_33_

34 15 2
                                    

~~~~~~~~~

" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "

~~~~~~~~~


" මට කියන්න ඇත්තටම ඔයා කවුද..? "

ජන්ග්කුක් දිහා කල්පනාකාරීව බලන ගමන් හොබී එහෙම අහද්දි ජන්ග්කුක් ආදරණීයව හිනා වෙලා ඈතින් පේන ඝන අන්ධකාරයේ ගිලිලා තිබුණ අහස දිහා බැලුවා.

" මං ආවෙ අන්න අර පේන කලුවර අහසෙන් එහා තැනක ඉදලා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද..? "

" චේබල්.. මට බොරු කියන්න එපා.. "

" අනියා හ්‍යුන්.. මං කියන හැමදේම ඇත්ත.. විශ්වාස කරන්න මොන තරම් අමාරු වුණත් ඔයාට සිද්ධ වෙනව මාව විශ්වාස කරන්න. මොකද අද මම මෙතන මේ විදියට නොහිටින්න.., හිතල බලන්න ඔයා දැන්..., "

" ඔයා දැන් ඔයාගෙ ජීවිතේ දාල ගිහින් හ්‍යුන්.. "

ජන්ග්කුක් අපහසුවෙන් එහෙම කියන ගමන් පුංචි හොබී දිහා බලද්දි හොබී වේදනාවෙන් මිරිකෙන ගමන් බිම බලාගත්තා.

" ක..කම්සාහම්නිදා.. "

" මාව පිට කෙනෙක් කරන්න කලින් මං කියන දේ අහන්න හ්‍යුන්.. "

ගෞරවාර්ථයෙන් පුංචි හොබී ජන්ග්කුක්ට ස්තූති කළත් ජන්ග්කුක් වේදනාවෙන් කියද්දි හොබී ආයෙම ජන්ග්කුක් දිහා බැලුවා.

" මියන්හේ.. ඒත් ඔයා මට වඩා ගොඩක් ලොකු නිසා.. ඔයා මට හ්‍යුන් කියද්දි ඒක.., "

" අමුතුයි නේද..? "

ජන්ග්කුක් හිනා වෙන ගමන් එහෙම ඇහුවා.

" වාහ්..! ඔයා ජන්ග්කුක් වගේමයි. "

ජන්ග්කුක්ගෙ හිනාව දිහා බලන් හිටපු පුංචි හොබී එහෙම මුමුණද්දි..,

" මං එයාම තමයි.. හැබැයි මං එයාගෙ තරුණ කාළේ.. දවසක එයාත් මං වගේම වෙයි. අද නැති වුණත් එදාට ඔයා මාව විශ්වාස කරයි හ්‍යුන්.. "

එහෙම කියපු ජන්ග්කුක් ආයෙම අහස දිහා බැලුවා.

" හ්‍යුන් හිතාගන්නකො මං ආවේ අර අහසෙ තියෙන හ්‍යුන්ටවත් අනිත් කිසිම කෙනෙක්ටවත් කවමදාවත් දකින්න නොලැබෙන තරම් ඈත ලෝකෙකින් කියලා.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

" එතකොට ඔයා කියන්නෙ ඔයා මේ ලෝකෙට ආවෙ මාව බේරගන්න කියලද..? "

" නේ හ්‍යුන්.. ඒක තමා මට කරන්න තිබුණ කාර්යය මං හිතන්නෙ.. හ්‍යුන්ව ආරක්ෂා කරන එක. "

ජන්ග්කුක් එහෙම කියන ගමන් ඉදගෙන හිටිය තැනින් නැගිටිද්දි පුංචි හොබී අපහසුවෙන් නැගිටින්න උත්සහ කළත් හොබීව ආයෙම බිමට වැටෙන්න යද්දි ජන්ග්කුක් ඔහුව තමන්ගෙ ඇගට වාරුකරගත්තා.

_______________________________

KIASA 🍁

LITTLE HOPE  || JHS || ONESHOT ✔️Donde viven las historias. Descúbrelo ahora