~~~~~~~~~
" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "~~~~~~~~~
Future World - 2022
" ජන්ග්කුකා.. "
" ජන්ග්කුකාහ්... "
" ජන්ග්කුකා ඉරෝනා.. " (නැගිටින්න.)
ජන්ග්කුක් ඔහුගේ ව්‍යායාම කාමරයේ එක් කොණක නිසලව වැතිරිලා හිටියා. ජන්ග්කුක්ගෙ නළලෙ ඉදලා දකුණු කම්මුල දිගේ උණුසුම් රුධිරය පේළි කිහිපයක් ගලමින් තිබුණා වගේම ඔහුගෙ සම්පූර්ණ සිරුරම දාඩියට පෙගිලා තිබුණා.
දින ගනනාවක ඉදලා ජන්ග්කුක්ගෙන් දුරකතන ඇමතුමක්වත් නොමැති වුණ නිසාම ජන්ග්කුක්ව බලන්න ආපු හොබීට ජන්ග්කුක් සිටිය ආකාරය මහත් බයක් වගේම වේදනාවක් රැගෙනවිත් තිබුණා.
" ජන්ග්කුකා... චේබල් ඉරෝනා.. " (කරුණාකරලා නැගිටින්න.)
හොබී ගැහෙන හඩින් ආයෙම වතාවක් ජන්ග්කුක්ට කතා කළත් ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවුණ නිසාම කලබලෙන් දුරකතය අතට ගත්තෙ උපකාරයක් ලබා ගත හැකි තැනකට අමතන්න වුණත්.,
" ආආආහ්..ම්ම්ම්ම්... "
" ඕහ් ජන්ග්කුකාහ්.. මොකද වුණේ..? ඔයාට තුවාල වෙලා.. "
" හි..හ්‍යුන්.. "
" ජන්ග්කුකාහ්.. නැගිටින්න.. අපි ඉස්සෙල්ලම තුවාලෙ ගැන බලන්න ඕනේ.. "
" හි..හ්‍යුන්.. මට..මට වතුර ටිකක්..දෙන්න පුලුවන්ද..? "
" ඕහ් ඕහ් නේ.. "
______________________________
ජන්ග්කුක් හිටියෙ ඔහුගෙ ඇද මත හාන්සි වෙලා ඉහළ බලාගෙන. නළල මත වුණ කුඩා තුවාළය ඒ වෙනකොටත් ප්ලාස්ටර් එකකින් ආවරණය වෙලා තිබුණා.
" ජන්ග්කුකා.. ඔයා මීට වඩා ඔයා ගැන සැලකිලිමත් වුණොත් හොදයි.. අරස්සෝ.. ඕහ්..? මොන මනුස්සයද රෑටවත් කෑම නොකා එළිය වැටුන වෙලාවෙ ඉදලා එක්සයිස් කරන්නෙ ආහ්..? "
" හ්‍යුන්.. නා ක්වෙන්චානා.. (මම හොදින්.) මේක චූටි දෙයක්නේ.. හ්‍යුන් දන්නවනෙ මං ස්ට්‍රෝන්ග් කොල්ලෙක් කියලා. "
නැගිටලා ඇදෙන් ඉදගන්න ගමන් ජන්ග්කුක් එහෙම කියද්දි හොබී අමනාපෙන් වගේ අනෙක් පස බලාගත්තා.
" කොහොම වුණත් දැන් ඉදලා හොදට රෙස්ට් කරන්න. එයාල දැනගත්තොත් ඔයාට ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්න වෙයි කුකාහ්.. "
" එයාලා දැනගන්නෙ ඔයා කිව්වොත්නෙ හ්‍යුන්.. "
ජන්ග්කුක් හුරතල් විදියට එහෙම කියද්දි හොබී තමන්ගෙ කුඩා සයිඩ් බෑගය කරට දාගත්තා.
" මේ අන්තිම වතාව. අරස්සෝ..? "
" නේ..නේ.. සුෂිම්හේ හ්‍යුන්.. " (පරිස්සමෙන් හ්‍යුන්.)
හොබී ජන්ග්කුක්ගෙ ගෙදරින් ඒ විදියට පිටත් වෙලා යද්දි ජන්ග්කුක් කලබලෙන් ඔහුගෙ ව්‍යායාම කාමරයට දුවගෙන ගියා.
" ඕහ්.. ඒවා තියෙනවා.. මං හිතුවා අතුරුදහන් වෙලා ඇති කියලා.. "
සැනසුම් සුසුම් හෙලන ගමන් එහෙම කියපු ජන්ග්කුක් පොතත් කණ්ණාඩියත් වගේම ඔහුගේ ජංගම දුරකතනයත් තිබුණ තැන බිමින් අසුන් ගත්තා.
' ඇයි මට එහෙම දෙයක් වුණේ..? මං හිතුවෙ මං මැරුණා කියලා.. ඒ තරම් ලොකු වේදනාවක්, ඒ වගේ බයක් මට කවමදාවත් මීට කලින් දැනිලා නෑ.. '
' මං මේ කරන දේ ඇත්තටම භයානක වෙන්න පුලුවන්.. කිසිම දෙයක් හරියට දන්නෙ නැතුව මේ දේවල් විශ්වාස කරන්න බැරුව සැරෙන් සැරේට මං ඒ ලෝකෙට යන එක හොද දෙයක් වෙන්න බෑ. '
' ඒත් මං ඒ ගිය හැම වතාවකම මොනවම හරි විශේෂ දෙයක් වුණා. ඒ හැමදේම සිද්ධ වුණේ හොබී හ්‍යුන් වටේ.. හරියට හොබී හ්‍යුන් ප්‍රධාන චරිතෙ රගපාන කතාවක් වගේ ඒ හැම සිද්ධියකම මං හොබී හ්‍යුන්ව විශේෂයෙන්ම දැක්කා. '
' මේ කණ්ණාඩිය..? මේක හොබී හ්‍යුන්ගේ.. එතකොට මේ පොත විස්තර කරන්නෙ කාලය ගැන.'
" එහෙනම් මාව ඒ ලෝකෙට ඇදිල යන්න හේතුව හොබී හ්‍යුන්..! "
______________________________
KIASA 🍁
ESTÁS LEYENDO
LITTLE HOPE || JHS || ONESHOT ✔️
Fanfic" I would not be here If you did not come .. So You are the reason I stay alive today .. " Start Date 📆 : 2022.02.18 End Date 📆 : 2022.02.22 BTS ♡ Jung Ho Seok ~ Fan Fiction Only ✍️