~~~~~~~~~
" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "~~~~~~~~~
" හ්‍යුන්... "
" හොබී හ්‍යුන්.. "
" හ්‍යූඌඌඌන්... මේ දොර අරින්න.. "
හීයක වේගයෙන් පදවගෙන ආපු වාහනය ග්‍රවුන්ඩ් ෆ්ලෝව් එකට දාපු ජන්ග්කුක් විදුලි සෝපානයත් අමතක කරල දාලා හොබීගෙ නිවස තිබුණ ඒ මහල් නිවාස සංකීර්ණයේ දහතුන්වන මහළටම දුවගෙන ඇවිත් තිබුණා.
" හ්‍යූඌඌඌඌන්.. "
" ඕහ්... ජන්ග්කුකා..මොකද මේ..? 😶 "
නිදිගැට කඩන ගමන් ජන්ග්කුක් ඉස්සරහ හිටිය හොබී එහෙම අහද්දි ජන්ග්කුක් පොඩි දරුවෙක් වගේ පැනපු ගමන් හොබීව වැළද ගද්දි හොබීගෙ නිදිමතත් අතුරු දහන් වෙලා ගියා.
" ඕඕඕහ්හ් කුකා... වේ...? මොනව හරි දෙයක් වුණාද..? "
" ආනියා... හ්‍යුන් ක්වෙන්චානා..? " (ඔයා හොදින්ද.?)
" නේ..නේ.. නා ක්වෙන්චානා.." (මම හොදින්.)
" හූඌෆ්... ඒක කොච්චර දෙයක්ද..? "
සැනසුම් සුසුම් හෙළන ගමන් එහෙම කියපු ජන්ග්කුක් හොබී දිහා ආදරෙන් බලද්දි හොබී ජන්ග්කුක් දිහා කුතුහලයෙන් බලාගෙන හිටියා.
_______________________
" ජන්ග්කුකා දැන් වෙලාව පාන්දර 2.47 යි.. මේ වගේ වෙලාවක ඇදගෙන හිටිය ඇදුම පිටින් ඔයා මෙහෙ දුවගෙන ආවෙ ඒ දැකපු හීනෙ නිසාද..? "
හොබී බැරෑරුම් පෙනුමකින් එහෙම අහද්දි ජන්ග්කුක් කට ලගට ලං කරගෙන හිටපු කෝපි වීදුරුව පහතට ගන්න ගමන් යන්තමින් හිනා වුණා.
" මට ලොකු බයක් දැනුනා හ්‍යුන්.. හ්‍යුන්ගෙ ෆෝන් එක වැඩ කළෙත් නෑ.. "
" යාආආහ්.. ඒක හීනයක් කුකා.. හීනයක්.. ඒ ගැන හිතන්න එපා.. ඔහ්..? "
" ඒත්.., ඒක ඇත්ත වගේමයි දැනුනෙ හ්‍යුන්.. "
හොබී ජන්ග්කුක්ව සනසන්න උත්සහ කළත් ජන්ග්කුක් තව දුරටත් කම්පනයෙන් වගේ හිටිය නිසා හොබී ජන්ග්කුක් ලගින් ඉදගෙන ජන්ග්කුක්ගෙ පළල් උරහිස වටා අත දාගත්තා.
" වාආආහ්..! මං දැනන් හිටියෙ නෑනෙ අපේ ජන්ග්කුකා මට මෙච්චර ආදරෙයි කියලා.. "
" හ්‍යුන්ඌඌඌන්.. "
හොබී ජන්ග්කුක්ගෙ ඔලුව අතගාන ගමන් එහෙම කියද්දි ජන්ග්කුක් හුරතලේට හිනාවෙන ගමන් කෑගැහුවා.
____________________________
KIASA 🍁
VOUS LISEZ
LITTLE HOPE || JHS || ONESHOT ✔️
Fanfiction" I would not be here If you did not come .. So You are the reason I stay alive today .. " Start Date 📆 : 2022.02.18 End Date 📆 : 2022.02.22 BTS ♡ Jung Ho Seok ~ Fan Fiction Only ✍️