_23_

38 14 2
                                    

~~~~~~~~~

" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "

~~~~~~~~~


ජන්ග්කුක් හිටියෙ ඔහුගෙ නාන බේසම තුළ. එහි අඩක් මද උණුසුම් ජලයෙන් පිරී තිබුණා. තද කලු පැහැති වටකුරු දෑස් තදින් පියාගෙන ගැඹුරු නින්දක මෙන් හිටිය ජන්ග්කුක් ඔහුගෙ දෑස් එක වරම විවර කරලා ඒ නාන බේසමේ හරිබරි ගැහිලා ඉදගත්තා.

' ඕහ්..! ආයෙම මං ඇවිත් තියෙන්නෙ වෙන තැනකට.. '

එහෙම හිතපු ජන්ග්කුක්..,

" ආආයිශ්.. මගේ ෆෝන් එක.. "

වතුරෙ ගිලිලා තිබුණ තමන්ගෙ සාක්කු මත දෑත් අරන් යන ගමන් දුරකතනය හොයන්න ගත්තා.

📲📲📲📲📲📲

' ඒක කාමරේද..? '

තමන්ගෙ කාමරේ දිහායින් ඇහෙන දුරකතනය නාද වෙන හඩට ඇහුම්කන් දුන්න ජන්ග්කුක් සැනසුම් සුසුම් හෙළන ගමන් ආයෙම වතාවක් ගැඹුරු හුස්මක් අරගෙන ඒ නාන බේසම පතුළෙන් හාන්සි වුණා.

' තවදුරටත් මේ වෙන දේ විකාරයක්, මගේ ඔලුවෙ මැවුණ මනස්ගාතයක් කියල හිතන එක සාදාරණ නෑ. මේ වෙන හැමදේකටම හේතුවක් අනිවාරෙන්ම තියෙන්න ඕනේ. '

' මං පොතෙන් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න හැදුවත් මට ඒක දිගටම කියවන්න බෑ. ටිකක් දුරට කියවගෙන යද්දි.., '

" කැහැක් කැක් කැහැක් ක්කැහැක්හ් "

" හුස්ම..හිර..වෙ..ලා මැ.. ක්කැහැක් කැහැක් කැක් මැරෙන්න තිබුණා.. "

වතුර යට ගිලිලා දෑස් පියාගෙන පියවි සිහිය නොමැති වූවාක් මෙන් කල්පනාවක හිටිය ජන්ග්කුක් හුස්ම ගැනීමට නොහැකිව ගිහින් වතුරෙන් උඩට ආවේ වේගයෙන් කහින ගමන්.

ඇගේ තිබුණ ඇදුම් ටික උනා දමලා සුදු පැහැති බාත් රොබ් එක ඇගලාගත්තු ජන්ග්කුක් පපුවට අතක් තියාගෙන නානකාමරයෙන් තමන්ගෙ කාමරයට ගිහින් එහෙමම ඇද මතට වැටුණෙ හුස්ම හිරවෙන්න ගිය අපහසුවට වගේම කලින් සෑහෙන්න දුරක් දුවපු මහන්සිය නිසයි.

තරමක් වෙලා දෑස් වසාගෙන හිටිය ජන්ග්කුක්ගෙ අතහි යමක් ගැටුණ බව දැනුන නිසා ඔහු තමන්ගෙ දෑස් විවර කරලා ඒ දිහා බැලුවා.

' ආහ්..! එයාලා දෙන්න හැම වෙලාවෙම ඉන්නෙ එකටමයි.. '

තමන්ට තරමක් එහායින් ඇදේ කොණක තිබුණ පොතත් කණ්ණාඩියත් දිහා බලපු ජන්ග්කුක් එහෙම හිතලා ආයෙම දෑස් වසා ගත්තා.

" චම්කන්.. " (ටිකක් ඉන්න)

ආයෙම ඔහුගෙ දෑස් විවර වුණා. ඒ වතාවෙ ඒ වටකුරු දෑස්වල තිබුණ විඩාබර ගතිය තරමක උද්‍යෝගයකට හැරිලා තිබුණා.

" ආආයිශ්.. මං කොහොමද මෙච්චර මෝඩයෙක් වුණේ.. මට තව ටිකක් ඒ ගැන හිතන්න තිබුණා. "

' මම වෙනත් ලෝකෙකට යනව නම් ඒ විදියට යන්න ක්‍රමයක් අනිවාරෙන්ම තියෙන්න ඕනේ. ඒක මම දැනුවත්ව වුණ දෙයක් නෙමෙයි.. ඒත් මම ඒ ලෝකෙට ගියපු හැමවෙලේම මම හිටියෙ මේ පොත කියව කියව. විශේෂම දේ තමයි එතකොට මං මේ කණ්ණාඩිය දාගෙන හිටපු එක. '

' නේ.. මාජා.. (ඔව් ඒක හරි.) එහෙම හිතල බලද්දි මං මේ කණ්ණාඩිය කලින් කොච්චරවත් පාවිච්චි කරලා තියෙනවා. ඒ කිසිම දවසක මට මේක දාගෙන නින්ද ගියේ නෑ. ඒත් මේ පොත කියවද්දි ඒක ඊට වඩා වෙනස් වුණා. '

ඇද කොණේ වුණු පොත වගේම කණ්ණාඩියත් දෑතට ගත්තු ජන්ග්කුක් ඒ දිහා කල්පනාකාරීව බලාගෙන හිටියා.

____________________________

KIASA 🍁

LITTLE HOPE  || JHS || ONESHOT ✔️Donde viven las historias. Descúbrelo ahora