~~~~~~~~~
" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "~~~~~~~~~
තරමක් කලබලෙන් ඇඳෙන් පැන්න ජන්ග්කුක් කාමරය පුරාම තමන්ගෙ ජංගම දුරකතනය හොයන්න ගත්තා.
' ආයිශ්.. කොහෙ දැම්මද මම ඒක.? '
කාමරයෙන් විශාල විසිත්ත කාමරයට ආපු ජන්ග්කුක් යටි තොල හපහපා වටපිට බලන ගමන් එහෙම කල්පනා කළා.
" ආහ්..! බම්.. "
කලු පැහැති ඇස් දෙක ටීක් බෝල වගේ කරගෙන එහෙම කියපු ජන්ග්කුක් අඩියට දෙකට බම්ගෙ කාමරය දිහාවට ඇවිදන් ගියා.
" බම්.. "
" බමියා.. "
තමන්ගෙ ආදරණීය අප්පගෙ කටහඩ ඇහෙනවත් එක්කම නින්දෙන් අවදි වුණ බම් ජන්ග්කුක් දිහා බලලා හරි ආදරෙන් හිනා වුණා.
" මියාන්හේ බම්.. ඔයාට නිදාගන්නත් නෑ නේද..? "
ජන්ග්කුක් බම්ව ආදරෙන් පිරිමැද්දෙ එහෙම අහන ගමන්.
" බම් ඔයා මගේ ෆෝන් එක දැක්කද..? "
ජන්ග්කුක්ගෙ ප්‍රශ්නෙ නුවනක්කාර බල්ලෙක් වුණු බම් හොදින් තේරුම් ගත්තා. වාඩිවෙලා හිටිය තැනින් නැගිටපු බමි තමන්ගෙ නානකාමරය දිහාවට ඇවිදගෙන යද්දි ජන්ග්කුක්ගෙ මූණට හදිසි සිනහවක් ඇවිත් අතුරු දහන් වුණා.
" කුමාවෝ බමියා.. චල්ජා.. " (සුබ රාත්‍රියක්)
බම්ට ඒ විදියට සුබ පතල කාමරෙන් එළිට ආපු ජන්ග්කුක් හොබීගෙ අංකයට ඇමතුමක් ගත්තා.
" ඔබ ඇමතූ දුරකතනය මේ මොහොතේ සම්බන්ධ කළ නොහැක. කරුණාකර බීප් නාදයෙන් අනතුරුව ඔ.. " (Ended the call)
" ආහ්..! වේඒඒඒ...? හොබී හ්යුන්., ඇයි ෆෝන් එක වැඩ කරන්නෙ නැත්තෙ..? "
දෙතුන් වතාවකට හොබීව සම්බන්ධ කරගන්න ජන්ග්කුක් උත්සහ කළත් ඒ උත්සහය ව්‍යර්ථ වුණු නිසාම නොයිවසිල්ලෙන් දුරකතනය සෝෆා එකට විසිකරල දාපු ජන්ග්කුක් නොසන්සුන්ව විසිත්ත කාමරයේ එහා මෙහා ඇවිදින්න ගත්තා.
' අද දවසෙම හ්‍යුන්ගෙන් කිසිම අප්ඩේට් එකක් සෝෂල් මීඩියාවල තිබුණෙත් නෑ.. අනී., චම්කන්.. ' (පොඩ්ඩක් ඉන්න)
එහෙම හිතල ආයෙම දුරකතනය අතට ගත්තු ජන්ග්කුක් කලබලෙන් දුරකතන තිරය මත තමන්ගෙ දෙනෙත් අරන් ගියා.
' ආහ්..! මේක වෙන්න බෑ.. හ්‍යුන්ගෙන් දවස් දෙකනින් අප්ඩේට්ස් නෑ.. සාමාන්‍යයෙන් හ්යුන් මෙහෙම ඉන්නෙ නෑ ප්‍රශ්නයක් නැත්තන්.. '
ක්ලෝසෙට් එකෙන් ගත්තු සුදු පැහැති හූඩිය ඇදගෙන හිටපු පිජාම එකට උඩින් දාගත්තු ජන්ග්කුක් වාහනේ යතුරත් අතට අරගෙන නොයිවසිල්ලෙන් තමන්ගෙ ගෙදරින් පිටත් වුණේ හිතේ මැවෙන දහසකුත් මස්නස්ගාත වලට හිතෙන්ම දොස් නගන ගමන්.
____________________________
KIASA 🍁
YOU ARE READING
LITTLE HOPE || JHS || ONESHOT ✔️
Fanfiction" I would not be here If you did not come .. So You are the reason I stay alive today .. " Start Date 📆 : 2022.02.18 End Date 📆 : 2022.02.22 BTS ♡ Jung Ho Seok ~ Fan Fiction Only ✍️