Auction එකට ජිමින් එක්ක අමීලි ගියත් bid කරන්න ජිමින් ඉදිරිපත් වුණේ නෑ. ඒත් එයා එක්ක කතා කරලා ගිය වෙන කෙනෙක් Moët & Chandon වර්ගයේ champagne බෝතලයක් වෙන්දේසියෙන් bid කරලා ගත්තා. ඒ සියලු මුදල් සමාජ සේවා වෙනුවෙන් යොදවන නිසා, ඒ මුදල ගෙවන්න ඇත්තේ ජිමින් බව අමීලිට හිතුනා.
Auction hall එකට ගිය වෙලාවේ ඉඳලා එළියට එනකල්ම ජිමින් හිටියේ අමීලිගේ අතින් අල්ලගෙන.
දවල් වරුවම පැරීසියේ ඇවිදින්න යන්න හිතාගෙන හිටියත් ජිමින්ට හදිසි ඔන්ලයින් මීටින් එකක් තියෙන නිසා අමීලිගෙන් කලින්ම වෙන් වෙන්න වුණා.
"මම ඔයාට ලොකේශන් එකක් එවන්නම්, ඔයා හවස හය වෙද්දි එතනට එන්න. මම අනිද්දා ආයි යන්න ඕනෙ... ඒ නිසා අද රෑට අනිවාර්යයෙන් ඔයා එන්න."
"මම එන්නම්" අමීලි ඒ ලස්සන ඇස් දිහා බලාගෙන උත්තර දුන්නා.
"මම යන්නද... මට පරක්කු වෙනවා" ජිමින් කණගාටුවෙන් ඇහුවත් අමීලි ඒ ගැන එක දශමයක්වත් දුක් වුණේ නෑ. මොකද ඒ කැප කිරීම් කරපු නිසා එයාලා බෑන්ඩ් එකක් විදියට මේ මට්ටමට ආව බව අමීලි හොඳින් දැනගෙන හිටියා.
.
.
.
.
" chérie ඔයා හවස ගමනක් දා ගත්තද? අපි ෆැමිලි ඩිනර් එකකට යන්නනේ හිටියේ." අමීලිගේ අම්මා නෝක්කාඩු ස්වරූපයෙන් හවස එළියට යන්න සූදානම් වෙන අමීලි දිහා බලාගෙන කිව්වා."mère (mother) මම අද යන්නම ඕනේ... අපි හෙට රෑට අනිවාර්යයෙන් යමු" අම්මව තුරුල් කරගෙන කම්මුලට හාද්දක් දුන්න අමීලි ඉගිලුනේ ජිමින් එව්ව ලොකේශන් එකට.
ඒක ලස්සන හීනයක් වගේ...
කවදාහරි දවසක තමන් ආදරය කරන කෙනා එක්ක, ඉර බහින හැන්දෑවක, ලැවැන්ඩර් සුවඳ මුසු වුණ ඉටිපහන් දල්වගෙන, අලෝකමත් වුණ අයිෆල් කුළුණ දිහා බලාගෙන රතු වයින් බොන්න අමීලි දැකපු හීනය අද හැබෑවක් වෙන බව අමීලිට තේරුණා.
Splendid Etoile හෝටලයේ Eiffel tower view තියෙන suite එකක් තමන්ගේ staff assistant ට කියලා කලින්ම වෙන් කරගන්න ජිමින් හිතුවේ, ගත කරන්න ලැබුණ පැය කිහිපය අමතකම නොවන මතක වලින් පුරවගන්න හිතාගෙන.
"413, ට එන්න" ජිමින් අමීලිට කෙටි පණිවිඩයක් යැව්වා.
ඒ වෙද්දිත් තමන් ගේ හිතේ ඇඳිලා තිබුණ හිනය ජිමින් එක්ක සැබෑවක් වෙන්න යන බව අමීලි දැනගෙන හිටියා. Splendid Etoile හෝටලයේ නම අහපු ගමන් පැරීසියේ ජීවත් වුන අමීලිට ඒ ගැන තවත් විස්තර ඕනෙ වුණේ නෑ.
YOU ARE READING
SPARKLES | PJM | FF [COMPLETED]
FanfictionChampagne වීදුරුවක නැගෙන බුබුළු මතුපිටට ඇවිත් දිලිසිලා පුපුරලා යනවා. අමීලිට දැනුන ආදරෙත් ඒ වගේ ද.... 🥂bts pjm ff/sinhala/based in France 🥂simply inspired by a video in which pjm makes a face after a sip of champagne