_18_

43 16 4
                                    

~~~~~~~~~

" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "

~~~~~~~~~


~~~~~~

' නිරීක්ෂීය විශ්වයෙන්* එහා වුවත් ජීවීන් ජීවත්වීමේ සම්භාවිතාවයක් තිබෙන බව ඔබ දැන සිටියාද..? '

' විද්‍යාඥයින් පවසන ආකාරයට මෙම විශ්වය අනන්ත දිශාවකට විහිදෙමින් පවතී. අවසානයක් නොමැතිව විශ්වය එලෙස අනන්ත දිශාවකට පැතිරෙන නිසාම අනන්ත වූ සිදුවීම් රාශියක් සිදුවීමේ සම්භාවිතාවයක් පැවතිය හැකියි. '

' ඒ අනුව එම අනන්ත සිදුවීම් අතර අනන්ත දුරකින් හෝ ඔබේ ග්‍රහ ලොව වැනිම ලොවක ඔබ වැනිම අයෙක් සිටීමේ සම්භාවිතාවයක් තිබිය හැකියි. '

~~~~~~


' ඕඕහ්හ්..! ඒ කියන්නේ මං සැරෙන් සැරේට මොන විදියකින් හරි යන්නෙ අපේ ග්‍රහ ලෝකෙ වගේම, අපි වගේම අය ඉන්න තැනකටද..? '

" අනියා.. ආඅයිශ්.. ඒත් ඒක..! "

ජන්ග්කුක්ගෙ සිතුවිලි වගේම ඔහුගෙ මනස තිබුණෙ සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙලා.. පොතේ සදහන් වෙලා තිබුණ කරුණෙන් කරුණ තමන්ගෙ ඇස්වල ගැටෙද්දි ඒ හැම කරුණක්ම තමන් අත්විදින අත්දැකීම සමග ගලපන්න උත්සහ කරන ගමන් ජන්ග්කුක් ආයෙම වතාවක් තමන්ගෙ පූර්ණ අවදානය පොතට යොමු කළේ ඊලග පරිච්ඡේදයට ඇස් යොමන ගමන්.


~~~~~~~

' පෙර සදහන් කළ ආකාරයේ ලොවකට හිමි නාමය වනුයේ සමාන්තර ලොව යන්නයි. මෙම ලෝක පවතින්නෙ අනන්ත දුරකින් නිසා ඇතැම් විට එම ලෝක, ඔබගේ කාල රේඛාවෙන් පිට එහෙමත් නැත්නම් ඔබගේ කාල රේඛාවෙන් වෙනස් වූ කාල රේඛාව ගමන් ගන්නා ලෝකයන් විය හැකියි. '

' නිදසුනක් ලෙස ඔබ ජීවත් වන ග්‍රහ ලෝකයේ මේ මොහොත වන විට ගෙවී යන්නේ 2022 වර්ෂය වුවත් ඇතැම් සමාන්තර ලොවක එය 2002 වර්ෂය විය හැකි අතර ඇතැම් ලොවක එය 2052 විය හැකියි. '

~~~~~~~

" දඩාආආආස්.. "

" ඔම්මෝ.. බම්..! ඔයා මාව හොදටම බය කළා. "

සද්දෙන් සුසුමක් හෙලපු ජන්ග්කුක් තමන්ගෙ පාමුලට හිස් කෑම පිගාන අතෑරල තමන් දිහා බලන් ඉන්න බම්ට එහෙම කියද්දි බම් අමනාපෙන් වගේ ඉවත බලා ගත්තා.

" ඕහ් බමියා... මියන්.. ඔයාට බඩගිනිද..? "

" චින්ජා මියන්.. (ඇත්තටම සමාවෙන්න) මට අමතක වුණා.. ඇත්තටම මම ඉන්නෙ හොදටම අවුල් වෙලා බම්.. මේ පැටලිල්ල ලෙහාගන්න ක්‍රමයක් මං හොයා ගන්නම ඕනේ. "

" සේරටම කලින් අපි කාලා ඉමු.. කජා.. " (අපි යමු)

එහෙම කියලා තමන් කියන දේවල් ඉවත බලාගෙන වුණත් අහගෙන ඉන්න බමීවත් ඉස්සර කරගෙන ජන්ග්කුක් තමන්ගෙ කුස්සිය දිහාවට යන්න යද්දි ජන්ග්කුක් පෙරලලා තියල ගිය පොත පිටු එකිනෙන එකතු වෙලා ඉබේටම වැහිලා ගියේ තිබුණ තැනිනුත් අතුරුදහන් වෙන ගමන්.

_____________________________

A/N :- * විශ්වය ලෙස දුරේක්ෂ ඇසට හසුවන දුරෙහි ඇති ප්‍රදේශය.

_____________________________

KIASA 🍁

LITTLE HOPE  || JHS || ONESHOT ✔️Wo Geschichten leben. Entdecke jetzt