_15_

43 16 2
                                    

~~~~~~~~~

" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "

~~~~~~~~~

' කාලය හරහා තවත් ලොවකට '

එම පරිච්ඡේදයේ ශීර්ෂ පාඨය දුටු ජන්ග්කුක් විශ්මයෙන් වගේම කුතුහලයෙන් යුතුව එය කියවීම ආරම්භ කළත් එහි අවසානයට ලං වන විටම සුපුරුදු පරිදි ජන්ග්කුක්ගෙ දෑස් අන්ධකාරෙක ගිලී ගියා.

Present World - 2013 April

' අදත්..? අදත් එහෙමමයි.. '

වටපිට බලනගමන් එහෙම හිතපු ජන්ග්කුක් තමන්ගෙ සාක්කුවට අත ඔබල ජංගම දුරකතනය අරගෙන එහි තිරය දිහා බැලුවා.

2013 April 29
11.37 a.m

' මේක විකාරයක් නෙමෙයි.. මං හිතන්නෙ මේ ඇත්තටම සිද්ද වෙන දෙයක්. පොතේ තිබුණ විදියට මං අතීතෙට ඇවිත්. එහෙමත් නැත්තන් මේක අපේ ලෝකෙ වගේම වෙනමම ලෝකයක්. '

' ආයිශ්.. ඒත් ඒක කොහොමද විශ්වාස කරන්නෙ..? '

වටපිට බලන ගමන් එහෙම හිතපු ජන්ග්කුක් තමන් හිටිය පඩිපෙල දිගේ පඩි කිහිපයක් ඉහළට නැගල නතර වුණා.

' මං ආයෙම ඉන්නෙ බිග් හිට් පරණ බිල්ඩින් එකේ.. හරියටම මේ දිනේ එක්ක බැලුවොත් දැන් අපි ඉන්න ඕනේ අපේ ඩිබියුට් එකට ප්‍රැක්ටිස් කරන ගමන්. '

' එතකොට මේ...? ආහ්..! මේ තර්ඩ් ෆ්ලෝව් එක.. '

පඩිපෙළත් එක්කම ඉහළ බිත්තියෙ ගහල තිබුණ Hommeලගෙ තරමක් විශාල ඡායාරූපය දිහා බලලා එහෙම හිතපු ජන්ග්කුක් ආපු හැරිලා පහළට යන්න යද්දි පහළ ඉදලා කලබලෙන් එන වසර ගණනකට කලියෙන් ඔහුගෙ ප්‍රියතම වේශනිරූපන ශිල්පිනියන් දෙදෙනෙක් දැකලා එහෙමම නතර වුණේ මුහුණට සිනහවක් ආරෝපනය කරගන්න ගමන්.

" හොබී එන්න එන්නම හැසිරෙන්නෙ අමුතු විදියට. "

" ඒත් ඒ ළමය නරක නෑ ඔන්නි. "

" මම දන්නවා ජියා.. එයා දැන් ඇත්තෙ ගොඩක් බය වෙලා. "

ඒ පැමිණි ගෑනු ළමයි දෙන්නා ජන්ග්කුක් දිහා යන්තමින් බලල ඒ විදියට කතා කර කර යන්න යද්දි ජන්ග්කුක් ඔවුන් දිහා පුදුමෙන් බැලුවා.

" එයාලට මාව අදුන ගන්න බැරිද..? "

ඇහි බැමිත් අකුලගෙන ජන්ග්කුක් එහෙම මුමුණල පඩිපෙළ දිගේ පහළට අඩි කිහිපයක් පැනගෙන පැනගෙන ගියත් දඩස් ගාල එක තැන නතර වෙන ගමන් ආයෙම වතාවක් පඩිපෙළ ඉහළ බැලුවා.

' චම්කන්.. (ඉන්න) එයාලට මාව අදුන ගන්න බැරි එයාල කලින් මාව දැකල නැති නිසා. මම මෙහෙ හිටියත් තාමත් මං ගොඩක් පොඩි. දැන් ඉන්න මාව ඒ කියන්නෙ තරුණ මාව එයාලා දැකල නෑ. '

' ආයිශ් මං මහ මෝඩයෙක්.. සමහර විට එයාලා මාව දැකල කලබල වෙන්න තිබුණා.. '

' මං හිතන්නෙ.., මං පරිස්සම් වෙන එක හොදයි. '

එහෙම හිතලා තමන්ගෙම ඔලුවට ටොක්කක් ඇනගත්තු ජන්ග්කුක් ඇදගෙන හිටිය හූඩියෙ තිබුණ තොප්පිය ඔලුවට දාගත්තා.

' ජියා ඔන්නිලා කතා කළේ හොබී හ්‍යුන් ගැන. ඒ කියන්නෙ හ්‍යුන් ආයෙම කරදරේකද..? ඒත් අද දවස මට මතක විදියට එහෙම මුකුත් විශේෂයක් වුණ දවසක් නෙමෙයි. '

____________________________

KIASA 🍁

LITTLE HOPE  || JHS || ONESHOT ✔️Onde histórias criam vida. Descubra agora