට ප්ලෑන් කරපු දවසට එයාලව ඩිබියුට් කරන්න බැරි වෙනවා. අනිවාරෙන්ම අපි අද තියෙන මීටින්ග් එකේදි හෝසොක් ගැන තීරණයක් කරන්න ඕනේ. "
ජන්ග්කුක් පුදුමයෙන් වගේ කාමරය ඇතුලෙ පුටුවක වාඩි වෙලා දුරකතන ඇමතුමක නිරත වෙලා ඉන්න පීඩී දිහා බැලුවා.
" තීරණයක් ගන්න..? "
ජන්ග්කුක්ගෙ දෙතොල් මිමිනුවා.
" හෝසොක්ව තව දුරටත් අනිත් අය එක්ක තියාගන්නවද නැද්ද කියල වගේම එයාව ඩිබියුට් කරන්න සුදුසුද කියල අපි අනිවාරෙන්ම අද තීරණය කරමු. "
පීඩීගෙ ස්ථිර වචන අවසානයේ ජන්ග්කුක් සහමුලින්ම කලබල වුණු බවක් දකින්න තිබුණා.
' අනියා.. මේක වෙන්න බෑ.. හ්‍යුන් නැති වුණොත් කවදාවත් අපි සම්පූර්ණ වෙන්නෙ නෑ.. කිසිම දවසක BTS කියන කණ්ඩායම හොබී හ්‍යුන් නැතුව නිර්මාණය වෙන එකක් නෑ. '
එහෙම හිතපු ජන්ග්කුක් පීඩීගෙ කාමරයට කඩාවදින්න හැදුවක් එක් නිමේෂයකින් ජන්ග්කුක් ආයෙම වතාවක් පස්සට වුණා.
' අනී..අනියා.. මේක මට කරන්න බෑ.. මං දැන් එතනට ගියොත් මේ තියෙන තත්වෙ තවත් නරක අතට හැරෙයි. '
" ජන්ග්කුක් හිතන්න.., හිතනව ජන්ග්කුක් මේ වෙලාවෙ කාටද මේක වෙනස් කරන්න පුලුවන්..? "
දෑත් එකට අතුල්ලමින් කෙටි අඩි වේගවත්ව තියන ගමන් කොරිඩෝ එකේ ඉදිරියට ඇවිදගෙන යන ජන්ග්කුක් තමන්ගෙන් එහෙම ප්‍රශ්න කළා.
' ආහ්.. නේ.. මේ වෙලාවෙ මේ ප්‍රශ්නෙට හොදම විසදුම එයා ළග අනිවාරෙන්ම ඇති. '
එහෙම හිතපු ජන්ග්කුක් තමන්ගෙ දෑස් ඉදිරියේ තිබුණ පඩිපෙළ දිගේ ඉහළට ගිහින් නොපෙනී ගියා.
____________________________
KIASA 🍁
YOU ARE READING
LITTLE HOPE || JHS || ONESHOT ✔️
Fanfiction" I would not be here If you did not come .. So You are the reason I stay alive today .. " Start Date 📆 : 2022.02.18 End Date 📆 : 2022.02.22 BTS ♡ Jung Ho Seok ~ Fan Fiction Only ✍️