~~~~~~~~~
" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "~~~~~~~~~
' හ්‍යුන්.., නම්ජුන් හ්‍යුන් මේ වෙලාවෙ කොහේ ඉන්නව ඇතිද..? '
හිටපු මහළෙන් ඉහළ මහළ වෙත ආපු ජන්ග්කුක් වටපිට බලන ගමන් කල්පනා කළා.
" ප්‍රැක්ටිස් රූම්.., නේ.. අනිවාරෙන්ම හ්‍යුන් මේ වෙලාවෙ ඇත්තෙ එතන. "
ඉදිරියට මුණගැහෙන අයට තමන්ව හදුනාගන්න අපහසු වෙන විදියට හූඩි එකේ තොප්පිය මුහුණත් එක්කම වැහෙන විදියට දාගත්ත්තු ජන්ග්කුක් අත් දෙක හූඩි එකේම සාක්කු දෙක ඇතුලට ඔබාගෙන වේගවත් අඩි තියන ගමන් ඔහුට හුරුපුරුදු වුණ පරණ නවාතැනේ තිබුණ පුහුණුවීම් කාමරය තිබුණ දිහාවට ගියා.
" ආයිශ්.. මේක හිස්නේ.. "
පුහුණුවීම් කාමරයේ දොර යන්තමින් විවර කරපු ජන්ග්කුක්ට දකින්න තිබුණෙ හිස් වූ කාමරයක්.
" ආආආහ්හ් හ්‍යුන්.. ඔයා කොහෙද..? "
දාගෙන හිටිය සපත්තුවෙන් පොළොව පහුරුගාන ගමන් මුමුණපු ජන්ග්කුක් ආයෙම හැරුණෙ නම්පුන්ව හොයාගෙන යන්න වුණත්..,
' ඕහ් ගෝඩ්..! එයාලා දැනුයි එන්නෙ.. එතන හැමෝම ඉන්නවා නම්ජූන් හ්‍යුන් ඇරුනම. '
' එයාලා කොහෙත්ම මාව දකින්න බෑ. '
එහෙම හිතපු ජන්ග්කුක් තමන්ගෙ මුහුණ පුලුවන් තරමක් බිමට නැඹුරු කරගෙන ඔහු ඉදිරියට එන තවමත් ලොවට රහසක් විතරක්ම වුණ පුංචි BTS කණ්ඩායමේ අවදානයට හසු නොවන විදියට ඔවුන්ව පහුකරගෙන ගියා.
" ආහ් නම්ජුන් හ්‍යුන්..! "
ඇවිදගෙන ආපු කොරිඩෝ එකෙන් හැරුණ ජන්ග්කුක්ට දකින්න ලැබුණෙ තමන් දිහාවට ඇවිදගෙන එන දහ අට හැවිරිදි නම්ජුන්ව.
හදිසියෙ ආපු සිතුවිල්ලකට බිමට නැමිලා ඔහු පැළද සිටිය සපත්තුවේ ලේස් පටිය ගැටගහන බව අගවන ගමන් හිටිය ජන්ග්කුක් තමන්ව පහුකරගෙන යන නම්ජුන්ව එකවරම ඇදලා අරගෙන එක් අතක් පුටුපසට හිටින විදියට අල්ලගෙන අනෙක් අත වගේම නම්ජුන්ව සම්පූර්ණයෙන්ම බිත්තියට තියල තද කරගත්තා.
" ආආහ්..! ක..කවුද ඔයා..? "
" නේගා මියන්හේ.. " (මට සමාවෙන්න)
" ඔයා කවුද..? "
" ඒක වැදගත් නෑ.. මං කියන දේ හොදට අහගන්න. ඔයා පුලුවන් ඉක්මනින් පීඩීනිම්ගෙ රූම් එකට යන්න ඕනේ.. මේ දැන්ම.. එහෙම නොවුණොත් කවදාවත් බෑන්ටෑන් සොන්‍යොංදාන් සම්පූර්ණ වෙන එකක් නෑ. "
" මො..ම්වෝ.. (මොකක්) ඔයා..ඔයා කොහොමද එහෙම කියන්නෙ..? මං ඇයි ඔයාව විශ්වාස කරන්න ඕනේ..? "
" ඔයාට සිද්ද වෙනව මාව විශ්වාස කරන්න. නැත්නම් දවසක ඔයාට පසුතැවෙන්න වෙයි හ්‍යුන්.. "
" ම්වෝ.. හ්‍යුන්..? "
ජන්ග්කුක් නම්ජුන්ව තමන්ට පිටුපාල හිරකරගෙන හිටිය නිසාම නම්ජූන් ජන්ග්කුක්ගෙ මූණ දැක්කෙ නෑ. එනමුත් ජන්ග්කුක්ගෙ අවසන් ආමන්ත්‍රණය නිසා නම්ජුන් පුදුමෙනුත් පුදුමයට පත් වුණ බව දකින්න තිබුණා.
" යාආආආහ් කවුද තමුන්...? අතාරිනව එයාව.. "
_____________________________
KIASA 🍁
YOU ARE READING
LITTLE HOPE || JHS || ONESHOT ✔️
Fanfiction" I would not be here If you did not come .. So You are the reason I stay alive today .. " Start Date 📆 : 2022.02.18 End Date 📆 : 2022.02.22 BTS ♡ Jung Ho Seok ~ Fan Fiction Only ✍️