October 2018
"අහ් champagne" ජිමින් එහෙම කියන ගමන් එක පාරින් එයාගේ champagne glass එක හිස් කළා.
"යා යා, හුස්ම ගන්න අමතක වෙයි" ජින් කෑ ගැහුවේ වීදුරුව එක පාරටම හිස් වෙනවා දැකලා.
"බය වෙන්න එපා, මට රස දැනෙනවා, මම රස විඳිනවා..." ජිමින් එහෙම කිව්වේ දෙවන වටය හැමෝටම කලින් පටන් ගන්න අතරෙ.
"මෙයා එක්ක කෙල්ලෙක් තියලා යන්න බය නෑ ඒත් champagne තියන්න නම් ඇත්තටම බයයි" ටේහ්‍යුන්ග් එහෙම කිව්වේ බැරෑරුම් මූණක් මවාගෙන.
"ඉතින් France ඇවිල්ලා මේවා නොබී ගිහින් වැඩක් තියෙනවා ද?, අනික යුන්ගී hyung බොන එක කාටවත් පේන්නේ නෑ, මාවම තමයි පේන්නේ" ජිමින් කිව්වේ සද්ද නැතුව දෙවන වීදුරුව අතට ගන්න යුන්ගි දිහා බලාගෙන.
"හරි හරි, අද මහන්සි දවසක් නේ. ඔයාලට ඇති තරම් රිලැක්ස් වෙන්න." RM එහෙම කියලා නිදාගන්න ගියේ France වල තිබුණ කොන්සට් එකෙන් පස්සේ සැලකිය යුතු කාලයක් එයාලට ලැබෙන නිසා, අද හැමෝටම සතුටු වෙන්න ඉඩ දෙන ගමන්.
"මට ආසයි මේවා හදනවා බලන්න යන්න. අපිට තව දවස් කීපයක් තියෙන නිසා බැරිවෙයිද රවුමක් දාන්න." ජිමින් එහෙම කීවේ අනෙක් අය දිහා බලන ගමන්.
බලාපොරොත්තු තියන්න පුලුවන් ප්‍රතිචාරයක් ලැබුණේ හොබී ගෙන්. "යන්නම ඕනෙ නම් යමු, මටත් ආසයි ගිහින් ෆොටෝස් ගන්න"
"මට city එකේ ඇවිදින්න යන්න ඕනෙ" JK කිව්වේ එන්න අපහසු බව ජිමින්ගේ හිත නොරිදෙන විදියට.
"මම එන්නම් ඔයා එක්ක, හොබී යන්න ජිමිනා එක්ක" ටේහ්‍යුන්ග් ඒ විදියට ප්‍රශ්නය විසඳුවා.
.
.
.
.
දවසක්ම vineyards වල ඇවිදපු ජිමින් සහ හොබී වයින් වෙනුවෙන්ම කෙරෙන මිදි වගාව, වයින් නිෂ්පාදනය , champagne නිෂ්පාදනය වගේ ගොඩක් දේවල් හැබැහින්ම දැක ගත්තා.
ජිමින් කොයිතරම් vineyards වලට කැමති වුණාද කියනවානම් කවදා හරි තමන්ගේම champagne brand එකක් හදන්න ඕනෙ කියල හීන මවන්න පටන් ගත්තේ එදා ඉඳලා.එදා ඇතිවුණ ආසාව අවසානයේ champagne වලට ප්‍රසිද්ධ ප්‍රංශයේ Champagne කියන ප්‍රදේශයේම vineyard එකක් මිලදී ගන්න තරම් දුරදිග ගිය ආසාවක් වුණා.
ඊළඟ කොන්සට් එකට එයාලා ජපානයට යන්න තිබුනේ නොවැම්බර් මාසේ මුල. ඊට කලින් Manager Sejin එක්ක එකතු වෙලා කොහොම හරි හිතට හරියන vineyard එකක් තෝරගන්න ජිමින්ට පුලුවන් වුණා. ඒත් ඒකේ පාලනය දැනට වෙනත් කෙනෙක් යටතේ තියන්න සිද්ධ වුණේ, ජිමින්ගේ group එක වුණ bts කියන්නේ ලෝකේ පුරාම ප්‍රසංගවල නිරත වෙන ඉතා කාර්‍යබහුල කණ්ඩායමක් නිසා.
වෙනත් කෙනෙක්ට භාරකාරත්වය පැවරුවත් අවස්තාවක් ලද සැණින් ජිමිනා France වලට ගියේ නිදහසේ දවස් කිහිපයක් ගත කරලා එන්න.... ඒ වගේම තමයි champagne... ජිමින්ව France එක්ක බන්ධනය කරපු අනෙක් හේතුව ඒක.
A/n මුල් chapters ඉතින් කෙටියෙන් ලියන්න වෙනවා. මගේ එක කතාවක් අවසන් වෙන්න ළඟයි. ඒක අවසන් කළාම මේක දිගට ලියනවා.
ඉතින් මේ දෙන්නා කොහොම කොහෙදි හමුවෙයිද....
YOU ARE READING
SPARKLES | PJM | FF [COMPLETED]
FanfictionChampagne වීදුරුවක නැගෙන බුබුළු මතුපිටට ඇවිත් දිලිසිලා පුපුරලා යනවා. අමීලිට දැනුන ආදරෙත් ඒ වගේ ද.... 🥂bts pjm ff/sinhala/based in France 🥂simply inspired by a video in which pjm makes a face after a sip of champagne