_08_

52 18 5
                                    

~~~~~~~~~

" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "

~~~~~~~~~


Present World - 2013 April 17

' ඕහ්.. පවර් කට් එකක්ද..? අද එහෙම එකක් තියෙනව කියල කිව්වෙ නෑනෙ. '

සම්පූර්ණයෙන්ම අන්ධකාරයේ ගිලිලා තියෙන වටපිටාවට අවදානය යොමු කරන ගමන් එහෙම හිතපු ජන්ග්කුක් මේසය පුරා අත යවන ගමන් යමක් සොයන්න ගත්තා.

' හැමදාම මේ පොත කියවද්දි මට නින්ද යනවනෙ.. පුදුමයි අදත් අර වගේ මනස්ගාතයක් නොපෙනුනා. '

' ඕහ්..! ඒත් කෝ මෙතන තිබුණ පොත..? '

එහෙම හිතපු ජන්ග්කුක් තත්පර කිහිපයකින් තමන්ගෙ සාක්කුවට අත ඔබලා ඔහු හොයමින් හිටිය ඔහුගෙ ජංගම දුරකතනය අතට අරගෙන ඒකෙ ෆ්ලෑෂර් එක ඔන් කරලා ඉදගෙන හිටිය තැනින් නැගිට්ටේ ෆ්ලෑෂර් ඒකේ එළිය තමන් අවටට යොමු කරන ගමන්.

' මේ.., මේ මං කොහෙද..? මේ මගේ ගෙදර නෙමෙයි.. ඒත්.... '

තමන් හිටිය තරමක් විශාල සුදු පැහැති කණ්ණාඩි මේස පුටු සහිත කමරය දිහා විමසිල්ලෙන් බලන ගමන් ජන්ග්කුක් කල්පනා කළා.

' මට මෙතන හොදට දැකල පුරුදුයි.. සොල්මා.. (කොහෙත්ම නැහැ) මේ..මේක අපේ පරණ බිල්ඩින්ග් එකේ මේකප් රූම් එක නේද..? මෙහෙම වෙන්නෙ කොහොමද.. මං කොහොමද මෙතන ඉන්නේ..? '

අඩි කිහිපයක් ඉදිරියට ඇවිදගෙන යන ගමන් ජන්ග්කුක් එහෙම හිතුවත් ඒ සමගම ඇහුණු විශාල පිපිරීම් ශබ්දයක් නිසා ජන්ග්කුක් හිටි තැනම නතර වෙලා කන්දෙක අත්දෙකෙන්ම මිරිකා ගත්තා.

" මොකද්ද ඒ සද්දෙ..? "

' කවුද ඒ කෑගහනව ඇහෙන්නෙ.. මෙහෙ කවුරුවත් නෑනෙ.. නෑ නෙමෙයි ඉන්න කොහෙත්ම විදියක් නැහැ.. '

එහෙම හිතපු ජන්ග්කුක් තමන් හිටිය කාමරෙන් එළියට ඇවිත් ෆ්ලෑෂර් ආලෝකයෙන් කොරිඩෝ එක දිගේ වටපිට බලන ගමන් තරමක් වේගෙන් ඉදිරියට ඇවිදගෙන යද්දි අහන්බෙන් වගේ ඔහුගෙ දෑස් දුරකතන තිරය මතට යොමු වුණා.

" ම්වෝ...? " (මොකක්)

එක තැන නතර වුණු ජන්ග්කුක් ඇස් දෙක දොඹ ගෙඩි සයිස් කරගෙන මහ හයියෙන් කෑගැහුවෙ දුරකතන තිරයෙහි මහත් පුදුමයක් දකින්න තිබුණ වගෙයි.

2013. April . 17
9.17 p.m

ඔහුගෙ දුරකතන තිරයේ දිනය සහ වෙලාව ඒ විදියට සටහන් වෙලා තිබුණා. ඔහුගේ විශ්මය සාදාරණ බව කියන්න තවත් සාක්ෂි අවැසි වුණේ නැහැ.

_____________________________

KIASA 🍁

LITTLE HOPE  || JHS || ONESHOT ✔️Where stories live. Discover now