_Postscript_

76 19 23
                                    

~~~~~~~~~

" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "

~~~~~~~~~

From J-Hope
         To ARMY

~~~~~~

ආමී..,

හිතනවද ජීවිතේ හරිම පහසුයි කියලා. නැහැ., ඔයාට මට කියලා වෙනසක් නෑ. අපි දෙන්නටම ලැබිලා තියෙන්නෙ වගකීම් යුතුකම් වලින් පිරුණ ජීවිතයක්. අපිට ලැබිලා තියෙන මේ ජීවිතේදි අපි ඒවා කරන මට්ටම අනුව මත, ඒ වගේම අපිට කරන්න පුලුවන් පරාසය මත තමයි ජීවිතය කියන අපිට ලැබුණ මේ නවාතැන එකිනෙකාගෙන් වෙනස් වෙන්නෙ..

ඔයාට ලැබිලා තියෙන ඔය නවාතැන ලස්සන සොදුරු එකක් කරගන්නවද එහෙමත් නැත්නම් දුක වේදනාව පිරුණ බය හිතෙන තැනක් කරගන්නවද කියන තීරණය තියෙන්නෙ ඔයා ලගමයි.

මේ ලෝකෙ අපිට ඕන විදියට නිර්මාණය වෙලා නෑ. එයාට තියෙනවා වෙනමම ගමනක්.. අපි උත්සහ කරන්න ඕනේ ඒ ගමන යන්න එයා එක්ක එකතු වෙන්න.

මං රහසක් කියන්නද.., මේ ලෝකෙ කිසිම දෙයක් ලේසියෙන් ලබා ගන්න බෑ.. ඒ නිසා දහස් වතාවක් උත්සහ කරලා ගණන් කරන්න බැරි තරම් කදුලු දහඩිය බිදු වගුරලා උත්සහා කරන්න. ඔයාට ඕන දේ අනිවාරෙන්ම ඔයාට ලැබෙයි.. අන්න එදාට ඔයාට පුලුවන් වෙයි අද මං සතුටු වෙනව වගේම සතුටු වෙන්න..

දවසින් දවස ජීවිතේට වෙනස් වෙනස් ආකාරවලින් කරදර ගලාගෙන එද්දි වේදනාවන් නිසා ඉවසීම ඔයාව අතෑරලා යන්න යද්දි හිතන්න එපා ඔයාට තියෙන එකම විසදුම ඔයා ඔයාටත් ඔයාව අහිමි කරගෙන මේ ලෝකෙටත් ලස්සන ජීවිතයක් අහිමි කරන එක කියලා.

හැමදවසකම නින්ද කැපකරලා තමන්ගෙ අයගෙන් ඈත් වෙලා ඔයාගෙ හීන වලට යන්න උත්සහ කරද්දි ඔයාට නොසෑහෙන්න මහන්සි දැනෙයි, දැන් ඇති කියලා හිතෙයි, සමහර වෙලාවට මහන්සි නිසාම කම්මැලි හිතෙයි, ඒ හැමදේටමත් වඩා නොහිතන වෙලාවල් වලදි දරාගන්න බැරි තරම් කරදර බාධක එයි. ඉවසන්න බැරි තරමෙ වේදනාවල් එයි.., අන්න ඒ වෙලාවට ඔයාට හිතෙයි හැමදේම අතෑරලා දාන්න..

LITTLE HOPE  || JHS || ONESHOT ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang