_35_

41 15 2
                                    

~~~~~~~~~

" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "

~~~~~~~~~

" හ්‍යුන් ඔයා දැන් යන්න ඕනේ.. තව මාස දෙකක් වගේ පොඩි කාලයක් ඔයාලට තියෙන්නෙ.. ඒ නිසා ඔයා ඒ වගේම අනිත් අයත් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. ඔයා මෙහෙම එළියෙ ඉන්න එක හොද නෑ හ්‍යුන්. "

ජන්ග්කුක් එහෙම කියද්දි හොබී මාර්ගයේ අනෙක් පස පෙන නොපෙන දුරින් තියෙන ඩෝම් එක දිහා බැලුවා.

" ආයෙම යන්න, ගිහින් හැමදේම නිවැරදි කරන්න.. ඔයාට පුලුවන් හ්‍යුන්.. "

" ඔයා.., ජන්ග්කුකී ඔයා දැන් එතකොට ආයෙම යනවද..? "

ජන්ග්කුක් කියපු හැමදේම ඔලුව ඉහළ පහළ කරන ගමන් පිළිගත්තු හොබී එහෙම අහද්දි ජන්ග්කුක් හුරු පුරුදු බනී හිනාවෙන් මුව පුරවගෙන තමන්ගෙ දෑස් ලගට අත අරන් ගියා.

" ඕහ්..! අනී.. ඒක..ඒක කොහෙද..? ඒක මගේ ඇස්වල නැත්නම් මං කොහොමද මෙතන ඉන්නේ..? අනියා.. මේක වෙන්න බෑ.. "

ලෝක අතර ජන්ග්කුක්ව අරගෙන ගිය ඒ කණ්ණාඩිය තව දුරටත් ජන්ග්කුක්ගෙ දෑස් වල තිබුණෙ නෑ. පුදුමයට කරුණ නම් අනික් සෑම දවසකම කණ්ණාඩිය දෑසින් ඉවත් වෙන මොහොතෙම ජන්ග්කුක් නැවත ඔහු අයිති තැනට ඇදී ගියා වුණත් ඒ අවස්ථාව වන විටත් කණ්ණාඩිය නොමැතිමව ජන්ග්කුක් එලොව සිටීමයි.

" ජ..ජන්ග්කුකී.. වේ...? මොකද වුණේ..? ඔයා මොනවද හොයන්නේ..? "

කලු පැහැති තරමක් දිගු කෙහෙරැලි දෑතින්ම අදින ගමන් ජන්ග්කුක් ඔවුන් සිටි ස්ථානය අවට කලබලෙන් කණ්ණාඩිය හොයද්දි හොබී ජන්ග්කුක්ගෙ වැලමිටකින් අල්ලලා ඇහුවා.

ඒ එක්කම ජන්ග්කුක් හොබීගෙ අත තමන්ගෙ අතින් ගලවලා මාර්ගයේ තරමක් දුරට දුවගෙන ගිහින් බිම ඉදගද්දි හොබීත් ජන්ග්කුක් ලගට දුවගෙන ගියේ කුතුහලය මුසු වුණ තරමක බයකින්.

" හි..හ්‍යුන්.. හ්‍යුන් ඒක.. ඒක කැ..කැඩිලා.. "

ජන්ග්කුක් අතේ තිබුණෙ ඔහු පාවිච්චි කළ කලු රාමුව සහිත කණ්ණාඩිය වුණත් එහි එක් වීදුවක් බිදීගිහින් කණ්ණාඩි රාමුව ඇද වෙලා තිබුණා.

ජන්ග්කුක්ගෙ දෙතොල් වගේම දෑත් වෙව්ලන්න අරන් තිබුණා. ඔහුගෙ දෑස් නොනවතින කදුලකට මුල පුරද්දි පුංචි හොබී ජන්ග්කුක්ගෙ පළල් උරහිස් තදින් අල්ලගෙන ජන්ග්කුක්ට ලං වුණා.

" ජ..ජන්ග්කුකී.. ඇ..ඇයි මේ අඩන්නේ..? චේබල් අනේ අඩන්න එපා.. "

ජන්ග්කුක්ට වචන ගලපගන්න ශක්තියක් ඉතුරු වුණේ නෑ. "life changing times" පොතේ අවසන් පරිච්ඡේදයේ ලියවිලා තිබුණ අවසාන ඡේද කිහිපය ජන්ග්කුක්ගෙ දෑස් ඉස්සරහා මැවි මැවි පේන්න ගත්තා.

" මේ..මේ කණ්ණාඩිය ගොඩාක් වටිනවද ජන්ග්කුකී.?"

හොබී එහෙම අහද්දි ජන්ග්කුක් යන්තමින් ඔලුව වනන ගමන් බිදුණ කණ්ණාඩිය දිහා බැලුවා.

" ඒ..ඒක තමයි.. මාව..මාව මෙහාට ගෙනාවෙ හ්‍යුන්.."

" මො..ම්වෝ..? "

" නේ.. "

" දැන්..දැන් එතකොට.. අනී.. ඔයාට ආයෙම.. ආයෙම ඔයාගෙ ලෝකෙට යන්න බැරි වෙයිද ජන්ග්කුකී..? "

හොබී බයෙන් වගේම වේදනාවෙන් එහෙම අහද්දි ජන්ග්කුක් බර සුසුමක් අරන් පිට කරන ගමන් හිනා වෙන්න උත්සහ කළා.

" හ්‍යුන්.. එළිය වැටීගෙන එන්නෙ.. හ්‍යුන් දැන් ආයෙම යන්න ඕනේ.. "

අන්ධකාර රාත්‍රිය පහව ගිහින් යන්තමින් ආලෝකය සෝල් නගරයට එබෙමින් තිබුණා. ජන්ග්කුක් ඔහුගෙ හදවත පවා නතර කළ හැකි වේදනාව, පුංචි හොබීගෙන් සගවා ගන්න උත්සහ කරන ගමන් එහෙම කියද්දි..,

" ආනියා.. ජන්ග්කුකාහ්.. මට කියන්න දැන් ඔයාට මොකද වෙන්නේ..? "

හොබී ජන්ග්කුක්ව උරෙස්වලින් අල්ලලා හොලවන ගමන් තරමක් උස් හඩින් එහෙම ඇහුවා.

" නාදු මුල්ලා.. (මමත් දන්නෙ නෑ.) සමහර විට මාව අතුරුදහන් වෙලා යයි.. කිසිම කෙනෙකුගෙ මතකයේවත් ඉතුරු නොවී.. "

වේදනාවෙන් වුණත් යන්තමින් හිනා වුණ ජන්ග්කුක් එහෙම කිව්වා.

________________________________

KIASA 🍁

LITTLE HOPE  || JHS || ONESHOT ✔️Where stories live. Discover now