21 🥂

122 35 29
                                    

" ආයිශ්... අමීලි... ග්වෙන්චනා ??"
ජිමින් ෆෝන් එකට විනාඩි කීපයක් කෑ ගැහුවත් උත්තරයක් ලැබුණෙ නෑ.

අමීලිට මොකද්ද වුණේ කියලා හිතාගන්න බැරි වුණ නිසා ජිමින්ට හිතට නිදහසකුත් නෑ. කරන්න තිබ්බේ එක දෙයයි. Mercel , vineyard එකේ භාරකාරයාගෙන් අමීලි ගැන අහන එක.

ඒත් එකපාරට අහන්නත් බෑ.

"හෙලෝ, Mercel"

" ඔව් සර්"

"මොකක් හරි කලබලයක් ද?" පසුබිමින් කීප දෙනෙක් එකපාර කතා කරන සද්දෙ ඇහුණ නිසා ජිමින් කලබල වුණා.

" අපේ මේ වැඩ කරන කෙනෙක් වැටිලා. අපි මේ හොස්පිටල් එක්ක යන්න හදන්නෙ."

" මොකද්ද වුණේ?"

" අපේ viticulture section එකේ worker කෙනෙක් ගල් පඩිපෙළ බහිද්දි ලිස්සලා, අත නම් මැණික් කටුව ළඟින් ඇද වෙලා වගේ තියෙන්නෙ. "

ජිමින්ට තේරුණා ඒ කියන්නෙ අමීලි ගැන කියලා.

" Mercel සිද්ධ වෙන හැම දෙයක් ගැනම මට කියන්න, මම බිසී මේ වෙලාවේ. ඒත් මට හැමදෙයක්ම මැසේජ් කරන්න"

හිත ඒ වෙද්දිත් තිබුණෙ ප්‍රංශයේ. ඒත් ඇත්තටම යන්න විදියක් නෑ නේද කියලා මතක් වෙද්දි ජිමින් ගෙ ඇස් තෙත් වුණා.

කාට කිව්වත් මේ වෙලාවේ අමීලිව බලන්න ජිමින්ට යන්න අවස්තාවක් ලැබෙන්නෙ නෑ..

Sold out වුණ කොන්සට් එකක් තියෙද්දි තමන්ගෙ fandom එක වෙනුවෙන් perform කරන එක මගහරින්න කිසි සේත්ම බැහැ.

ඇත්තටම මොකද්ද මේ ජීවිතේ කියලා ජිමින් කල්පනා කළා. ආදරේ කරන කෙනාට අවශ්‍යම වෙලාවෙ ජිමින් හිටියෙ හිතාගන්නවත් බැරි තරම් දුරකින්.
.
.
.
.
St Marie Hospital - Champagne
" අතේ අස්ථි බිඳිලා නිසා අපට අස්ථි නැවත සකස් කරන්න operation එකක් කරන්න වෙනවා"

" අදම කරනවද ඩොක්ටර් " අමීලි ඇහුවේ බය වෙලා.

අමීලි හිටියේ ගෙදරින් දුර තැනක. අම්මා එන බව Merce කෝල් කල වෙලාවෙ කීවත් , කෝච්චියක එන්න පැය දෙකක් යනවා. අමීලිට දැනුනේ අසරණකමක්. කවුරුත් ළඟ නැතිව ශල්‍යකර්මයට මූණ දෙන්න තරම් හිත ශක්තිමත් නෑ කියලා අමීලිට දැනුනා.

SPARKLES | PJM | FF [COMPLETED]Место, где живут истории. Откройте их для себя