_16_

46 17 4
                                    

~~~~~~~~~

" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "

~~~~~~~~~

මේකප් ආර්ටිස්ට්ල ගිය දිහාවට ඇවිදගෙන ගිය ජන්ග්කුක් රූෆ්ටොප් එකට යන්න තියෙන පඩි පෙළ ලඟ නතර වෙලා ඒ දිහා තරමක් වෙලා බලාගෙන හිටියා.

' ඔන්නිලා හොබී හ්‍යුන්ව හොයනවා.. මං හිතන්නෙ මං දන්නවා හොබී හ්‍යුන් දැන් ඉන්න තැන. '

එහෙම හිතපු ජන්ග්කුක් රූෆ්ටොප් එකට යන පඩිපෙළ දිගේ උඩට ගිහින් අගුල විවර කරලා තිබුණ දොරෙන් ඒ රූෆ්ටොප් එකට ගියේ වටපිට අවදානයෙන් බලන ගමන්.

' හොබී හ්‍යුන්ට පුරුද්දක් තිබුණා එයාට දුක හිතුනම, එයා බය වුණාම, එයාට අඩන්න හිතුනම එයා කරන්න මේ රූෆ්ටොප් එකට එන එක. ඒ ගැන මම ඇරෙන්න වෙන කිසිම කෙනෙක් දැනගෙන හිටියෙ නෑ. '

" ආහ්..! හොයාගත්තා..! "

අතීතය ආවර්ජනය කරන ගමන් ‍රූෆ්ටොප් එක පුරා ඇවිදපු ජන්ග්කුක් දැක්කෙ තමන්ට පිටුපාලා ඒ රූෆ්ටොප් එකේ වර්ණ ගැන්වුණ පෙට්ටි අසල මුල්ලකට වෙලා ඉන්න හොබීව.

" මං එයාට කතා කරන්න ඕනෙද..? "

තමන්ගෙන්ම එහෙම ප්‍රශ්න කරපු ජන්ග්කුක්..,

' අනියා.. හ්‍යුන් මාව මෙහෙම දැක්කොත් කලබල වෙයි. ඊටත් වඩා බය වෙයි.. '

එහෙම හිතලා පුංචි හොබීට නොදැනෙන විදියට ඒ වර්ණ ගැන්වුණු පෙට්ටි වලට මුවා වුණ ජන්ග්කුක් සැළකිල්ලෙන් හොබී දිහා බැලුවා.

' හ්‍යුන්.. එයා අඩවද..? ඒ අතේ තියෙන්නෙ මොනවද මට හරියට පේන්නෙ නෑනෙ.. '

" හ්‍යුඌඌන්... "

හොබී දිහා අවදානයෙන් බලන ගමන් ජන්ග්කුක් එහෙම හිතුවත් රූෆ්ටොප් එකට ඇතුලු වන දොර දිහායින් ඇහුණු හුරුපුරුදු කට හඩ නිසා ඔහු සිටි තැනින් පස්සට වෙලා මුවා වුණේ එන කෙනා තමන්ව දකීවි කියල දැනුන බය නිසා වෙන්න ඇති..

ඒ එක්කම අතේ තිබුණ තරමක් ඝනකමැති කාඩ්බෝඩ් එකක් වැනි යමක් තමන් ඉන්න දිහාවට විසි කරපු පුංචි හොබී කලබලෙන් කදුලු පිහදාගන්න ගමන් තමන් වෙතට උඩ පැන පැන එන පුංචි ජන්ග්කුක් දිහා බැලුවා.

" හ්‍යුන්... "

" ඕහ් ජන්ග්කුකා.. "

" මං දැනගෙන හිටිය හ්‍යුන් මෙතන කියලා.. "

එහෙම කියන ගමන් පුංචි කුකී හැදුවෙ හොබී ලගින් වාඩි වෙන්න වුණත් හොබී හිටපු තැනින් කලබලෙන් වගේ නැගිට්ටා.

" හ්‍යුන් හැමෝම ඔයාව හොයනවා.. "

" නේ.. අපි යමු ජන්ග්කුකා.."

පුංචි කුකී අකමැත්තෙන් වගේ එහෙම කියද්දි හිනාවක් එක්ක කුකීගෙ කරට අත දාගත්තු හොබී එහෙම කියන ගමන් රූෆ්ටොප් එකෙන් එළියට යන්න ගියෙ ආයෙම වතාවක් පෙට්ටි ගොඩ දිහා බලන ගමන්.

ඒ කාලය පුරාම හුස්ම පවා රහසෙන් ගත්තු ජන්ග්කුක් සැනසුම් සුසුම් හෙලන ගමන් තමන්ගෙ පාමුල තිබුණ හොබී විසි කරපු හතරැස් කාඩ් එක අතට ගත්තා.

" ඕඕහ්..! හොබී හ්‍යුන්ගෙ පවුල.. "

ජන්ග්කුක් අතේ තිබුණෙ හොබීගෙ පවුලේ ඡායාරූපයක්. තරමක් වෙලා ඒ දිහා බලන් හිටිය ජන්ග්කුක්ට ආයෙම වතාවක් තමන් දිහාවට එන අඩි ශබ්දයක් ඇහෙද්දි ජන්ග්කුක් ඒ දිහා බැලුවා.

" දෙයියනේ හොබී හ්‍යුන්.. "

අතේ තිබුණ ඡායාරූපය බිමට අතෑරපු ජන්ග්කුක් ආයෙම ඒ පෙට්ටි ගොඩ කළවරට කලබලෙන් මුවා වෙන්න උත්සහ කළත් ජන්ග්කුක්ගෙ ඇස්වල පැළදලා තිබුණ කළු පැහැති උපැස් යුවල ඒ ඇස්වලින් ගිලිහිලා ගියෙත් ජන්ග්කුක් එය එක අතකට අල්ලගත්තත් එකම වෙලාවෙමයි. ඒ එක්කම ජන්ග්කුක්ට මුලු ලෝකෙම සුළියක වේගෙන් කැරෙකෙන බව දැනෙන්න ගද්දි ඔහු තමන්ගෙ දෑස් මිරිකාගත්තා.

______________________________

KIASA 🍁

LITTLE HOPE  || JHS || ONESHOT ✔️Donde viven las historias. Descúbrelo ahora