ජිමින්ව ඇදගෙනම අපාට්මන්ට් එකට ගිය අමීලි පුරුද්දෙන් වගේ living area එකේ විදුලි පහන් දැල්වුවා.
වටපිට ඇස් යවපු ජිමින්ට ඇත්තටම පුදුම හිතුනා. මේ මත් වෙලා පිස්සු නටන ගෑනු ළමයා පිළිවෙල පිරිසිදුකම නම් නූලටම දන්න කෙනෙක්. ඒ.apartment එක තනි එනෙක්ට කියාපු තැනක්. පුංචි living area එකකින්, ඒකටම සම්බන්ධ open kitchen එකක් සහ එක කාමරයක් විතරයි තිබුණේ.
ඒ living area එක හරිම සරල බවක් පෙන්නුවා. පුංචි couch එකක් එක්ක බිමට ලස්සන බුමුතුරුණුවක් එළලා තිබුණා. පෙනුමට නම් නිතර පිරිසිදු කෙරෙන තැනක් වගෙයි තිබුණේ.
තමන්ගේ ගමන් මල්ල, ඇතුළු වෙන තැනම තිබුණ රැක් එකේ තියන්න අමීලි අසීරු උත්සහයක් ගත්තා. දෙපැත්තට වැනි වැනි ඒක කරන්න අමාරු වුණා.
"දෙන්න මම තියන්නම්" ජිමින් බලෙන්ම ඒ ගමන් මල්ල අරන් තිබ්බා.
ඉන් පස්සෙ අමීලි ගියේ එයාගේ කාමරයට.
ජිමින් කුතුහලය නිසාම අමීලි පස්සෙන් වැටුණේ එහෙම යන එක නරක දෙයක් වුණත්, යන්නම හිතුන නිසා. තමන් එනකල් security officer බලාගෙන ඉන්න බවත් එයා දැනගෙන හිටියා.
"ආහ් මගේ ඇඳ..... Tu me manques(ටු මෙ මාන්කී/ I missed you" එහෙම කියාගෙන අත් දෙකත් දික් කරගෙන ඇදට වැටුන අමීලි, ඇඳේම තිබුණ කොට්ටයක් තුරුළු කරගෙන ඇස් පියා ගත්තා."
KAMU SEDANG MEMBACA
SPARKLES | PJM | FF [COMPLETED]
Fiksi PenggemarChampagne වීදුරුවක නැගෙන බුබුළු මතුපිටට ඇවිත් දිලිසිලා පුපුරලා යනවා. අමීලිට දැනුන ආදරෙත් ඒ වගේ ද.... 🥂bts pjm ff/sinhala/based in France 🥂simply inspired by a video in which pjm makes a face after a sip of champagne