~~~~~~~~~
" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "~~~~~~~~~
' මේක මහ පැටලැවිල්ලක්නෙ.. ඒ සිද්දිය මීට කළින් වුණා වගේමයි.. ෆෝන් එකේ ඒ දවස ඒ විදියටම තිබුණා. එතකොට මම හිටියෙ ඒ දවස ඇතුලෙ.. '
' හරියටම එදා වගේ දවසක විදුලි කාන්දුවක් නිසා අපේ බිල්ඩින්ග් එකේ ගින්නක් ඇති වුණා. වොයිස් ට්‍රේනින්ග් එක අවුල් ගිය නිසා හොබී හ්යුන් හිටියෙ හොද මූඩ් එකකින් නෙමෙයි. එයා අපි එක්ක කෑම කන්න ආවෙත් නැතුව ප්‍රැක්ටිස් කළා. '
' හ්යුන් දැනගෙන හිටියෙ නෑ ඒ ගින්න ගැන. ඒ නිසා එදා හ්යුන්ට තුවාල වුණා. හරියටම මගේ වම් උරහිස තුවාල වුණා වගේම එයාවත් තුවාල වෙලා තිබුණා. එදා සේජින් හ්යුන් එතනට යන්න තව ටිකක් හරි පරක්කු වුණා නම් හ්යුන්..., '
" ආආආයිශ්.... "
' හැමදේම ගැලපෙනවා.. ඒත් සේජින් හ්යුන් වෙනුවට මම එතන හිටියෙ ඇයි..? කොහොමද එහෙම වෙන්නේ..? '
ජන්ග්කුක් හිටියෙ කාමරය පුරා එහාට මෙහාට ඇවිදින ගමන් සිදුවීම් එකින් එක ගලපගන්න උත්සහ කරන ගමන්. මොන ආකාරයකින් ගලපන්න උත්සහ කළත් ඒ හැම ආකාරයකින්ම ජන්ග්කුක්ට පිළිතුරු නැති ප්‍රශ්නයක් ඉතුරු වුණා.
' එදා සේජින් හ්යුන් හොබී හ්‍යුන්ව බේරගද්දි එයා හිටියෙ තුවාල වෙලා වුණත් මට පුලුවන් වුණා හ්‍යුන්ව තුවාල වෙන්න කලින් බේරගන්න.. ඒ වෙනුවට වුණේ මාව තුවාල වුණ එක. ඒත් ඒකෙන් දැන් මට තුවාලයක් තියා අඩුම තරමෙ කැළලක්වත් ඉතුරු වෙලා නෑ. '
' කොහොම වුණත් හ්යුන්ට තුවාල වුණේ නෑ. ඒ කියන්නෙ මේ සිද්දි එකකට එකක් ගැලපෙනවනම්.., විශ්වාස කරන්න බැරි විකාරයක් වුණත් මම අතීතෙට ගිහින් තියෙනවා. ඒක එහෙම නම් හ්‍යුන්ගෙ උරහිසේ තිබුණ කැළල මේ වෙද්දි තියෙන්න බෑ. මොකද හ්යුන්ට තුවාල වුණේ නෑ. '
සෝෆා එකේ පිටිපස්සට හේත්තු වෙලා හිටිය ජන්ග්කුක් ඉදිරියට බර වෙලා තමන්ගෙ දෙවැලමිටි දනහිස් උඩින් තියාගෙන දෑත්වල ඇගිලි එකට පටල ගත්තෙ අවිශ්වාසෙන් වුණත් නිගමනයකට එනගමන්.
' මේ වෙච්චි දේ ඇත්තක්ද නැත්තන් මගේ ඔලුවෙ මැවුන විකාරයක්ද කියල හරියටම දැනගන්න නම් කරන්න තියෙන්නෙ එක දෙයයි. '
එහෙම හිතපු ජන්ග්කුක් තමන්ගෙ ජංගම දුරකතනය අතට අරගෙන එක් අංකයකට ඇමතුමක් ගන්න ගමන් තමන්ගෙ නිවසින් පිටත් වුණා.
______________________________
KIASA 🍁
ESTÁS LEYENDO
LITTLE HOPE || JHS || ONESHOT ✔️
Fanfic" I would not be here If you did not come .. So You are the reason I stay alive today .. " Start Date 📆 : 2022.02.18 End Date 📆 : 2022.02.22 BTS ♡ Jung Ho Seok ~ Fan Fiction Only ✍️