_05_

72 19 5
                                    

~~~~~~~~~

" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "

~~~~~~~~~

~~~~~

' කාලය බොහෝමයක් රහස් සගවාගෙන විටෙක හඬ නගමින් විටෙන නිහඬව ඉදිරියට ගලාගෙන යන අතර ඇතැම් අවස්ථාවන්හීදී නොසිතූ විලසින් ඒ කාලයට පුලුවන් මනුෂ්‍යයාගේ ජීවිත විවිධ අයුරින් වෙනස් කරන්න. ඇතැම් විට කාලය මායාවක් වගෙයි. ඒ මායාව ඇතුලෙ හිරවුණු ඒත් නිදහසේ ජීවත් වන ජීවීන් තමයි මනුෂ්‍යයො කියලා කියන්නෙ. '

~~~~~

ජන්ග්කුක්ගෙ ඇස් "life changing times" පොතේ එක් ඡේදයක වාක්‍ය පේළි අතර ගමන් ගනිමින් තිබුණා.

' වාහ්..! මේ පොත මං හිතුවට වඩා හොදයි වගේ.. '

පොතේ කවර් පේජ් එක පෙරලලා බලන ගමන් එහෙම හිතපු ජන්ග්කුක් කියවමින් හිටිය පිටුව පෙරලලා ඒ උඩින් ඔලුව පැත්ත හරවල තියා ගත්තා.

___________________________

Present Would - 2013 April

" ඕහ් හ්‍යුන්..! අනී..., හ්‍යුන් ඇයි එහෙම..? එතකොට මම..? "

ජන්ග්කුක්ගෙ දෑස් පුදුමෙන් විසල් වෙලා තිබුණා. තරමක් විශාල ගොඩනැගිල්ලක රූෆ්ටොප් එකේ එක මත එක තබලා තිබුණ වර්ණ ගැන්වුණු ලී පෙට්ටි ගොඩක් ළග හිටිය ජන්ග්කුක්ගෙ ටීක් බෝල සයිස් වුණු ඇස් නතර වෙලා තිබුණෙ බිම ඉදගෙන බිත්තියකට හෙත්තු වෙලා දුරකතන තිරයක් දිහා බලාගෙන ඉන්න හොබී ලග.

' ආආයිශ්.. මොකද්ද මේ වෙන්නේ..? හ්‍යුන් ඇයි මෙහෙම..? එයා ගොඩක් පොඩිනේ.. ඒත් මං.., මං තරුණයි.. '

වයස විසිහතරක් වුණු ජන්ග්කුක් තමන් දිහාත් බිම ඉදගෙන වෙනමම ලෝකෙක හිටපු වයස අවුරුදු දහනවයක් වයසැති හොබී දිහාත් මාරුවෙන් මාරුවට බැලුවෙ හරිහැටි කිසිම දෙයක් වටහා ගන්න බැරුවයි.

' මං මේ දකින්නෙ හීනයක්ද..? '

එහෙම හිතලා තමන්ගෙ අත එක අතිකින් කොනිත්ත ගත්තු ජන්ග්කුක්ට නොදැනිම තරමක් සද්දෙට කෑගැස්සුනා.

" ආආආව්ව්ව්..! "

දුරකතන තිරයට යොමු වෙලා තිබුණ හොබීගෙ කුඩා දෑස් ජන්ග්කුක් දිහාවට යොමු වුණත් ඒ සමගම අනෙක් පස වුණු පඩි පෙළ දිහායින් ඇහුන හුරුපුරුදු හඩ නිසාම හොබී ඒ දිහා බැලුවා.

" හ්‍යුන්.. "

" ඕහ් කුකා..! "

" මං හ්‍යුන්ව හැමතැනම හෙව්වා.. හ්‍යුන් මෙතනනේ.. "

" ම්..මො..ම්වෝ..? මං.. මං කොහොමද එතන ඒ විදියට ඉන්නේ.. "

කිරි සුදු පාටට තිබුණ හා දත් සේරම ටික පේන්න කටත් ඇරගෙන හුරතල් හිනාවක් දාගෙන පඩි පෙළ දිහා ඉදලා හොබී දිහාට ඇවිදන් එන වයස අවුරුදු දාසයක් වයසැති තමන්වම දැකපු ජන්ග්කුක්ගෙ කටින් ඒ වචන ඒ විදියට පිට වුණා.

' ආනියා... මේක වෙන්න පුලුවන්ද..? '

පෙට්ටි ගොඩට හේත්තු වෙලා නොයිවසිල්ලෙන් හුස්ම ඉහළ පහළ ගනිමින් සිටිය ජන්ග්කුක් ආයෙම වතාවක් තමන්ට තරමක් එහායින් ඉන්න තමන්ගෙම කුඩා කාලය දිහා වගේම තමන්ගෙ සහෝදරයෙක් වුණු හොබී දිහා පුදුමයෙන් බැලුවා.

" අනී.... මේක වෙන්න බෑ.. "

දාගෙන හිටිය කණ්ණාඩිය ඇදලා ගලවලා ගන්න ගමන් ජන්ග්කුක් තරමක් උස් හඩින් එහෙම කිව්වත් ඒ එක්කම ජන්ග්කුක්ට දැනුනෙ තමන් පාවෙනව වගෙයි.

__________________________

KIASA 🍁

LITTLE HOPE  || JHS || ONESHOT ✔️Wo Geschichten leben. Entdecke jetzt