~~~~~~~~~
" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "~~~~~~~~~
' හ්‍යුන්.., එයා කොහෙද..? '
තමන්ගෙ නහය කටත් එක්කම මිරිකල අල්ලගෙන ෆ්ලෑෂර් එක හැම තැනටම යොමුකරන ගමන් එහෙම හිතපු ජන්ග්කුක් ඒ වෙනකොටත් දුමාරයෙන් සම්පූර්ණයෙන්ම වැහිල ගිය රෙකෝඩින් රූම් එක ඇතුලට ගියේ කලබලෙන් වුණත් පරීක්ෂාකාරීව බලන ගමන්.
" ඕහ් හ්‍යුන්..! හ්‍යුන් නැගිටින්න අපි එළියට යන්න ඕනේ.. "
" ක්කැහැක්හ් කැහැක් ක්කැහ් ක්කැහැක්.. "
හෙඩ් සෙට් එකත් එක්කම බිම වැටිල හිටිය හොබීව නැගිට්ටවන්න උත්සහ කරන ගමන් ජන්ග්කුක් එහෙම කියද්දි හොබී හුස්ම ගන්න අමපසුවෙන් වගේ කහින්න ගත්තා.
" හ්‍යුන් අපි යන්න ඕනේ.. "
එහෙම කියල අමාරුවෙන් හුස්ම ගන්න හොබී දිහා බලපු ජන්ග්කුක් තමන්ට වඩා ශරීර ප්‍රමානයෙන් වගේම වයසිනුත් කුඩා වුණ හොබීව තමන්ගෙ අත්වලට අරගෙන තමන්ගෙ හුස්ම පුලුවන් තරම් හිර කරගෙන ඒ රෙකෝඩින් රූම් එකෙන් එළියට යන්න ආවත් පිටවීමෙ දොරට අඩි කිහිපයක් පමණක් තියද්දි රෙකෝඩින් රූම් එක ඇතුලෙ වුණු මහා පිපිරීම නිසා විසි වෙලා ආපු තියුණු යමක් ජන්ග්කුක්ගෙ උරහිසේ වැදුනා..
" ආආආහ්හ්...! "
ජන්ග්කුක්ට නොසෑහෙන වේදනාවෙන් දැනුනත් තමන් අතේ හිටිය හොබීව තවත් තමන්ගෙ අත් අතරට හිර කරගෙන ගින්නෙන් පුලුවන් තරම් ඈතට ඇවිදගෙන ගිහින් හොබීව බිමින් දිගා කරවද්දි හොබී ආයෙම වතාවක් අමාරුවෙන් හුස්ම ගන්න ගමන් කහින්න පටන් ගත්තා.
" කැහැක් ක්කැහ් ක්කැහැක්.. "
හොබී අමාරුවෙන් දෑස් පියාගෙන හුස්ම ගන්න උත්සහ කරද්දි හොබී ලගින්ම බිමින් ඉදගෙන උරහිසෙන් දැනෙන වේදනාව නිසාම බිත්තියට පැත්තකින් හේත්තු වුණු ජන්ග්කුක් තමන්ගෙ හුස්ම සාමාන්‍ය අතට හරවගන්න උත්සහ කළා.
" හ්‍යුන්.., හ්‍යුන් ක්වෙන්චානා... " (ඔයා හොදින්ද.?)
බිම වැතිරිලා නිසොල්මන්ව ඉන්න හොබීව යන්තමින් හොලවන ගමන් ජන්ග්කුක් එහෙම ඇහුවත් එතෙක් වෙලා අමාරුවෙන් හුස්ම ගත්තු හොබී තව දුරටත් හුස්ම ගන්න වගක් පේන්න තිබුණෙ නෑ.
ඒ එක්කම තමන්ගෙ පිට දිගේ උණුසුම් දියරයක් ගලායන බව දැනෙන්න ගද්දි හොබීට කතා කරන ගමන්ම අනෙක් අත ජන්ග්කුක් තමන්ගෙ රිදුම් දෙන උරහිස මතින් තිබ්බා.
" ආආහ්හ්..! ආඵාහ්.. " (රිදෙනවා)
අතට දැනුනු තෙත ගතිය නිසාම අත දිහා බලපු ජන්ග්කුක්ට ඈත ඇවිලෙන ගින්නෙ එළියෙන් තමන්ගෙ අතේ තිබුණ රක්ත වර්ණ රුධිරය දකින්න පුලුවන් වුණා.
" ඕහ් ලේ...! "
දෑසින් වේදනාතමක කදුලු කැට එකිනෙක ගලාගෙන එද්දි ඒ ලේ තැවරුණ අතින්ම දාගෙන හිටපු කණ්ණාඩිය ජන්ග්කුක් තමන්ගෙ දෑස් වලින් ඉවත් කරනවත් එක්කම ඔහුගෙ දෑසට පෙනි පෙනි තිබුණ හොබීගෙ සිරුර ඔහුගෙ දෑස්වලට නොපෙනි ගියා..
_____________________________
KIASA 🍁
YOU ARE READING
LITTLE HOPE || JHS || ONESHOT ✔️
Fanfiction" I would not be here If you did not come .. So You are the reason I stay alive today .. " Start Date 📆 : 2022.02.18 End Date 📆 : 2022.02.22 BTS ♡ Jung Ho Seok ~ Fan Fiction Only ✍️