_11_

49 17 10
                                    

~~~~~~~~~

" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "

~~~~~~~~~

Future World - 2022 January

" ආආආහ්හ්... ම්ම්ම්ම්... ආඵාහ්... " (රිදෙනවා)

ස්වේත වර්ණ බිත්තියකට හේත්තු වෙලා හිටිය ජන්ග්කුක්ගෙ මුවින් එහෙම පිටවුණත් ඔහුගෙ දෑස් පියවිලා තිබුණා.

" අනියා.. හ්‍යුන්... හොබී හ්‍යූඌඌඌන්.. "

මහ හයියෙන් කෑගහගෙන හිටපු තැනින් නැගිටපු ජන්ග්කුක් කලබලෙන් වටපිට බැලුවත් ඔහුට දකින්න තිබුණෙ තමන්ගෙ නිවසෙ විසිත්ත කාමරය වගේම ගෘහ භාණ්ඩ විතරයි.

" මම ආයෙම මගේ ගෙදර..! හොබී හ්‍යුන්..? එයාට මොකද වුණේ.. එතකොට මගේ උරහිස.. "

එහෙම කියන ගමන් තමන්ගෙ උරහිස අතගාලා බලපු ජන්ග්කුක්ගෙ දෑස් විස්මයෙන් විසල් වුණා.

" ආආයිශ් කොහොමද මෙහෙම..? මට තුවාල වුණානෙ.. "

එහෙම මුමුණපු ජන්ග්කුක් කලබලෙන් නානකාමරය දිහාවට ඇවිද යන්න ගියත් තමන්ගෙ පයෙහි යම් දෙයක් ගැටිල ඈතට විසිවෙලා ගිය නිසා ඒ දිහාවට ඔහු අවදානය යොමු කළා.

' ආහ් කණ්ණාඩිය..!'

සෝෆා එක ලග තිබුණ ඇස් කණ්ණාඩිය අතට ගන්න ගමන් එහෙම හිතපු ජන්ග්කුක් ඒක සෝෆා එකට විසි කරන්න හැදුවත් ඔහුගෙ දෑස් ආයෙම ඒ කලු රාමුව සහිත කණ්ණාඩිය මත නතර වුණා.

" ලේ..? "

ජන්ග්කුක්ගෙ දෑස් නැවත විස්මයෙන් විසල් වුණා.

' ඒ කියන්නෙ ඒ වෙච්චි හැමදේම ඇත්තටම වුණා.. එහෙනම්.., එහෙනම් ඇයි මගේ උරහිස තුවාල වෙලා නැත්තෙ..? '

කැඩපතෙන් පෙනෙන තමන්ගෙ උරහිසේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන ජන්ග්කුක් කල්පනා කරන්න ගත්තා.

' මගෙ ෆෝන් එක..! ඒක කොහෙද..? '

තමන් නින්දෙන් අවදි වෙද්දි ඉදගෙන හිටිය තැනට ආපු ජන්ග්කුක් එතන වැටිල තිබුණ තමන්ගෙ දුරකතනය අතට ගත්‍තා.

2022 January 29
7.01 a.m

දුරකතන තිරයේ දිනය සහ වේලාව එලෙස සටහන් වෙලා තිබුණෙ ජන්ග්කුක්ව පිළිතුරු නොමැති ප්‍රශ්න ගොන්නක පටලන ගමන්.


_____________________________

A/N :- ඔයාලට පැහැදිලිද කතාව ඇතුලෙ තියෙන්නෙ කාල රේඛා (Time Line) දෙකක් කියලා.

Present World - 2013 කියල කියන්නෙ අපි දැන් ජීවත් වෙන ලෝකෙ ගැන. එතකොට ඔයාලා හිතන්න ඕනේ අපි තාම ඉන්නෙ 2013 අවුරුද්දෙ කියලා. ඒ කියන්නෙ අපි දන්න, අපි ආදරේ කරන BTS ලා තවම එයාලාගෙ මංගල දර්ශනයවත් පවත්වලා නෑ.

Future World - 2022 කියන්නෙ අපිට වඩා වේගවත් කාල රේඛාවක ගමන් කරන අපේ ලෝකෙට සමානම තවත් ලෝකයක්. ඒ කියන්නෙ කාල රේඛා වෙනස් වුණත් එකම විදියට සිදුවීම් ගලාගෙන යන ලෝකයක්.

පැටලුණු නූල් බෝලයක් වගේ තිබ්බ නම් දැන් පැහැදිලි ඇති කියලා හිතනවා මං.. 😊

________________________________

KIASA 🍁

LITTLE HOPE  || JHS || ONESHOT ✔️Where stories live. Discover now