~~~~~~~~~
" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "~~~~~~~~~
පුදුමයෙන් කට අත් දෙකෙන්ම තද කරගෙන විසල් දෑසින් තමන් දිහා බලන් ඉන්න හොබී දිහා බලාගෙන ජන්ග්කුක් පුරුදු විදියට හිනා වුණත් හොබී බයෙන් තමන්ගෙ ඔලුව දෑතින්ම බදාගත්තා.
' අනියා..අනියා.. එහෙම වෙන්නෙ කොහොමද.. මේ ජන්ග්කුක් වෙන්න බෑ.. කොහොමටවත්ම එහෙම වෙන්න බෑ.. මං..මං දකින්නෙ හීනයක් වෙන්න ඇති..'
හොබී බයෙන් වෙව්ලන ගමන් එහෙම හිතුවත් ඊලග නිමේෂයේ වාඩිවෙලා හිටපු තැනින් නැගිටපු ජන්ග්කුක් ආයෙම වතාවක් පුංචි හොබීව ආදරෙන් වැළද ගත්තා..
" හ්‍යුන්.. ඔයා මාව අදුනගත්තා මං හිතුවටත් වඩා කලින්.. "
ජන්ග්කුක් එහෙම කිව්වත් හොබීගෙන් ප්‍රතිචාරයක් තිබුණෙ නෑ. ඒ වෙනුවට ජන්ග්කුක්ට දැනුනෙ හොබීව වෙව්ලන බව.
" හ්‍යුන්.. මං දන්නව මේක විශ්වාස කරන්න බෑ කියලා.. ඔයා දැන් ඉන්න තත්වෙත් එක්ක ඔයා කොහොමටවත් මේ වෙන දේ විශ්වාස කරන්නෙ නෑ.. ඒත් හ්‍යුන්.. ඔයාට සිද්ධ වෙනව මේ වෙන දේ විශ්වාස කරන්න.. "
" මං..මං මොනවද විශ්වාස කරන්න ඕනේ..? ඔයා ජන්ග්කුක් කියලද ඔයා කියන්න හදන්නේ..? "
පුංචි හොබී හිත ශක්තිමත් කරගන්න උත්සහ කරන ගමන් එහෙම අහද්දි ජන්ග්කුක් හොබීගෙන් ඈත් වෙලා හොබිගෙ ඇස් දිහා බැලුවා.
" නේ.. මං ජන්ග්කුක්.. "
" අනියා.. තමුන් කියන්නෙ බොරු. ඔයා එයා වෙන්නෙ කොහොමද..? මගේ මල්ලි ඉන්නෙ අන්න අතන.. "
පෙනෙන නොපෙනෙන දුරින් වුණ ඩෝම් එක දිහාට අත දික් කරන ගමන් එහෙම කියපු හොබී තමන්ගෙ ඔලුව බිමට නැඹුරු කරගත්තා.
" අනි හ්‍යුන්.. මං ඇයි ඔයාට බොරු කියන්නේ..? "
හොබී දිහා කදුලු පිරුණු දෑස්වලින් බලාගෙන ජන්ග්කුක් හිතුවා.
" අප්‍රේල් 17 ඇති වුණ ගින්න නිසා ඔයාට ලොකු අනතුරක් වෙන්න තිබුණා. දන්නවද ඔයා..? "
ජන්ග්කුක් එහෙම අහද්දි හොබී පුදුමෙන් ජන්ග්කුක් දිහා බැලුවා.
" ඔයා..ඔයා කොහොමද ඒ ගැන දන්නේ..? "
" මොකද එදා ඔයාව ඒ රෙකෝඩින්ග් රූම් එකෙන් එළියට ගෙනාවෙ මම. "
" මො..ම්වෝ..? "
" නේ.. එදා හ්‍යුන් හිටියෙ රෙකෝඩින් රූම් එක ඇතුලෙ සිහිය නැති වෙලා. තව ටිකක් හරි මම පරක්කු වුණා නම් හ්‍යුන් ඔයාට තුවාල වෙන්න තිබුණා. "
ජන්ග්කුක් එහෙම කියන ගමන් ඔහුගෙ දෑස්වලින් නොනවත්වා ගලන කදුලු පිහදාද්දි පුංචි හොබී ජන්ග්කුක් දිහා විශ්වාසයත් අවිශ්වාසයත් අතර බැල්මකින් බලන් හිටියා.
' ඇයි..ඇයි මට මෙයා කියන දේ විශ්වාස කරන්න හිතෙන්නෙ..? මං මෙයාව දන්නෙ නෑ. ඒත්.., ඒත් එයා අඩනව දකිද්දි මගේ මගේ පපුව රිදෙන්නෙ ඇයි..? '
තමන්ගෙන් ඉවත බලාගෙන වේගෙන් ඇස්පිය ගහන ගමන් කදුලු නතර කරගන්න හදන ජන්ග්කුක් දිහා බලාගෙන හිතපු හොබී තමන්ගෙ පපුව උඩින් අතක් තියා ගන්න ගමන්..,
" උල්ජිමා.. " (අඩන්න එපා.)
කියලා කියන ගමන් ජන්ග්කුක් ලගට නිරායාසයෙන් වගේ ලං වුණා.
_____________________________KIASA 🍁
YOU ARE READING
LITTLE HOPE || JHS || ONESHOT ✔️
Fanfiction" I would not be here If you did not come .. So You are the reason I stay alive today .. " Start Date 📆 : 2022.02.18 End Date 📆 : 2022.02.22 BTS ♡ Jung Ho Seok ~ Fan Fiction Only ✍️