_13_

43 17 3
                                    

~~~~~~~~~

" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "

~~~~~~~~~


" ජන්ග්කුකා මොකක් හරි ප්‍රශ්නයක්ද..? එහෙමත් නැත්නම් ඊයෙත් හීනයක් දැක්කද..? "

සූරියකාන්ත මලක් වගේ හිනා වෙනගමන් හොබී එහෙම අහද්දි පූල් එකට කකුල් දෙක ඔබාගෙන කල්පනා ලෝකෙක ගිලිල හිටිය ජන්ග්කුක් ගැස්සිලා ගිහින් හොබී දිහා බැලුවා.

" අනියා හ්‍යුන්.. නිකන්.. මට කම්මැලි හිතුනා. "

" ඕහ් අරස්සො අරස්සෝ.. අද මමත් ගෙදරම ඉන්න හිතාගෙන තමා හිටියෙ.. "

ජන්ග්කුක් දිහාට බීම ටින් එකක් දික්කරන ගමන් එහෙම කියපු හොබී ජන්ග්කුක්ට දකුණු පසින් ඉදගද්දි ජන්ග්කුක්ගෙ මුවේ සිහින් සිනහවක් ඇදුනා.

දෙදෙනා අතර නිහඩතාවයක් ගොඩනැගෙමින් තිබුණත් ජන්ග්කුක්ගෙ හදවත විශාල අරගලයකට මුල පුරලයි තිබුණේ.

" කුකා.. "

" .......... "

" ජන්ග්කුකා... "

" ඕහ්..ඕහ්.. හ්‍යුන්..? "

ජන්ග්කුක්ට කිහිප වතාවක්ම කතා කළත් ඔහුගෙන් ප්‍රතිචාරයක් නොවුණ නිසාම හොබී ජන්ග්කුක්ගෙ උරහිසට තරමක් තදින් පහරක් ගහද්දි ජන්ග්කුක් පුදුමෙන් වගේ හොබී දිහා බැලුවා.

" මොකද වෙලා තියෙන්නෙ කුකා..? මොනව හරි දෙයක් වෙනවද..? "

" අනි..අනියා හ්‍යුන්.. මං මේ කල්පනා කළේ ජිමින් හ්‍යුන් ගැන. "

වෙලාවට අනුව ඔලුවට ආපු වචන ඒ විදියට කියල දැම්මත් ජන්ග්කුක්ට ඒ වචන කිහිපය තමන් පැමිණි කාර්ය සදහා සෑහෙන ලොකු පිටිවහලක් වුණා.

" ජිමින් ඉක්මනින්ම රිකවර් වෙයි ජන්ග්කුකා.. ඒක පොඩි සර්ජරි එකක්නෙ.. "

" ඒ වුණත් ඒක ලොකු වේදනාවක් වෙන්න ඇති හ්‍යුන්. "

" ආරායෝ.. ( මම දන්නවා ) මටත් දුකයි ජන්ග්කුකා.. ඒත් ජිමින් අපි හැමෝටම වඩා ශක්තිමත්.. ඒ නිසා එයාට පුලුවන් අනිවාරෙන්ම ඒක දරාගන්න.. "

" හ්ම්ම් මාත් හිතනව හ්‍යුන්.. "

ජන්ග්කුක් එහෙම කියන ගමන් යන්තමින් හොබී දිහා බැලුවා.

' දැන් තමයි හොදම වෙලාව. '

එහෙම හිතපු ජන්ග්කුක්..,

" ඒත් හ්‍යුන් ඒ කැළල ජිමින් හ්‍යුන්ට හැමදාටම ඉතුරු වෙයිද..? හරියට හ්‍යුන්ගෙ කැළල වගේම. "

වේදනාවෙන් වගේ එහෙම අහද්දි හොබී ජන්ග්කුක් දිහා ආදරේ පිරුණ ඇස්වලින් බැලුවා.

" එහෙම වෙන එකක් නෑ කුකා.. දුක් වෙන්න එපා.. "

ජන්ග්කුක්ගෙ ඔලුව අතගාන ගමන් එහෙම කියලා හොබී නිහඩ වෙද්දි...,

" හ්‍යුන් ඒ කැළල තාමත් ඒ විදියටම තියෙනවද..? "

ජන්ග්කුක් එහෙම ඇහුවම හොබී යන්තමින් හිනා වුණා.

තමන් ඇදගෙන හිටිය ගිනි දැල් පාට ටීෂර්ට් එක ඉහළට ඔසවපු හොබී ජන්ග්කුක් දිහා බැලුවා.

" ඒක තාම තියෙනවා ජන්ග්කුකා.. ඒක මකන්න බැරි කැළලක්.. "

හොබී දුකක් මුසුවුණ හඩින් නමුත් සිනහ පිරුණු මුවින් එහෙම කියද්දි ජන්ග්කුක්ට දැනුණෙ තමන්ගෙ හදවත කීරි ගැහිල යන තරමෙ වේදනාවක්. ඒ නිසාම හොබීව තදින් වැලද ගත්තු ජන්ග්කුක්..,

" මියාන්හේ හ්‍යුන්... මියන්හේ... "

කියන ගමන් සැනසුම් සුසුම් හෙලුවා.

__________________________

KIASA 🍁

LITTLE HOPE  || JHS || ONESHOT ✔️Donde viven las historias. Descúbrelo ahora