මාර්තු මාසෙ කොන්සට් එකට කල් ඇතුව සූදානම් වෙන අතරෙ තවත් රාජකාරි රාශියක් කරන්න නියමිත වුණ නිසාම ජිමින්ට දැනුනෙ වෙහෙසක්.
7 fates webtoon එකට අදාල රූපගත කිරීම්, artists made collection series එකට අදාල shooting එක්ක හැම දවසක්ම වේගයෙන් ගෙවුනා.
අමීලි USA වල ප්‍රතිකාර ආරම්භ කරන බව දැනගෙන හිටියත් ඊට කලින් එහි යන්න කිසිම විදියකින් වෙලාවක් හදාගන්න ජිමින්ට බැරි වුණා.
සගයෝ හය දෙනාම ඔහු ගැන දුක් වුණත්, කරන්න දෙයක් නැති නිසාම එයාලත් අසරණ වුණා.
.
.
.
.
" අමීලියා... ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා "" මොකද්ද ඒ?"
සුපුරුදු වීඩියෝ කෝල් එක අතරෙ ජිමින් කිව්වේ අමීලිට සර්ප්‍රයිස් එකක් දෙන්න හිතාගෙන.
එහෙම කියලා එයා දම්පාට hoodie එකක් කැමරාව ඉස්සරහට ඇල්ලුවා.
" oh mon dieu" අමීලිට හුස්මත් හිර වුණා වගේ දැනුනේ.
"මේ වචන විශේෂයෙන් ඔයාට ලීවෙ." ජිමින් එහෙම කියලා ඒ හූඩි එකේ ගහලා තිබුණ You never walk alone කියන වචන පෙන්නුවා.
" මම දන්නවා. මම තනියෙන් මෙහෙ ආවත් ඔයා හිතින් හැමදාම මගෙ ළඟ කියලා."
" කෝ අම්මටත් පෙන්නමු මේක" ජිමින් එහෙම කීවෙ අමීලි එක්ක අමීලිගෙ අම්මත් ඉන්නවා කියලා දැනගෙන හිටිය නිසා.
" ජිමිනා, මට ඔයාට මෙහේ විස්තර හැම එකම කියන්න බැරි වුණා. ඔයාට ගොඩක් දුක හිතෙයි කියලයි මම කීවෙ නැත්තෙ."
" ඒ කියන්නෙ?"
" මම ඉන්නෙ වෙනම රූම් එකක. විෂබීජ අවධානම නිසා වෙන කාටවත්ම ඇතුළට එන්න දෙන්නෙ නෑ. අම්මත් ඇවිත් ඈතින් ඉඳලා කතා කරලා යනවා."
" ඒ කියන්නෙ ඔයා ඉන්නෙ හිර ගෙදරක වගේද?"
" ටිකක් ඒවගේ."
" මට සමාවෙන්න අමීලි. මම නිසා මේ හැම දෙයක්ම"
" එහෙම කියන්න එපා. මේක කොහොමත් මට වෙන්න තිබුන දෙයක්. ඔයා හිටියත් නැතත්. ඒත් ඔයා නිසා මට මේ බෙහෙත් ගන්න පුලුවන් වුණා."
" මම ඉක්මනට එනවා ඔයාව බලන්න."
ඒ සංවාදය එතනින් නිමා වෙද්දි ජිමින් හිටියේ හැඬූ කඳුලින්. එතනට ආව ජින් පිටට තට්ටුවක් දාලා ජිමින්ට කිව්වෙ අමීලි වෙනුවෙන් ශක්තිමත් වෙන්න කියලා.
.
.
.
සතියකට පසුව අමීලිට තැපෑලෙන් පාර්සලයක් ආවත් නියමිත විෂබීජහරණය සිදු වෙන තෙක් ඒක අමීලි අතට දෙන්න ඔවුන් අකමැති වුණා. අන්තිමට ජිමින්ගෙ දම්පාට හූඩි එක අමීලි ඇඳලා බලද්දි තවත් සතියක්ම ගතවෙලා.
VOUS LISEZ
SPARKLES | PJM | FF [COMPLETED]
FanfictionChampagne වීදුරුවක නැගෙන බුබුළු මතුපිටට ඇවිත් දිලිසිලා පුපුරලා යනවා. අමීලිට දැනුන ආදරෙත් ඒ වගේ ද.... 🥂bts pjm ff/sinhala/based in France 🥂simply inspired by a video in which pjm makes a face after a sip of champagne