වර්තමානය
අද තමන්ගේ උපන් දිනය කියලා අමීලිට මතක් වුණෙත් උදේම අම්මාගෙන් ලැබුණ කෝල් එක නිසා. මේ පාර එයාලා එක්ක රාත්‍රී භෝජනයකට යන්න වෙන්නෙ නෑ කියලා අමීලි කලින්ම එයාලට කියලයි තිබුණේ.
ඒත් තමන්ගේ vineyard එකේ මැනේජර් එවපු e mail එක නිසා අමීලි ගේ උපන් දිනය ශෝක දිනයක් වුණා. පහුගිය මාස දහය තුළ අමීලිට බලාගන්න බාර දුන්න වගා කොටස ඔවුන් බලාපොරොත්තු වුණ තරමට අස්වැන්න නොදුන් නිසා ඒ ගැන හේතු දක්වන්න කියලයි අමීලිට email එක ඇවිත් තිබුණෙ.
s'échapper (සෙ'ෂර්පෙ) [English meaning - break free] vineyard, අමීලි ගේ පළවෙනි vineyard එක.
උසස් අධ්‍යාපනය හමාර කරලා ඉල්ලුම් කරපු vineyard වලින් අමීලිව තේරුනේ මෙතනට. Vineyard එකට අදාලව සේවකයෝ දෙළොස්දෙනෙක් හිටිය මේ vineyard එකේ viticulture පිළිබඳ ඉගෙන ගත්ත අය හිටියේ අමීලි හැරුණම තව දෙන්නයි.
ඉතින් මිදි වගාව නියමිත ප්‍රමිතියට කරන එක එයාලගේ රාජකාරිය. අස්වැන්නේ ප්‍රමාණය සහ ප්‍රමිතිය මත තමයි වයින්, champagne සියල්ලකම හොඳ නරක තීරණය වෙන්නේ. ඒ වගේම තමයි අවසන් ආදායම තීරණය වෙන්නෙත් ඒ මත.
Vineyard එකේ අයිතිකාරයා Marcel Dominique, දර්ශීය ප්‍රංශකාරයෙක් කිව්වොත් වඩාත් නිවැරදියි. හිතේ තෙතක් නැති, කියන්න තියෙන දේවල් මූණටම දමලා ගහන වර්ගයේ කෙනෙක්.
ඒත් vineyard එකේ ප්‍රසිද්ධ රහසක් තිබුණා. Marcel අයිතිකාරයා වගේ පෙනී හිටියට ඒකෙ ඇත්තම අයිතිකාරයා එයා නෙවෙයි කියන එක.
ඒ කෙනා කවුද කියන එක කවුරුත් හරියටම දැනගෙන හිටියේ නෑ. Marcel ඒ ගැන කාටවත් කවදාවත් කියලත් නෑ. ඒත් මාස කිහිපයකට සැරයක් vineyard එකේ හරි මැද තියෙන bunglow එකට කෙනෙක් ඇවිත් යනවා කියලා හැමෝම දැනගෙන හිටියා.
ඒ කෙනා ආවම bungalow එකේ වැඩ කරන අයට නිවාඩු දෙනවා. ඒ එන කෙනත් එක්ක එයාගෙම house maids ලා සහ personal staff එකක් එනවා. ඒ කෙනා ආවත් කිසිම කෙනෙක් එක්ක කතාවට එන්නේ නෑ.
Vineyard එකේ වැඩ කරන අයට ඒ දවස්වලට bunglow එකට යන්න තහනම්. Marcel කියන්නේ එයාගේ යාළුවා එනවා කියලා. ඒත් Marcel ඒ දවස්වලට ඉන්නේ හිස ගිනි අරගෙන. එන්නේ යාළුවෙක් නම් දුම්මල වරම අතට අරන් හැමෝටම බැන බැන යන්නෙ ඇයි කියලයි හැමෝම කීවෙ.
මේ මාස කිහිපයකට සැරයක් ඇවිත් යන අත්භූත පුද්ගලයා ගැන හොයන්න කවුරුත් උත්සහ කළේ නෑ. ඒකට එක හේතුවක් වුණේ තමන්ගේ රස්සාව නැති වෙයි කියන බය. අනිත් හේතුව ඒ ප්‍රංශය... කවුරු කොහොම ආවා ගියත් ඒක අනෙක් අයට අදාල නෑ.
හැමෝම ඒ එන කෙනාට කීවේ fantôme (ෆන්තෝම්) [ghost] කියලා. මොකද ඒ තරම් ලස්සනට හැංගිලා ඉඳලා එයා යන නිසා. එයා ගොඩක් වෙලාවට එළියට බහින්නෙ රෑට. මුල ඉඳලම එත හිටිය කීප දෙනෙක් එයාව දැකලා තිබුණත් හොඳට ඇඟම වැහෙන්න ඇඳගෙන යන නිසා මූණ මොන වගේ ද කියලාවත් පෙනිලා නෑ.
අමීලිට මේ ගැන ලොකු උනන්දුවක් තිබුණෙ නෑ. අයිතිකාරයා කවුරු වුණත් ඒක තමන්ට අදාල නෑ කියලයි අමීලි හිතුවේ.
තමන්ට හැකි උපරිමයෙන් තමන්ට බාරදුන්න කොටසේ මිදි වගාව අමීලි බලාගත්තා. පසේ තෙතමනයේ සිට වායුගෝලයේ ආර්ද්‍රතාව පවා අමීලි හැමදාම පරීක්ෂා කළා. ඒත් ගිය වරට වඩා මෙවර අස්වන්නේ ප්‍රමාණය අඩු වුණා.
අමීලි හිතුවෙ නෑ මේ වගේ දේකට කරුණු දක්වලා උත්තර යවන්න වෙයි කියලා. හැම දෙයක්ම හරියට කළත් සොබාදහම සම්පූර්ණයෙන් තමන්ට පාලනය කරන්න බැරි බව Marcel ට නොතේරෙන්නේ ඇයි. මේවා මේ රස්සාවට සාමාන්‍යය දේවල් වුණත් අමීලිට එහෙම වුණ පළවෙනි වතාව. ඒ නිසා එයාට ඒක දැනුනා ටිකක් තදට.
අනිත් කාරණය දවස් තුනකට කලින් fantôme bungalow එකට ආව බව එයාලා දැනගෙන හිටියා. Marcel ඒ නිසා වෙනදට වඩා තරහින් සහ පීඩනයෙන්. අමීලිගේ කොටසේ අස්වැන්න යන්ත්‍රානුසාරයෙන් ලබා ගැනුනෙ fantôme ආව දවසෙමයි. ඉතින් එදා දවසම Marcel අමීලිගේ වැරදි හෙව්වා. මිදිවල පාට, ගිය අස්වැන්නට වඩා මෙවර අස්වැන්නේ වෙනස්කම්, දිගින් දිගටම වැරදි....
අමීලිගෙ සගයෙක් Marcel ළඟ නැති වෙලාවක් බලලා අමීලිට කිව්වේ, "fantôme ඇවිත් නේ , ඒකයි ඔය, එයාට පේන්න මෙයා ටිකක් වැඩියෙන් රඟපානවා. ගණන් ගන්න එපා" කියලයි.
මේ හැමදේම කල්පනා කර කර අමීලි වැඩට යන්න කලින් t'écrire Jimin journal එක අතට ගත්තේ තමන්ගේ දුක කියන්න පුලුවන් එකම කෙනා Jimin කියලා එයා හිතුව නිසා.
හිතේ තිබුණ හැමදේම, හැම දුකම අකුරු කරපු අමීලි දිග සුසුමක් පිට කරලා වැඩට යන්න සූදානම් වුණා.
තමන්ගේ සගයන්ගෙන් උපදෙස් අරන් Marcel ට උත්තරයක් යවන්නයි අමීලි හිතුවේ.
එදා දවස හුස්මක් වැටෙන වේගයෙන් ගෙවිලා ගියා. දවසේ වැඩ අවසාන වෙද්දි රෑ අටත් පහු වෙලා. වෙනදා කෙලින්ම අපාට්මන්ට් එකට ගියත් අද එහෙම බැහැයි කියලා අමීලිට හිතුනා......
A/n ඔන්න ඉතින් අමීලි කොහෙද යනවලු.... 😁😁 බලමු මොකද වෙන්නෙ කියලා....
YOU ARE READING
SPARKLES | PJM | FF [COMPLETED]
FanfictionChampagne වීදුරුවක නැගෙන බුබුළු මතුපිටට ඇවිත් දිලිසිලා පුපුරලා යනවා. අමීලිට දැනුන ආදරෙත් ඒ වගේ ද.... 🥂bts pjm ff/sinhala/based in France 🥂simply inspired by a video in which pjm makes a face after a sip of champagne