08 🥂

173 47 20
                                    

හැමදාම උදේ හයට වැදෙන්න සෙට් කරලා තිබුණ alarm එක එදත් එක දිගට මොර දුන්නා. හරියට කලින් දවසෙ මොකුත් නොවුණ ගානට...

ඒත් වෙනදා තරම් වේගෙන් ඒක ඕෆ් කරන්න අමීලිට බැරි වුණේ වෙනදට වඩා ඇස් ඇරගන්න අමාරු බවක් දැනුන නිසා. හිමින් හිමින් ඇස් අරිද්දි තමයි අමීලි පියවි  සිහියට ආවේ. ඊයේ pub එකට ගිය බවත්, තමන්ගේ දැරිය හැකි සීමාව පැනපු බවත් අමීලිට මතක් වුණා. කවුරු හරි කෙනෙක්ව තමන්ව apartment එකට ගෙනත් දැම්මා වගෙත් හීනෙන් වගේ එයාට මතක් වුණා.

"oh mon Dieu (ඕ මෝන් ඩියු / oh my God) මම මොනාද ඊයෙ රෑ කළේ. " අමීලිට ඇත්තටම දෙවියන් සිහි වුණා. ඉක්මනට අත් දෙකෙන් තමන්ව පරීක්ෂා කරගත්ත අමීලි තමන්ගේ සියළුම වස්ත්‍ර නිසි තැන තියෙන බව දැන ගත්ත ගමන් සැනසුම් සුසුමක් පිට කෙරුවා. හමුවුණ කෙනා කවුරු වුණත්, තමන්ට අතක්වත් තියන්න නැතුව ඇති කියලා අමීලිට තේරුණා.

"attends une minute (ඇත්තෝන් මින්‍යුට් / wait a minute) මම මොනවා හරි පිස්සුවක් කළාද දන්නෙ නෑ ඊයෙ රෑ.. නැත්තම් ඇයි මට අතක්වත් තියලා නැතුව ගිහින් තියෙන්නේ .... එක්කෝ ඒ ආව කෙනා හොඳයි, එහෙම නැත්තම් මම හොඳ නාට්‍යක් රඟ දක්වලා....

"දැන් ඉතින් මොනවා කරන්නද?" අමීලි ඔලුවත් අත ගාන ගමන් ඇඳෙන් බැස්සේ වැඩට යන්න පරක්කු වෙන්න බැරි නිසා. දැනටමත් වෙලා තියෙන දේවල් හොඳටම ඇති.

"කමක් නෑ ඒ කවුරු වුණත් මට ආයි මුණ ගැහෙන එකක් නෑ." එහෙම හිත හිත අමාරුවෙන් නානකාමරයට ගිහින් ටබ් එක උණු වතුරෙන් පිරෙව්වා. තමන්ගේ ප්‍රියතම Flerus de France pure lavender body oilඑකන් වෙනදට වඩා වැඩි ප්‍රමාණයක් ටබ් එකට දැම්මේ හරියට කලින් දවසෙ රෑ තමන්ගේ සිරුරට ඇතුල් වුණ සියලුම දේවල් ඒකෙන් සෝදා හරින්න හිතාගෙන.

පැය බාගයක් ටබ් එකේ ගිලිලා හිටිය අමීලි, ලා දම් පාට බාත් රෝබ් එකත් ඇඳගෙන ඇවිත් තමන්ගේ ලියන මේසයෙන් වාඩි වුණේ ලියන්න දේවල් ගොඩක් හිතේ තිබුණ නිසා.

t'écrire Jimin journal එක අතට ගත්ත අමීලිට ඒ journal එක බැඳලා තියෙන ගැටය ලෙහා ගන්න අමාරු වුණා. මම කවද්ද මේ තරම් තදට මේක ගැට ගැහුවේ අමීලි කල්පනා කළා. තමන්ටම හිතින් බැන බැන ගැටය ලෙහපු අමීලි ජිමින්ට ලියන්න පටන් ගත්තා. ඊයෙ තමන් කරපු දේවල් සහ හැසිරුණ විදිය් ගැන දැන් තමන් දුක්වෙන බව අමීලි journal එකේ ලිව්වා. Jimin කියා දුන්න විදියට , ඒ කියන්නෙ self love එක්ක ඊයෙ තමන් හැසිරුනේ නැති එක ගැන අමීලි හදවතින්ම තැවුණා. ලියමන් ඉවර කරලා, වැඩට යන්න ඇඳුමක් තෝරන්න නැඟිටිනකොට තමයි අමීලිට දැනුනේ තමන්ගේ fluffy දම්පාට slippers දෙකට යමක් පෑගුණ බව. අමීලි බිමට නැවුනා...
මාස්ක් එකක්, කවරය කඩපු නැති. අලුත් මාස්ක් එකක්. ඒත් ඒක අමීලි දාන වර්ගය නෙවෙයි. අමීලි කවදාවත් කළු මාස්ක් දැම්මෙ නෑ. මේක කළු මාස්ක් එකක්.

SPARKLES | PJM | FF [COMPLETED]Where stories live. Discover now