~~~~~~~~~
" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "~~~~~~~~~
" අතීතයට යන්න..? මුසන් 😒 " ( මගුල තමා )
' මං ඇත්තටම කොහොමද ඒ වගේ විකාරයක් හිතුවෙ..? 😂😂 '
තමන්ටම හිනාවෙන ගමන් එහෙම හිතපු ජන්ග්කුක් ඔහුගෙ ඇද මත හාන්සිවෙලා විවෘතව තිබුණ ඔහුගේ කාමරයේ වුණ සදලුතලයෙන් පෙනන අන්ධකාරය දිහා බැලුවා.
' ඒත් ඒක ඇත්ත වගේමයි.. මං හිටියෙ ඇත්තටම එතන හොබී හ්යුන් වගේම කෙනෙක් එක්ක. ඒ වෙච්චි හැමදේම ඇත්තටම වුණ දේවල්. ඒත් හොබී හ්යුන්ගෙ කැළල තාමත් ඒ විදියටම තියෙනවා. මං කරපු දේ නිසා ඒක වෙනස් වුණා නම් හ්යුන්ට දැන් ඒ කැළල තියෙන්න බෑ.. '
" ආආආහ් මට නිකන් පිස්සු වගේ.. "
' එක්කො මං ගේම්ස් ප්ලේ කරනව වැඩීද දන්නෑ.. ඒවගෙ තියෙන මලවිකාරද මන්ද සැරෙන් සැරේට නින්ද යද්දි මට පේන්නේ.. '
" අනී.. චම්කන්.. (ඉන්න) "
' එතකොට අර කණ්ණාඩියෙ තිබුණ ලේ..? ඒවා කොහොමද ඒකෙ ගෑවුණේ..? අනිත් එක අර පොත.. ඊයෙ රෑ මං ඒ පොත කියෙව්වෙ මෙසෙ උඩ ඉදලා මට නින්ද ගියා නම් නින්ද යන්න ඕනෙ එතන. එතන නින්ද ගියා නම් ඇහැරෙනකොට මං බිම හිටියෙ කොහොමද..? '
එහෙම හිතන ගමන් ජන්ග්කුක් දනිපනි ගහල ඇදෙන් ඉදගෙන බෙඩ් ටේබල් එක දිහා බැලුවා.
" කොහෙද ඒවා..? "
තමන්ගෙන්ම එහෙම අහන ගමන් ඇදෙන් බිමට පැන්න ජන්ග්කුක් "life changing times" පොතත් කණ්ණාඩියත් හොයාගෙන තමන්ගෙ ගේ පුරා ඇවිද්දත් ඒ දෙකම කොහෙවත් දකින්න තිබුණෙ නෑ.
' ආයිශ්..! ඒවට මොකද වුණේ..මට හොදටම මතකයි පොත තිබුණෙ ජින් හ්යුන් ගෙනාපු කෑම බෑග් එක ලග කණ්ණාඩිය සෝෆා එක උඩ. ඒත් දැන් කෝ ඒවා..? '
එහෙම හිත හිත ආයෙම වතාවක් තමන්ගෙ කාමරේට ආපු ජන්ග්කුක් විවෘතව තිබුණ සදලු තලය දිහාවට ඇවිදගෙන ගියේ කාමරය පුරාම ඇස් කරකවමින් බලන ගමන්.
" ඕහ් මේ තියෙන්නෙ.."
සූස් ගාලා කටින් හුස්ම උඩට ඇදපු ජන්ග්කුක්..,
' මං මේවා මෙතනට ගෙනාවෙ කොයි වෙලාවෙද..? '
කියල හිතන ගමන් කණ්ණාඩියත් පොතත් අතට ගන්න ගමන් සදලුතලයේම කොණකින් බිම අසුන් ගත්තා.
' හරි පුදුමයි..? කෝ මේකෙ තිබුණ ලේ පැල්ලම්..? මං ඒව මැකුවෙ නෑනෙ.. කොහොමද මෙහෙම වෙන්නේ...? '
ඇස් කණ්ණාඩිය එහා මෙහා හරවන ගමන් ඒ දිහා බලපු ජන්ග්කුක්ගෙ දෑස් එකවරම තමන්ගෙ උකුල උඩ තිබුණ පොත මත නතර වුණා.
එක සුසුමකින් සියළුම මනස කළඹන සිතුවිලි මදකට නතර කරගත්තු ජන්ග්කුක් කණ්ණාඩිය දෑස් වල පැළදගෙන ඒ පොතෙහි ඔහුට මීලගට කියවන්න තිබුණ පරිච්ඡේදය දිගෑරගත්තා.
_____________________________
KIASA 🍁
KAMU SEDANG MEMBACA
LITTLE HOPE || JHS || ONESHOT ✔️
Fiksi Penggemar" I would not be here If you did not come .. So You are the reason I stay alive today .. " Start Date 📆 : 2022.02.18 End Date 📆 : 2022.02.22 BTS ♡ Jung Ho Seok ~ Fan Fiction Only ✍️