~~~~~~~~~
" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "~~~~~~~~~
" ආආයිශ්.. මං මේ මොකක් ඇතුලෙද ඉන්නේ..? ඈඈඈහ්හ්හ්.. කැහැක් ක්කැහැක්හ් 😵😮💨 දූවිලි ගොඩ..! චැක්.., මකුණු දැල්..! ආආආආයිශ්...චම්..! "
පළලින් අඩු දිගින් තරමක් වැඩි පරණ ගබඩාකාමරයක් ඇතුලෙ තිබුණ කාඩ්බෝර්ඩ් පෙට්ටි ගොඩක් උඩ හතරගාතෙ දාලා වැටිලා හිටිය ජන්ග්කුක් දනි පනි ගහල නැගිට්ටෙ තමන්ව නෑවිලා තිබුණ දූවිල්ල අත්වලින් පිහදන ගමන්..
" ආආආශ්ශ්ශ්.. චින්ජා... අර විකාර පොතයි මේ මෝඩ කණ්ණාඩියයි..! අයිගෝ අයිගෝඕ.... වෙන තැනක් තිබුණෙම නැද්දෙ මාව මේ පෙට්ටි ගොඩ උඩටම අතෑරියේ. "
පෙට්ටියකටත් පයින් ගහල දාගෙන හිටපු කණ්ණාඩිය ගලවන්න හදපු ජන්ග්කුක්..,
" ඔම්මෝ.. ආආආහ්.. තව ටිකෙන් ආයෙ යන්න වෙනවා.. "
එහෙම කියලා අත්දෙකම අරගෙන සාක්කු දෙක ඇතුලට ඔබා ගත්තෙ මද ආලෝකයකින් පෙනෙන ඔහු හිටිය ගබඩාකාමරය දිහා අවදානෙන් බලන ගමන්.
" ආහ් හාහ්..! මේ මමයි ජිමින් හ්‍යුනුයි හැමතිස්සෙම හොරෙන් කෑම කන්න රිංගපු ස්ටෝ රූම් එකනෙ.. "
ජන්ග්කුක්ට නිරායාසයෙන්ම සිනහ නැගුනා.
" ඒ කියන්නෙ මං ඉන්නෙ ප්‍රැක්ටිස් රූම් එකත් එක්ක තිබුණ ස්ටෝ රූම් එකේ.. වාහ්..! එහෙනම් මං ඇවිත් තියෙන්නෙ හරිම තැනට, ඒ ජනේලෙත් එතන තිබ්බොත්.. "
එහෙම කියන ගමන් හරස් අතට දාලා තිබුණ තරමක් විශාල පරණ කබඩ් එක උඩින් පැනපු ජන්ග්කුක්..,
" තියෙනවා.., කිසිම වෙනසක් නෑ. හැමදේම ඒ විදියටම තියෙනවා.. "
අපේක්ෂා කළ ජනේලය එහි තිබීම ඔහුව තවත් ප්‍රමෝදයට පත් කරලා තිබුණා.
ජනේලයෙන් අඩක් පමණ වැහෙන්න හේත්තු කරලා තිබුණ තරමක් විශාල ලී පුවරුව හඩ නොනැගෙන විදියට තරමක් එහාට තල්ලු කරපු ජන්ග්කුක් ඒ ජනේලයට පිටතින් පේන පුහුණුවීම් කාමරය දිහා දිලිසෙන ඇස්වලින් බලාන ඉන්න පටන් ගත්තා.
YOU ARE READING
LITTLE HOPE || JHS || ONESHOT ✔️
Fanfiction" I would not be here If you did not come .. So You are the reason I stay alive today .. " Start Date 📆 : 2022.02.18 End Date 📆 : 2022.02.22 BTS ♡ Jung Ho Seok ~ Fan Fiction Only ✍️